2 කොටස

412 76 14
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

°°°°°°°°°°°°°°°°°°°°°°°

සූසාන් ආන්ටි මාරු වෙනකන් ඉදලා මං ආයේ සේප් එකේ බැල්කනියට බඩගෑවා...


🐰 "ඒහ් ට්වීටි බර්ඩ් 🐦 ඔම්මා එනවා දැකලා මොකෝ මාරු උනේ අහ්....?"


🌸 "මාරු වෙන්නැතුව සූසාන් ආන්ටිගේ කෝච්චියට බෙල්ල තියන්න කියලද කියන්නේ මෝඩයෝ."


🐰 "ඔම්මා හෙන අප්සට් එකේ හිටියෙ බොලාගේ ඔම්මටයි , අර උද්ධච්ඡ බෝම්බෙටයි ගහපු බිත්තර උඹට වැදුනා කියලා...
උඹලැ ගෙදරින් අපේ ඔම්මාගේ අනුකම්පාවට,ආදරේට පාත්‍රවෙන එකම ජිවියා උඹනෙ...🙂
අනේ මන්දා උඹ මොන වසී කර්මයක් කරලද කියලා අපේ ගෙදර උන්ට."😅😅


🌸 "මට වෙන වැඩ නෑනේ බොලාලට වසී කර්ම කර කර ඉන්නවා ඇරෙන්න...😛 ඒක නෙවෙයි ස්නෝවියෝ මොකද්ද අද උදේ බිත්තර වලියේ නිධාන කතාව...? "😀😀


🐰 "උඹලැ ගෙදරින් බිත්තර වගයක් ඕඩර් කරලා බන් මාර්කට් එකෙන්... ඒත් ඒ සර්වන්ට්ට වැරදිලා ඒ ටික ගෙනත් දීලා තියෙන්නෙ අපේ ගෙදරට...
බොලාගේ ඔම්මා ඕක දැනගෙන උදේම අපේ මව් යානයෙන් ගේම ඉල්ලුවා... උඹ අපේ මව් යානේ ගැන දන්නවනෙ...

'ඉදා තියාගනින් උඹලගෙ කුණු බිත්තර'  කියලා අපේ මව් යානය බොලාගේ ඔම්මවයි , බෝම්බෙයි බිත්තර වලින් නාවලා."😂😂


🌸 "සැක්... අම්මපා මේ ඩබලට කෙහෙවලු පටලගන්නැතුව දවසක්වත් බෑනි😖 හැබැයි ඉතින් ඒකෙත් පොඩි ජොලියක් නැතුවම නෙවෙයි."😀😀


🐰 "ට්වීටි ඒක නෙවෙයි මේ පාර බිග් මැච් බලන්න සෙට් වෙනවද....?"


🌸 "උඹ ප්ලේ කරන මොන මැච් එකද කියපන් මං මිස් කරගත්තේ...?"

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now