35

877 159 23
                                    


"අඩේ ආරු ..උබේ බෙල්ලට මොකද වෙලා තියෙන්නේ "

චේතන ලව්ඩ් ස්පීකර එක දැම්මා වගේ කෑම මේසෙ ඉදන් උන්න යශෝ ගෙ බෙල්ල හරෝ හරෝ අහනවා..

යශෝදර මරන් කන සයිස් එකෙන් මගේ දිහා බලනකොට මන් කට කොනින් හිනාවක් දාලාඇයි කියලා අහන්න ඇහි බැමක් ඉස්සුවා..

"මන් දා බන් ඊයේ නිදාගෙන ඉන්නකොට මොකෙක් හරි සතෙක් කාලා "

ඊයේ මාත් එක්ක එක සිගරට් එක බෙදාගෙන බීපු කොල්ලා නෙවේ දැන් ඉන්නෙ  ..අර පරන පුරුදු යශෝදර මයි ..එයාගෙ පාඩුවෙ සද්ද නැති වැඩි කතා බහක් නැති කොල්ලා..

මන් හිනාවෙවි කන ගමන් හිතුවේ ඊයේ රෑ ගැන . මට ජීවිතේට අමතක නොවන රැයක් ඒක . මාව පුදුම වෙලාම මැරෙන්න ගිය සැනසීම පිරුනු රැය .
.
.
.flash back
"අද විතරයි " එයා තරවටු කරන විදියට ඇහුවා..

"අද විතරයි ..අද විතරයි .." මන් අත් දෙකත් උස්සලා එයාගෙ වචනෙට යටත් වෙනවා කියල පෙන්නන ගමන් කිව්වා.

.
.
.
.

"පොඩ්ඩක් එහාට වෙනවකො අස්සෙ රිංගන්නෙ නැතුව "

මන් මොකුත් කියන්නෙ නැතුව පොඩි සෙල්ලක්කරා හිනාවක් දාලා  උඩපෙලි අතට වැතිරිලා සිවිලිම දිහා බලාගෙනතව ඉන්න  එයාගෙ බෙල්ල අස්සට තව ටිකක් ඔලුව ඔබාගෙන ඉන වටේ අත් ඔතා ගත්තා  ..

"යෝ ..එහාට්ට වෙනවකො කෙල ගාන්නෙ නැතුව .." මන් කොල්ලගෙ බෙල්ල චුට්ටක් හැපුවම කොල්ලා ඇබැරෙනවා රැවුලත් ඇනිලා කිතිදත් කොහෙද මෑන්ට

"කෙල ගැවෙ නෑ රන් " මන් පොඩ්ඩක් එයා එක්ක හුරතල් උනා  ..

"කෝ අයියෝ එපා .. මන් යනවා හැබැයි "

මන් හැපුව තැන තොල් තියලා උරනකොට ආයෙත් එයා කේන්තියෙන් කෑ ගහනවා ..මගෙ අත එයාගෙ ඉණ වටේ හින්දා කොල්ලට එහාට වෙන්නත් බෑ. පොඩ්ඩක් කේන්ති ගිහින් ඒක ට නම් . කමක් නෑ පොඩ්ඩක් නේ .මැරෙන්නෙ නෑනේ.

"චුට්ටයි චුට්ටයි රන් .." ඒ ගමන කොල්ලා කට වහගත්තා මූට කියලා වැඩක් නෑ කියලා හිතලද කොහෙද ..

"පිස්සුද මන්දා ..පිසාචයෙක් ද "

"විකාර කරනවා.."

ඒක දිග කතාවක් Where stories live. Discover now