ඇස් පිහාටු හරි බරයි ..වටපිටාව හරි නිශ්ශබ්දයි..මන් අමාරුවෙන් ඇස් අරිනකොට මන් එකටම දැක්කෙ සුදුපාට සිවිලිමක් .. ඊටත් පස්සෙ ලේ බෑග් එකක් ..ආයෙමත් ටික ටික ඇස් පිය විලා යනකොට මට තේරුනේ මේ කාමරේ ඇතුලේ ඉන්නෙ මන් විතරයි කියන එක .
" දැන් නම් ලොකූ රිස්ක් එකක් නෑ යශ් ..හැබැයි මෙයාගෙ ඇග නම් හොදටම වීක් ..කෑම බීම ගැන සැලකිලිමත් වෙන්න වෙයි මීට වඩා."
මට ඇහුනේ කවුරු හරි කෙනෙක් කතා කරන හඩ වෙනකොට මන් හෙමින් හෙමින් ඇස් ඇරියා..කොච්චර වෙලාවකට පස්සෙද කියන්න නම් දන්නෙ නෑ ..හැබැයි මන් ආයෙමත් දැක්කෙ අර සුදු පාට සිවිලිම ..
"මිස්ටර් ශේශාන් ..දැන් ඔයාට කොහොමද "
අර කලින් කතා කරනවා ඇහුන මනුස්සයම මගෙන් ඇහුවා.." හෝ හෝ කලබල වෙන්න එපා ..තව ටික වෙලාවක් ඔහොම ඉන්න නැත්තන් ඔයාට කැරකැවිල්ල ගතියක් දැනෙයි "
මන් මුකුත් නොකියම නැගිටින්න හදනකොට එයා මාව ආයෙමත් නිදි කෙරෙව්වා..
" කැරකැවිල්ල ගතියක් නෑනේ දැනට "
මන් මොකුත් නොකියම ආයෙමත් සුදුපාට සිවිලිම දිහා බලා ගත්තා..
" හරි ඒකට කමක් නෑ ..යශ් හවස් වෙනකොට මෙයාව ගෙදර ගෙනියන්න පුලුවන් ..ඉතුරු ටික උබට බාරයි "
" හරි බන් තැන්ක් යු "
එයාලගෙ සංවාදෙ උවර වෙලා එක්කෙනෙක් රූම් එකෙන් එලියට ගියා..
" ශේශ් අයියේ !! මම ශේන් ගේ යාලුවා යශ් "
එයා කියන දේ අහන්න උවමනාවක් මට ඇත්තටම තිබුනේ නෑ . ඒත් ශේන් ගැන කිව්ව නිසා මන් ඒ කොල්ලා දිහා බැලුවා..
" අහන්න කලබල වෙන්න එපා ..වෙච්ච දේ උනා..දැන් ඒ ගැන හිතන්නෙ නැතුව ඉන්න "
" අනික මෙහෙන් ඩිස්චාජ් වෙලා ඔයා යන්නේ අපේ ගෙදර ..ඇත්තටම ශේන් තමයි කිව්වෙ ඔයා එහෙ ඉන්න එක හොදයි කියලා.."
ඒ කොල්ලා තව තව මොනාදෝ ගොඩක් දේවල් දෙඩෙව්වත් මන් ඒ හැමදේම අහන් හිටියේ නෑ ..මට ඇහුනේ එයා මානසික වෛද්‍යවරයෙක් කියන එකත් එයාගෙ මල්ලි මන් ගැන අහලා දුක් උන එකත් ගැන විතරයි ...