පොතක් මොන වගේද කියලා තේරුම් ගන්න නම් කියවන්නම වෙනවා . අන්න ඒ වගේ තමයි මිනිස්සුත් . මන් මගෙන් එහා පැත්තේ ඉන්න රූපෙ දිහා බලාගෙන කල්පනා කරා.
පරිච්ඡේදයක් දෙකක් කියවලා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැහැ තමයි . හැබැයි මන් කියවපු පුංචි කොටසට හරියන්න ප්‍රමානයක් මන් එයාව තේරුම් ගත්තයි කියන්න පුලුවන් .
ශේශාන් කෙසේ වෙතත් මන්ධීර් අබේගුණවර්ධන කියන්නෙම පරිච්ඡේදත් අනු පරිච්ඡේද වලට වෙන් වුණ පොතක් .
සමහර තැන් හරි ලස්සනයි , ආදරණීයයි , සමහර තැන් හරි සංවේදී , සමහර තැන් හරි වලත්තයි ඒත් සමහර තැන් තිබුනා හිස්තැන් . ඒ තැන් වල තිබුනෙම හැගීම් දැනීම් වෙනුවට හිස් තැන් .
ආදරේ ..ඔයා එදා මට ආදරේ කියන්නෙ මොක්ද්ද කියලා ගොඩාක් ලොකු නිර්වචනයක් දුන්නා . හැබැයි ඒ නිර්වචනය දුන්නෙ ශේශාන් මිසක් මන්ධීර් නෙවෙයි . මන් මේකත් දන්නවා මන්ධීර් ආදරේ නිර්වචන කරන දවසට ඒක ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙයි . නෑ සමහරවිට මන්ධීර් වෙනුවට මන් ආදරේ නිර්වචන කරයි .
"මොනාද ඔච්චරටම කල්පනා කරන්නෙ යශෝදර "
එයා දිහා බලාගෙන කල්පනා කර කර හිටපු මන් දිහාවට ඇස් හරවලා ඇහුවේ ඇහිබැමක් උඩ ඇරලා .
මන් හිනා වුණෙ මට දෙන්න උත්තරයක් හොයා ගන්න බැරි උන නිසා .
" උඹ ඉතින් හැම එකටම හිනා වෙයන් . උඹට හැමෝම එක්ක වක්කඩේ කැඩුවා වගේ කියවන්න කටක් තියෙනවා . මන් ලගදි ගොලුවා වගේ "
ඒ වත්ත වට වෙලා තිබුන කෙටි තාප්පෙ ට පස්ස හේත්තු කරගෙන හිටපු මගෙ ඉණ වටේ එක අතක් දාලා අනිත් අතින් මගෙ එක අතකින් අල්ලලා ලගට ඇදලා ගන්න ගමන් එයා කිව්වා .
මෙච්චර වෙලා එයා උන්නෙ කෙටි තාප්පෙ උඩ අත් දෙක තියාගෙන ඈත බලාගෙන වෙනකොට දැන් එයා ඉන්නෙ තාප්පෙ උඩ බාගෙට වගේ ඉදගෙන මාව තුරුල් කරගෙන .
ඔයා වරදක් තමා කරනවා මහත්තයා. මේ කට ගැන දන්නෙ නැතුව වරදක් තමා කරනවා .
"ම්වහ්..!" එයා මගේ කම්මුලෙන් හාද්දක් තිබ්බා .
"කිස් කරන්නම් " එයා දිලිසෙන ඇස් වලින් මගේ ඇස් වලට එබිලා අහනවා .