18

954 170 7
                                    


ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි
ඉගිල යන්නට අර අදින් රණ තිසරු මනමත් වී නටයි ...

සිංදුව ඉවර වෙනකන් කකුලත් හොල්ල හොල්ල් අත් බැදගෙන අහන් ඉදියා..

" ම්ම් "

'ටොක් ටොක් ...' කාමරේ දොරට තට්ටුකරන සද්දෙට අපි දෙන්නම ඒ පැත්ත බැලුවා...

"අයියේ " ශෙනාල් සර් ගේ කටහඩ "ඔයාලා නිදිද " ...

" නෑ " ඩබේ කිව්වම දොරත් ඇරගෙන එයා ඇතුලට ආවා...

" ටිකකට පහලට යන් ...කට්ටිය පහල "

" ම්ම් "

ශෙනාල් සර්ට ම්ම් කියලා මුමුණපු ඩබේ නැගිට්ටා ...

" යශෝ යන් "

Wtf !!

යශෝ!!

මන් ඒ දෙන්නා පස්සෙන් ගියෙ මිදුලට ...

"Happy birthday කොල්ලො " මිදුලෙ තියෙන ගල් වලින් හදපු මේසේ ගාවට යනකොටම වගේ ශෙනාල් සර් මට සයිඩ් එකෙන් හග් එකක් දීලා කිව්වා...

ඊට පස්සෙ ඉතින් පෝලිමට සෙට් එකම විශ් කරා...එතකොට තමා දන්නෙ දොලහ පහු වෙලා  තමයි බේසික ඇදුරු තුමා අපිව පහලට එක්ක යන්න ඇවිත් තියෙන්නෙ ...

" හෙට උදේට කේක් කපමු බන් ...කලින් දැනන් හිටියා නම් මොනා හරි ලෑස්ති කරනවනෙ "

මන් හිනා වුණා .. මොන කේක් ද අප්පා මට ...

උපන් දිනෙ කියන්නෙ මට නිකන්ම නිකන් දවසක් විතරයි ඉතින් ...වෙනදට රෑ දොලහට චේතා විශ් කරනවා..උදේට තාත්තා විශ් කරනවා..ඒ වගේම නොවරදවාම අප්පච්චි කිරි බතක් හදලා කඩෙන් කේක් කෑල්ලක් අඅරන් එනවා ...දවල් වෙනකොට මතක තියෙන එකක් උන්නොත් ඔය මැසේජ් එකක් දාලා තියෙනවා එච්චරතමා ඉතින් ..

"කට්ටිය මොකෝ කියන්නෙ සිංදුවක් කියනවද නැත්තන් හෙට රෑටම සමරනවද " නේතන් අයියගෙ ලොකූ ඇහුවා..

" හෙට ..දැන් කට්ටියට මහන්සීනේ .."ඩබේ කිව්වා..

" ම්ම් හෙට මේ දෙන්නගෙ ගෙදරට කෝල් කරලා අයියා එහෙනම් කියන්න විස්තරේ "

"ම්ම් "

ඊට පස්සෙ අපි ආයෙම කාමරේට ආවා...කට්ටියම විශ් කරත් ඩබල් බේසික ඇදුරු තුමා විශ් කලේ නෑ කියලා මට මීඉටර් උනේ එතකොටයි ..

ඒක දිග කතාවක් Where stories live. Discover now