36

882 168 13
                                    

ක්‍රීම් පාට තරමක් කොට ශෝට් එකකට සුදු පාට බැගි ටී ශර්ට් එකක් දාගෙන සන්ග්ලාස් දෙකකුත් දාගෙන දොරකඩ ලග හිටගෙන උන්න අක්කා දිහා චේතන උඩ ඉදලා යටටත් යට ඉදලා උඩටත් දෙපාරක් බැලුවා .

මෙහෙම බලලා මේක මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියයිදො කියලා හිතුනත් කොල්ලා පොඩි හිනාවක් දාලා දොර ලගින් අහකට උනා .

" ආරු !! අර පේපර් එකක් තියෙ "  කියලා කොල්ලවත් ඇදගෙන උඩට ගියා ගියා මයි දවල්ට කන්න කතා කරාම තමා ආයෙ පහලට ආවෙ .

සුද්දා නම් නංගි බබාව දෝත බදලම පිලි ගත්තා. අක්කා එක්කත් පොඩි එකීගෙ වැඩ ගැන කතා කර කර මායි ශේනුයි දවල් කෑම රෙඩි කරා.

"මේ..ලමයි දෙන්නා කව්ද ශේශ් " කොල්ලො දෙන්නා දිහා බලාගෙන අක්ක මගෙන් ඇහුවා.

"ස්ටුඩන්ට්ස් ල "

මන් ශේන් දිහා බලලා කියනකොට මන් දැක්කා ශේන් චේතනට මොනාදො ඇස් වලින් කියනවා  .

"ආහ් !! එක්සෑම් ළගයිනෙ නේද දැන් "

"ම්ම්"

"කෝ සුදු නෝනා . මෙහෙ එන්නකො දරුවො බයි කටක් කවන්න "

අක්කා කෑම මේසෙ ලගට කෙල්ලට කතා කරත් කෙල්ල එන්නෙ නෑ . කෙල්ලට නම් බඩගිනි නැතුව ඇති හොදයිස් ක්‍රීම් කප් එකක් ගිලලා නේ ඉන්නෙ .

"කමක් නෑ අක්කෙ . පොඩි එකී ඔහොම හිටපුවාවෙ . තව ටිකකින් මන් කවන්නම් ඔයා කන්නකො " ශේනු අක්කට කිව්වෙ නැත්තන් අද පොඩි එකීට කවන්න ගියොත් අක්කට කන්න වෙන්නෙ නැති නිසා . 

"චූටි දූ .. කෝ දොයියන්න . එපා   අපි ගෙදර ගිහින් දොයියමු "  අක්කා නිදි කිරන කෙල්ලවත් වඩාගෙන වාහනේට නැග්ගා .

"උබ ගිහින් එනවද " මන් ලගම හිටන් ඉන්න ශේනුගෙන්මන් ඇහුවා.

"අව්ලක් නෑ දීහන් යතුර" ඒ ගොල්ලො එහෙම පිටත් වෙලා යනකොට මන් ගියේ උදේ ඉදලා වැඩිය සබේට නාව උන් දෙන්නව හොයාගෙන .

"චේත් !! චේත් !! "

"ඕ අයියේ " කොල්ලා මගෙ සද්දෙට පඩි පෙලත් බැහැගෙන පහලට ආවා.

" එන්න තේ බොන්න "

"ආ..හා..අඩෝ ආරූ..පහලට වරෙ..න්..." කොල්ලා පඩි පෙල ලගින් ආයෙම උඩට එබිලා කෑ ගහනවා   .

ඒක දිග කතාවක් Where stories live. Discover now