Yashodara pov
මන් දැන විනාඩි දහයක් විතර තිස්සෙ ඉදන් හෝන් ගහනවා තාම අපේ මාමා කාරයා එලියට ආවේ නෑ . අනේ මන්දා අර බලන්න ගිය කෑල්ල මූව එලොව යවලද කියලත් සැකයි දැන් නම්
Ennam ennam ban 10 min diipan
මගේ පෝන් එකට ආපු මැසේජ් එකත් එක්ක මන් බයික්කේ හැන්ඩ්ල් දෙකට බර දීලා ඔහේ දිවෙන පාර දිහා බලන් හිටියා ..
ආර්.. මට මතක් වෙන්නෙම අර ඩබල් බේසික ඇදුරු තුමාගේ මනමාල හිනාව . ඒව්ව් මතක් වෙනකොටත් නිකන් කිචි කිචි වගේ . හොදට හිටපු මාව මේ පැණි ඇඹලයෙක් ගානට ඇදලා දැම්ම උබට නම් හොදක් වෙන්න එපා ඩබේ ..
මදැයි කෙල්ලො ඉස්සරහත් ගණන් උස්ස උස්ස හිටපු යශෝදර අන්තිමට ඩබල් බේසික ඇදුරෙක් හින්දා ප්‍රතිපත්ති බිදලා දාලා වියපත් බඹරෙක්ට හදවත ලියලා දුන්නා.
මේ මිනිහා හෙන බයානකයි . හිනාවෙනුයි කතාවෙනුයි කදුලු ටිකයි පෙන්නලා නේ මේ අහිංසක මාව දැලේ දා ගත්තේ දෙන්න තියෙන්නෙ මූට දෙකක් .
ආයෙම ඊයේ රෑ අපේ පළවෙනි හාදුව මතක් වෙලා මට හිනා ගියා . මන් දබර ඇගිල්ලත් කටේ ගහගෙන ඒගැන හිත හිතා ඉන්නකොට හෙනයක් ගැහුවා වගේ මගෙ පිටට වැදුන පාරෙන් මන් මේ ලොකෙට සම්ප්‍රාප්ත උනා .
"මගෙ ඇඹල පුතානෝ ඇඹරිලා අහවර නම් අපි යමුද "
.
.
.
.
.
.ටක් ටක් ටක්
දොරට තට්ටු කරන සද්දෙත් එක්ක මන් ගිහින් කාමරේ දොර ඇරියේ මගේ ආගන්තුකයා පුදුම වෙනකොට .
" චූටි සර් කවදාවත් නැතුව උදේම නැගිටලා "
වෙනදට උදේ ට මාව ඇහැරවන්න දොරෙන් එහා පැත්තෙ ඉදන් දහාටසන්නියම නටන මිස්ටර් දිසානායක අද පළවෙනි පාරම තට්ටු කරනකොට මන් ඇහැරලා හිටිය නිසා මේ මොන ලෝක පුදුමයක් ද මේ වගේ කිව්වා ."වෙනසකටත් එක්ක අද කලින් නැගිටින්න හිතුනා මිස්ටර් දිසානායක "
ඒ වෙනස ට හේතුව ඊයේ රාත්තිරියේ ගිහින් මගේ නාකි බෝයිපෙන් ව දොයි කරලා උදේ පාන්දර ජාමේ ගස් බඩ ගාපූ එක කියලා මිස්ට දිසා දන්නවා නම් අද ඔෆිස් කෙසේ වෙතත් මෑන්ට හොස්පිට්ල් යන්න වෙනවා .