72

734 144 34
                                    

" මේ හැම දේම කරන්නෙ උබේම හොදට ..ඒ නිසා මොනා උනත් ඉවසලා හිටපන් තේරුනාද "

අපි හිටියේ ඉතලි වල ,  නයිට් කලබ් එකක් ඉස්සරහා හිටගෙන .මාමගෙ වචන එක්කලා මම අල්ලගෙන හිටිය සුද්දගේ අත මට මිරිකුනා .

රෙදි ලෑස්ති කර ගනින් කියලා අන්තිමට මාමා එක්ක ආවෙ මෙහෙට තමයි .හේතුවක් තාම මට කිව්වෙ නෑ .. මාත් ඔන්න ඔහෙ ඕන මගුලක් කියලා ඉන්නවා ඉතින් ටුවර් එකක් ආවා වගේ . මාමාගෙ මේ අමුතු අමුතු වදන් නැත්තම් එහෙම තමයි වෙන්නෙ . කොහෙද මේ මනුස්සයා එක්ක එන්න කලින්ම මගෙ ඔලුව අවුල් කරානේ .

ඇත්තටම මේ මනුස්සයා මොකාටද එන්නෙ . වෙන්න තියෙන බරපතලම දේ නම් අර මහ තැන මට දේපල දෙයි කියලා හිතලා දේපල තන්හාවෙන් මාව ඩිස්මිස් කරලා දාන එක තමයි . වෙන කියලා මගෙන් මේ මනුස්සයා මොනා කියලා ගන්නද .

නැත්තන් බැරි වෙලාවත් මේ මනුස්සයා සේසානයට කැමතී වත් ද , මන් කියන්නෙ අර එක බැල්මෙන් ලව් එකක් ඇති වෙලා , දැන් එයාට සේසානයට ලන් වෙන්න තියෙන එකම බාධකේ මම වගේ නිසා මාව ඉවරයක් කරන්න එක්කගෙන ආවද දන්නෙත් නෑ .

මන් ඇස් දෙක ලොකු කරගෙන මාමා දිහා බැලුවා . ඇත්තටම එහෙම වෙන්න පුලුවන් ද .

"ආයි ..!අයියේ මගෙ අත "

මනස්ගාත හිත හිතම මන් සුද්දගෙ අත ඕනාවටත් වඩා මිරිකලා .

ලංකාවේ ක්ලබ් වලට වඩා නම් ටිකක් වෙනස් . ටිකක් කියන්නෙ ඉතින් හොදටම .මියුසික් අතින් ගත්තත් ඇදුම් පැලදුම් ගත්තත් යම් යම් වෙනස් කම් තියනවා .

දැන් නම් හිතෙනවා අපරාදෙ මේ වගේ තැනකට සුද්දව එක්කරගෙන ආවේ කියලා . ගෙදෙට්ට වෙලා ෆිල්ම් එකක් බැලුවා නම් එකක් .මට මෙව්වා දකිද්දි අනිත්‍ය මෙනෙහි වෙනවා යකෝ.. කුණු කයවල් නේත මුන් මේ වන වනා ඉන්නෙ කියලා හිතෙනවා .

කොහොම හරි පැය දෙකක් වගේ අපි එතන හිටියට මාමා කිව්වා වගේ ඉවසලා ඉන්න ඕනේ මගුලක් නම් උනේ නෑ .

.
.
.
.
.

සීතලයි යකෝ.. සුද්දා තාම නිදි.. කොල්ලව නැගිට්ටන්න කලින් මන් අපේ රූම් එකේ තිබුන  බාතෲම් එකට ගියා . නැගිටින්න ඕනේ නැති අයත් නැගිටලා මන් හෙන කරදරේක වැටිලා ඉන්නේ ..

ඒක දිග කතාවක් Where stories live. Discover now