52

814 147 34
                                    

නේවි බ්ලූ ට්‍රවුසර් එකට බැලැක් ශර්ට් එකක් ඇදලා කොන්ඩෙ උඩට හදලා ලාවට වැවුන උඩු රැවුලත් එක්ක  , කෙට්ටු උනත් පට්ටම හැන්ඩ්සම් කොල්ලෙක් මගෙ ඉස්සරහා හිටගෙන හිටියා .

මේක හීනයක් ද . මෙච්චර දවස් මම දැකපු හීන වගේම මේකත් හීනයක් ද .

" ඉතිං කොහොමද මිස්ටර් අබේගුණවර්ධන " කොල්ලගෙ කටහඩත් එක්කලා මම ගැස්සිලා අතට අත දුන්නා .

"යශෝදර විතානාරච්චි මිස්ටර් සේනානායකගෙ මුණුබුරා "

මන් බයන් බූත වෙලා වගේ අතත් අල්ලගෙන යශෝදර දිහා බලන් ඉන්න නිසාමද කොහෙද දිසානායක යශෝදරව අදුන්නලා දුන්නා .

"එහෙනම් අපි ප්‍රොජෙක්ට් එක ගැන කතා කරමුද මිස්ටර් අබේගුණවර්ධන " යශෝදර ඇහුවා   .

කාගෙ කව්ද කියලා මෙච්චර හරියක් නොදන්නවා උනත් යශෝදරව නම් මන් හොදට දන්නවා කියන එක මට කියන්න ඕනෙ උනත් මන් මගෙ අත ඇදලා අරගෙන සීට් එකෙන් වාඩි උනේ වේගෙන් ඇස් පිල්ලම් දෙක තුනක් ගහලා ඇස් වලට උනපු කදුලු වේලා ගන්න ගමන් . කදුලු නොආවා නම් තමයි ප්‍රශ්නේ . අවුරුද්දක් තිස්සෙ මැරෙන්න පණ අදින මිනිහෙක් වතුර ඉල්ලනවා වගේ මගේ හිත මගේ ඇස් යශෝදරව ඉල්ලුවෙ එහෙම එකේ එයා ඇත්තටම මන් ඉස්සරහා හිටගෙන ඉන්නකොට මොන වගේ හැගීමක් දැනෙයිද . මට ඕනේ උනේ කිටි කිටියේ බදා ගන්න උනත් . මට උබ නැතුව පාලු දැනුනා කියන්න උනත් මට සිද්ද උනේ මගේ සීට් එකෙන් වාඩි වෙන්න . මොකද එයාගෙ " මිස්ටර් අබේගුණවර්ධන " කියන වචනත් එක්ක මට තේරුනා එයාට මෙතන පෞද්ගලික දැන හැදුනුම් කමට වඩා ප්‍රොපෙශනල් වෙන්න ඕනා උනා කියලා .

" මේ අපේ සර් ගේ පලවෙනි ප්‍රොජෙක්ට් එක මිස්ටර් අබේගුණවර්ධන  jk ලත් එක්ක කරලා තිබ්බ ප්‍රොජෙක්ට් එක නිසා තමයි අපේ සර් ඒකට අබේගුණවර්ධන ගෙ කම්පැනි එක තෝර ගත්තෙ "

යශෝදර කරේ කට වහගෙන අහගෙන ඉන්න එක වෙනකොට මිස්ටර් දිසානායක මුලු මීටින් එක පුරාම කතා කරා . කොච්චර යශෝදර එතන නෑ කියලා හිතාගෙන වැඩේට අවදානය දෙන්න ඕනේ උනත් මගේ ඇස් දුවන්නෙම ඒ රූපේ ගාවට .

එයාට නම් ගානක් නැතුව පෝන් එක ඔබනවා . මන් මෙත්න ගිනි ගන්නවා ඒඅස්සෙඅර මනුස්සයා අතොරක් නැතුව කියවනවා .

ඒක දිග කතාවක් Where stories live. Discover now