41

856 151 14
                                    


41
අරූ දොර ලගට වෙලා හිටගෙන නියපොතු කනවා.. ශේශාන් සර් ඉස්සරහා පිළේ පඩිය උඩ ඉදගෙන ඉන්නවා ඔහේ ඈත බලාගෙන  . මන් ලගට ගිහින් නළලට අත තියලා බැලුවා . තවත් ටිකක් ඇග රත් වෙලා .

"ඔය නියපොතු කන එක නවත්තපන් " චේතාට කියපු මම දැන් දොර ඇර ගන්නෙ කොහොමද කියලා හිත හිතා එහාට මෙහාට ඇවිද්දා.. දැන් අපි ඇවිත් පැය බාගෙකට කිට්ටුයි . ආපු පාරෙ මග දුරකුත් ආයෙම ගිහින් බැලුවා යතුර වැටිලා වත් ද කියලා ..ඒත් නෑ .. දොර කඩන්න විදියකුත් නෑ.. පරණ වලව් ටයිප් එකේ දොරවල් ගැන ආය කතා කරන්න ඕනේ නෑ නේ ..

වෙලාව දෙකට  හමාරට කිට්ටු යි . දැන් ඉතින් යතුරක් කපන එකෙක් ව හොයන් එන්න වෙනවා ..මන් කල්පනා කරනකොට ම වගේ ශේන් අයියත් වාහනේ වත්තට දැම්මා ..

"අනේ අයියේ .." ශේන් අයියා දොර ඇරගෙන බහිනවත් එක්කම අපෙ පගයා නහයෙන් අඩාගෙන් අත් දෙකත් දෙපැත්තට විදහගෙන ගිහින් ශේන් අයියගේ පපුව අස්සට රිංග ගත්තා..

හැනෙ අයියේ තමා..රෙද්ද

" මොකද බබා මේ "

"යතුර වැටිලා ඒයි "

"කොහෙද "

"දන්නෙ නෑ මිනිහෝ..දන්නව නම් ගිහින් අහුලන් එනවනේ "

අන්න අන්න අරූට පයර් උනා ..හිනා වෙන්න කාරණාවක් නෙවේ මේක තමා සංසාර ණය ගනුදෙනු ව

"ඒයි මේ මෙහෙ එනවකො " සුද්දා මගෙ ටී ශර්ට් එකෙන් ඇදලා කතා කරලා මාව ඇදගෙන ගියේ ගෙයි පිටිපස්සට .

"කොහෙද බන් යන්නෙ "

"මාව වඩා ගන්නවකො "

"මොන් හු.." තව ඩිංගෙන් පොඩි එකාට ජාතිය අමතනවා . ඇයි යකෝ මෙතන දොර ඇර ගන්න විදියක් නැතුව ඔලුව ගිනි අරන් ඉන්නව .මූ ඒ අස්සෙ මගුලක් කියනවා ..

"වඩා ගන්නවකො කියන එක අහලා "

"අනේ මන් දා සුද්දෝ උබත් "

"කකුල් හරියෙන් උස්සන්න "

මන් ඉතින් දනිස් දෙක හරියෙන් ඉස්සුවා ..

අපේ ගෙදර මැද කාමරේට හුලන් එන්න ජනේලෙට උඩින් තියලා තිබ්බ පොඩි හුලන් කවුලුව අස්සෙන් මොකක් හරි ගත්තා..ඒ කාමරේ සුද්දගෙ .. ඒ උනාට ඉතින් ඌ ඉදියේ අප්පච්චිගෙ කාමරේනේ ..

ඒක දිග කතාවක් Where stories live. Discover now