48

843 149 21
                                    

එයාට වැඩක් නෑලු . ඒ උනාට ඒ කතාව නතර කරන්නෙත් නෑ . මේ බොටමලා නම් අනේ මන්දා දෙයියනේ .හිනා යන්නත් එනවා . මෙච්චර සීරියස් සිටුවේසන් එකක් හිනා උනොත් පුතේ උබට මොනවයින් මොනවා වෙයිද දන්නෙ නෑ .

"ර.."

" බොරුවට වචන නාස්ති කරන්න එපා . මන් ඇස් දෙකෙන්ම දැක්කනෙ "

ඔව් ඔව් උබ දැකලා . එහෙනම් අහන් ඉන්නත් තිබුනනෙ රෙද්ද  මන් ඒකීට කනේ ඇගිලි ගහන්න කියපු  ඒවා ටිකක්ත් මගුල.

"බොරුවට බයිලා ගහන්නෙ නැතුව වරෙන් ඇදට . ඇස් දෙකෙන්ම දැක්කට වැඩක් නෑ උබ එක කනකින් වත් අහගෙන නෑනේ  "

මන් ඇදේ විට්ටමට කොට්ටයක් තියලා හේත්තු වුනා . ඊට පස්සෙ එයත් මේසේ උඩ තිබ්බ පොතක් අරගෙන ඇවිත් මගෙ එයා පැත්තෙන් ඉද ගන්න හදනකොට මන් උස්සලා අරගෙන මගෙ කකුල් දෙක ඈත් කරලා ඒ මැද්දෙන් ඉන්දගත්තෙ එයාගෙ පිට මගෙ පපුවට හේත්තු වෙන්න .

"ඔව් ඔව් මන් තමයි බයිලා ගහන්නෙ . මටත් මොකද එකාතකට . හහ් ."

"අයියෝ දරුවො මොකද අනේ මේ "

"ඇයි ඇයි ! මොකද ඔයා දැන් "

"නෑ නෑ මුකුත් නෑ " යකෝ මේකා එල්ලෙන්නම නෙ එන්නේ .රවාගෙන බලන්න බයෙත් බෑ . යක්ස පැටියෙක් වගේ .

"මුකුත් නැත්තෙ කොහෙද . වරෙම්කො බලන්න ආයේ මාව හපන්න " කොල්ලා ඒක කිව්වෙ හිමීට උනත් මට නම් හොදට ඇහුනා හැබැයි .

"ආහ් . ඇයි දැන් මට හපන්න බැයිද "

"බෑ තමයි  . අනික ඔයා මොකටද මාව හපන්නෙ . ගිහින් හපා ගන්නෙ එකයි ඇත්තෙ අර  අක්කණ්ඩි ව . "

කොල්ලා පොත පෙරන ගමන් මට සැර දැම්මා .

"මන් මස් වලට ආස නෑ . මන් ආස කටු වලට " කොල්ලගෙ කනට ලංවෙලා ඌ ට විතක් ඇහෙන ගානට මන් කිව්වෙ අන්තිමට කනත් පොඩ්ඩක් හපලා .

"මේ අහපන් යශෝදර . මට අක්කා නෙවෙයි කලීෆා ඇවිල්ලා මගෙ ඉස්සරහා හෙලුවෙන් උන්නත් මට වැඩක් නෑ  . මට උන්ව දැනෙන්නෙ නෑ . මට දැනෙන්නෙ මන් ආදරේ කරන එකාව විතරයි . මේලෝකෙ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා එකක් උන් ඕන එකෙක් එක්ක සෙක්ස් කරාට උන්ට ඒක දැනෙනවා . හැබැයි අනිත් සෙට් එක උන්ට සෙක්ස් ෆීල් වෙන්න නම් එතන ආදරෙත් තියෙන්න ඕනේ . තේරුනාද . "

ඒක දිග කතාවක් Where stories live. Discover now