පොත් ටික වහලා දාලා පෝන් එකත් අතට අරගෙන බලන්කොට චේතා මිසින්
චේත් - Hotel ekatayanawaa hadissi wadakata
Uba kaapan
Me - hmm
චේතනලාට නුවර කොස්ස හින්න හොටෙල් එකක් තියෙනවා . අම්මයි තාත්තයි දෙන්න uk ගියපු නිසා ඌ ඉන්නෙ අපේ ගෙදර දැන් මාස කීපෙක ඉදලා. ඉතින් සමහර හදිස්සි වෙලාවල් වලට උන්න හිටපු ගමන් තාත්තා කෝල් කරලා කියපුවා චේත් ගිහිල්ලා ඒ වැඩ බලලා එනවා . සමහර දාට මාත් යනවා ඌ එක්ක එද්ස වගෙ . අද ඌ තනියම ගිහින් තියෙන්නෙ ක්ලාස් එක දෙන්නටම පාඩු කර ගන්න බැරි හින්දා .
චේත් නැති නිසා කන්නත් බෑ වගෙ . මයිලෝ එකක් බොනවා .
මයිලො එකත් කටේ ගහන් මම ගියෙ සරසවිය අස්සට. මන් වැඩිය පොත් කියවන කෙනෙක් නෙවේ හැබැයි මොකක් හරි විශේශත් වයක් තියෙන පොතක් නම් මන් ඒක ගන්නවා.
අද නම් එහෙම ගන්නයි කියලා විශේශ පොතක් රෙකමන්ඩ් ලිස්ට් එකේ තිබුනේ නෑ . කාලෙකින් රෙකමන්ඩ් උනෙත් නෑ. මන් පොත් ගනනෙත් පොත් කියවන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේ. අද මන් ආවේ කාලේ ගෙවා ගන්න.
පොත් පිස්සෙක්ට නම් මේක පාරාදීසයක් වගේ ඇති . මට ඉතින් එහෙම ලොකූවට ගානක් නෑ. මන් පොත් දිහා බල බල ගියා .
මංජුල සේනාරත්නගෙ දෙවෙනි ගැහැනිය , ජීවිතයෙන් මාස හයක්
මොහාන් රාජ් මඩවලගෙ නිල්කට්‍රොල් ලොවිනා ID කොලම්බු රැජින
ශමෙල් ජයකොඩිගෙ කුමර කොබෙයි වැනීසියේ බණ්ඩාර ප්‍රංශ පෙම්වතා
සන්නස්ගලගෙ අම්මා වස්සානය විවර්ණ කොලපාට ඇස් ම...
එක එක කතුවරුන්ගෙ පොත් පහු කරගෙන ගිහින් මගේ ඇස් පහු කරගෙන යන්න හදලාත් ආයෙම නතර කර ගත්තෙ සන්නස්ගලගෙ කොල පාට ඇස් පොත ගාව.
මට හිනා ගියා . අත කම්මුලට ගියා . මට මතක් උනේ එදා දැකපු කොලපාට ඇස් එක්ක කන රත් කරපු පාර .
" හරි ලමයි එහෙනම් ඊලග පොයින්ට් එක ලියා ගන්න "
මන් උන්නෙ ක්ලාස් එකේ . අරූ තාම ඇවිත් නෑ . ඩබල් බේසික ඇදුරු තුමා ක්ලාස් එක පටන් අරන් දෙවෙනි පොයින්ට් එක කියනකොට . මන් උන්නෙ කොල පාට ඇස් දිහා බලාගෙන . පලවෙනි පොයින්ට් එක ලිව්වත් දෙවෙනි එක නොලියා මන් පෙරලුවෙ සන්නස්ගලගෙ කොල පාට ඇස් වල පලවෙනි පිටුව.