[Warning: ⚠️ Mature content/ Abuse/ Smut warning ⚠️🔞🔞]
[මේ chapter එකේ ඉඳලා ටිකක් දිග smut එකක් පටන් ගන්නවා. This is definitely not suitable for age under 18. This is intense. So, I tell you, if you don't like it, then don't read it. You know my way of writing. If you're feeling uncomfortable DO NOT proceed any further! Just skip this.]
දැන් කොපමණ වේලාවක් මෙලෙස ගත වී හමාර ද? තමන්ට දැන් කළ හැකි කිසිවක් නැද්ද? තමන්ට යේන් සමග වචනයක් හෝ කතා කළ හැකි නම්? නමුත් ඔහුට කතා කර ගන්නටවත් නොහැකි ය. මේ සියල්ල ආරම්භ වූයේ මුදල් ගනුදෙනුවක් මත ය. එය මෙතරම් දුර දිග යා හැකි ද? මෙවැන්නක් තමාට අත් විඳින්නට සිදු වන තරමට එය දුර දිග යා හැකි ද? එය තවත් දරා ගන්නට ෂමිත්ට නොහැකි ය. නමුත් ඔහු මෙතරම් වෙලාවක් ඉවසාගෙන සිටීම යේන්ව ද පුදුම කළේ ය.
ෂමිත් මේ දැන් දැන් තමාට වෛර කරන බව පවසාවි යැයි යේන් සිතුවේ ය. නමුත් එවැනි කිසිවක් සිදු නොවිනි. යේන් ඔහුගේ ක්‍රියාවන් තව තවත් දුර දිග ගෙනියන්නට හේතු වූයේ ෂමිත්ගේ මේ හිතුවක්කාර හැසිරීම ය. මෙතරම් දෙයක් සිදු වෙද්දීත් ෂමිත්ගේ ඒ හැසිරීම ඔහු කුමක් බලාපොරොත්තුවෙන් කරන්නේ දැයි, තවමත් පාලනයෙන් තොර ව සිටි යේන්ට සිතා ගන්නට පවා නොහැකි විය.
මුලින් ෂමිත් මෙය නවත්වන ලෙස යේන්ගෙන් ඉල්ලුවත් කාලය ගත වන විට ඔහු එය ද නවත්වා දැමුවේ ය. ඔහුගේ මුවින් පිට වූයේ වේදනාත්මක කෙඳිරියක් පමණි. ඔහු මෙය දිගටම දරා සිටින්නට සිතන්නේ ද? එය සාමාන්‍ය කෙනෙකුට නම් කළ නොහැකි ය. තමාට එලෙස වද දෙන කෙනෙකුට වෛර නොකරන්නේ කෙසේ ද? යේන්ට මුහුණ දෙන්නට වූ ලොකුම ගැටලුව එය යි.
ඔහු මේ කරන්නේ ෂමිත්ට කරන්නට කියා ඔහුට සිතා ගත හැකි දරුණුම දෙය යි. තමාව ෂමිත්ට එපා කරවීම යේන්ගේ මුල් අරමුණ වුවත් මේ වන විට එය ඔහුගේ සිතේ කොනකවත් නොවී ය. යේන්ගේ මානසිකත්වය තව තවත් නරක අතට හැරීමත්, ෂමිත්ගේ මෙම යටහත් පහත් ස්වරූපයත්, එම අරමුණ අමතක කර, ඔහුගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගන්නා තැනට ඔහුව පත් කර තිබුණා කියතොත් නිවැරදි ය.
එසේ, තමන් මෙතරම් වේදනාවක් දෙන විටත් ෂමිත් එය විඳ දරාගෙන සිටීම, ඒ සියල්ල අතරින් යේන්ගේ කෝපය තව තවත් වැඩි කරන්නට හේතු විය. ඔහු, තමාගේ දෙකකුල්වලට මැදිව, මුනින් අතට ඇඳේ වැතිරී සිටින ෂමිත් දෙස බැලුවේ ය. ඔහුගේ කොන්දේ ලා දුඹුරු පැහැති සම ලා රත් පැහැයට හැරී ඇත. ඔහුගේ මුලු සිරුරම තෙත් වී ඇත්තේ වතුරින්දැයි දහඩියෙන්දැයි නිශ්චිතව කිව නොහැකි ය. යේන් තවමත් නාන කාමරයේ සිටි පෙනුමෙන් ම ය. ඔහු, ඔහුගේ ෂර්ටයවත් ගලවා නොතිබිණි. එය තවමත් වතුර බේරෙන තරමට තෙත ය.
කොට්ටයකට මුහුණ ඔබාගෙන සිටි ෂමිත් දෑතින් ම එය හැකි තරමක් තදින්, මිරිකා අල්ලාගෙන සිටින අයුරු යේන්ගේ නෙත ගැටිණි. ඔහුගේ මුලු සිරුරම විටින් විට ගැහෙයි. ඔහුගේ හුස්ම ගැනීමවත් නිසි ලෙස සිදු නොවේ. යේන් ඒ වන විටත් ඔහුගේ අවශ්‍යතාවය සපුරා ගැනීමේ මුල් පියවර යම් තරමකට සාර්ථක කරගෙන සිටියේ ය. ඔහුගේ යක්ෂයා තව තවත් ඇවිස්සෙන්නට හේතුව වූයේ ෂමිත් එය ද ඉවසා සිටීම ය. ෂමිත් ඔහුගේ හඬ නවත්වාගෙන සිටියේ කොට්ටයක් හැකි තරම් තදින් සපාගෙන යි.
ඇඳට එහා මේසය මත තිබූ, වේදනාව අවම කරන්නට භාවිත කරන ද්‍රාවණය සහිත බෝතලයේ මේ වන විට ඉතිරිව තිබුණේ අඩක් පමණි. නමුත් සැබැවින්ම එයින් එතරම් ප්‍රයෝජනයක් නොලැබිනි. මන්ද, මේ, ෂමිත් මෙවැන්නක් අත්දකින පළමු වතාව ය. පිරිමියෙකුට කාන්තාවක් මෙන් එවැනි වේදනාවක් විඳ ගන්නට අපහසු ය. එයින් තුවාල පවා සිදු විය හැකි ය. එය කෙනෙක්ට දිය හැකි දරුණුම ආකාරයේ වේදනාවකි. අවාසනාවට මෙන් යේන්ට කෙනෙකුට දැනෙන වේදනාව ගැන වැටහීමක් තිබුණේ ද නැත. අනෙක නම්, යේන් මීට පෙර කිසිම දිනෙක මෙවැන්නක් පළමු වතාවට අත්දකින, ෂමිත් වැනි ආධුනිකයෙකු සමග ගනුදෙනු කර තිබුණේ නැත.
කුඩා කල සිටම වේදනාව විනෝදයක් කර ගත් ඔහු අනෙක් අයට එය දැනෙන ආකාරය ගැන කෙදිනකවත් අවධානයක් යොමු කළේ නැත. ඔහු, ඔහුගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගන්නා විට පවා අනෙකාගේ වේදනාව ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වූයේ එනිසාවෙනි. එබැවින් ඔහු කළේ ඔහුට කැමති ඕනෑම ලෙසකට ඔහුගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීම පමණි.
කෙටියෙන් කියතොත් ඔහුට එයට සීමාවක් නොතිබිණි. ඔහු, ඔහුගේ භාෂාවෙන් කියතොත් 'ටෆ්' පුද්ගලයන් සොයා යන්නට හේතුව ඔහුගේ එම ස්වරූපය යි. හිතේ හැටියට ඔහුගේ අවශ්‍යතාවයන් සපුරා ගන්නට නම්, ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ රළු ස්වභාවය දරා ගත හැකි, එය වින්දනය කළ හැකි අයෙකු පමණි. එබැවින් ඔහු එක් රැයක් හෝ ගත කළා නම්, ඒ අදාළ කාර්යයයේ කෙළ පැමිණියන් සමග පමණකි.
එහෙත්, ෂමිත්ගේ සිරුරින් ලැබෙන ප්‍රතිචාරයන් හා තවමත් ඔහුගේ ගතින් දැනෙන තද ගතියෙන් යේන්ට යම් තරමකට හෝ ඔහුට දැනෙන වේදනාව අනුමාන කරන්නට හැකියාව තිබිණ. ඔහු අඩුම තරමේ ෂමිත්ගෙන් වේදනාත්මක කෑගැසීමක් හෝ බලාපොරොත්තු විය. නමුත් ෂමිත් කොට්ටය කටේ ඔබාගෙන එය වළක්වාගෙන සිටියේ ය. මේ හේතු සියල්ලම දැනටමත් විකාරකාරී ස්වරූපයක් ගෙන තිබූ මෙම තත්ත්වය තව තවත් බරපතල කරන්නට හේතු විය. සත්‍ය වශයෙන්ම කියතොත් ඔවුන් දෙදෙනාගේ වූයේ එකිනෙකාට පරස්පර විරෝධී ස්වරූපයන් ය. බැලූ බැල්මට ඔවුන් සැබැවින්ම එකිනෙකා හා නොගැලපේ.
ෂමිත් දෙස බලාගෙන ම යේන් එක් අතකින් ඔහුගේ කොණ්ඩය හිස පිටුපසට කර ගත්තේ ය. ඔහුගේ ඉවසීම පැන්නුවේ වෙන කිසිවක් නොව ෂමිත්ගේ මේ අනපේක්ෂිත හැසිරීම ය. එයින් යේන්ගේ හුස්ම ගැනීමේ වේගය පවා මේ වන විට අසාමාන්‍ය වී තිබිණි.
ෂමිත්ගෙන් තව දුරටත් කිසිදු ප්‍රතිචාරයක් හෝ නොවී ය. එය කුමක් හෝ හේතුවක් නිසා කෝපය අතරින් ම යේන්ව නොඉවසිලිමත් කර තිබිණි. තමාගේ දෙකකුල් අතරට සිර වී සිටි ෂමිත් දෙස තවත් තප්පර කිහිපයක් බලා සිටි ඔහු ක්ෂණිකව කොට්ටයක් අල්ලාගෙන සිටි ෂමිත්ගේ අතකින් ද ඇද ඔහුව උඩු අතට හැරෙව්වේ ය.
මේ වන විටත් ෂමිත් අනවශ්‍ය ලෙස වෙහෙසට පත් වී තිබීමෙන් ඔහුට එයට විරුද්ධ වන්නට කිසිදු ශක්තියක් නොතිබිණි. නමුත් ඔහු අනෙක් පස හැරෙන විටත් කටේ තිබූ කොට්ටය සපා ගෙන ම සිටියේ ය. යේන් එය ද වේගයෙන් පසෙකට ඇද දැමී ය. ෂමිත් තවමත්, ඔහුට දැනෙන වේදනාව අතරින් නහයෙන් පමණක් නොව කටින් ද හුස්ම ගන්නට වෙර දරමින් සිටියේ ය. ඔහුගේ විවර වී තිබූ මුවින් පිට වූ එකම හඬ වූයේ සියුම් වේදනාත්මක කෙඳිරිය යි. යේන් ඔහුව අනෙක් පස හරවන විටම ඔහු මුහුණ ආවරණය වන ලෙස මුහුණ හරහා ඔහුගේ අනෙක් අත තබා ගත්තේ ය.
"තව කොච්චර වෙලා කට වහන් ඉන්නද හදන්නේ ආ?! I'm literally fucking you right now! තාමත් ඇති නැද්ද?!"
යේන් කෑගැසුවේ අතකින් ෂමිත්ගේ මුහුණ ඉතා දැඩිව අල්ලා ඔහු දෙසට හරවමිනි. ඔහුගේ හඬ පෙරට වඩා වෙනස් බව ෂමිත්ට යන්තමින් වැටහිණ.
"කියනවා..."
යේන් ෂමිත් මුහුණ හරහා තබාගෙන සිටි අතින් ද අල්ලා ගත්තේ ය.
"මෙච්චර දෙයක් වෙද්දිත් මොන මගුලට ද කට වහන් ඉන්නේ?! ඇයි කියන්නැත්තේ මාව පේන්න බෑ කියලා?! ආ?? Don't you have a fucking limit? Or.... ඔයාටත් මට වගේ මුකුත් දැනෙන්නැද්ද??"
ඔහුගේ හඬෙහි පැහැදිලිවම වෙනසක් තිබිණි. පෙර වූ ඔහුගේ පාලනයෙන් තොර විකාරකාරී ස්වරූපය යම් තරමකට යටපත් වී ඇති සෙයකි. නමුත් එය කොයි මොහොතේ නැවත මතු වේ දැයි කිව නොහැකි ය. ෂමිත් ඔහු කියූ සියල්ල අසාගෙන සිටියේ ය. එවිට ඔහුට සිතුනේ දැන් තමාට කතා කරන්නට ඔහුගෙන් ඉඩක් ලබා ගත හැකි බව යි.
පෙර සිට ම යේන් එයට ඉඩ නොදුන්නත් දැන් ඔහුත් කුමක් හෝ නිසා පෙරට වඩා පාලනය වී ඇති සෙයකි. එය තමාට හිමි වන එකම අවස්ථාව විය හැකි ය. සිදු විය හැකි සියල්ල ම සිදු වී ඇති එකේ එයට උත්සහ කර බැලීමේ වරදක් නැත. එය දැන් ඇති තත්ත්වය තවත් බරපතල අතට හැරෙව්වොත් තමන්ට එය වුවත් කෙසේ හෝ දරා ගත හැකි බව ඔහු සිතුවේ ය.
".....න්... යේ....න්?"
ඔහු කතා කරන්නට උත්සහ කළත් නිසි ලෙස හඬවත් පිට නොවිනි. යේන් ඔහු මුහුණ වසාගෙන සිටි අත ද පහසුවෙන් ඉවත් කළේ ය. ඔහුගේ දෑස් රතු වී අඩවන් වී තිබිණි. ඔහුගේ කොණ්ඩය තවම තෙත ය. කොට්ටයකට මුහුණ තද කරගෙන සිටියත් ඔහුගේ මුහුණ තෙත ය. එසේ නම් ඒ වතුර ද? දහඩිය ද? නැතිනම් කඳුලු ද? ඔහුගේ දෑස් දෙස වරක් බැලුවා නම් එහි පිරී ඇති කදුලු දැක ගත හැකි ය. යේන්, හැඟීම් විරහිතව මොහොතක් ඔහු දෙස බලා සිටියේ ය. ඒත් සමග ඔහුට දැනුණේ මෙතෙක් වේලා ඔහුගේ මනසේ වූ කුමක් හෝ පීඩනකාරී හැඟීමක් එක්විටම යන්තමින් ගැස්සී ගියාක් වැනි අයුරකි. එයින් ඔහුගේ ඇහිබැමි පවා ක්ෂණිකව ගැස්සිනි.
"යේ...න්?..... යේන්?"
දැන් ෂමිත්ට යම් තරමකට හඬ පාලනය කර ගන්නට හැකි ය. නමුත් පාලනයෙන් තොර ඔහුගේ හුස්ම ගැනීමත් සමග ඔහුට නිසි ලෙස කතා කර ගන්නට නොහැකි ය. යේන් නිහඬව ම ඔහු දෙස බලා සිටියේ ය.
"....ට කියන්න දෙ...යක් තියෙනවා."
ඔහු මේ ලැබුණු ඉඩෙන් කුමක් හෝ කියන්නට එක දිගටම උත්සාහ දැරුවේ ය.
"දැංවත් අහනව.... ද?"
යේන් ඒත් නිහඬ ය. පෙර නාන කාමරයේ දී ත් ඔහු මෙය පැවසූ බව යේන්ට සිහි වූයේ එවිට ය. පුදුමය මෙතරම් දෙයක් සිදු වූ පසුවත්, මෙතරම් වෙලාවක් ගත වූ පසුවත් ඔහු එය ම නැවත පැවසීම ය. යේන්ගේ නිහඬතාවය තම පිළිතුර ලෙස ගත් ෂමිත් කතා කරන්නට පටන් ගත්තේ ය.
"මං.... මං.... එදා මෙහෙ ආවේ ඔයා එක්ක deal එකක්.... ගහන්න නෙවෙයි...."
ෂමිත් කියන්නට වූයේ යේන් දෙස බලාගෙන ද, කාමරයේ සිවිලිම දෙස බලාගෙන ද යන්න සොයා ගත නොහැකි වූයේ ඔහුගේ දෑස් අඩවන් වී තිබූ නිසාවෙනි. නමුත් යේන්ගේ හැඟීම් විරහිත දෑස් යොමු වී තිබුණේ ඔහු වෙතට ම ය.
"ඒවා. ඔක්කොම බොරු..... මං ආවේ ඔයා ඇයි මාත්.... එක්ක කතා කරන්නැත්තේ කියලා... බලන්න. එතකොට ඔයා කිව්වේ... deal එක ඉවර කරන්න ඕන.... කියල. මං ගෙදර ගිහින්.... හිතුවා.... හිතුවා... හිතුවා. මොකක්ද කරන්නෙ කියලා. මං හිතුවේ deal එක ඉවර... කරන්න තමා.... ඒත්.... මං දන්නෑ..... මං දන්නෑ! මට මේක ඉවර කරන්න ඕන්නෑ.... මට ඔයාව අතාරින්න ඕන්...නෑ. මට ඕනේ උනේ... deal එකක් හරි. මොකක් හරි.... කියලා ඔයා එක්ක ඉන්න...."
යේන් තවමත් නිහඬව ෂමිත්ගේ දෑතින් අල්ලා ගෙන බලා සිටියි.
"මං කාලේ ඉල්ල. ගත්තේ. මගෙ photo හොයා ගන්න.... නෙවෙයි. ඔයා එක්ක.... ඉන්න. ඔයාව ආයෙත් කලින්.... වගේ මං එක්ක ඉන්න... කැමති කරව ගන්න. කලින් ඔයා මං එක්ක හිටියේ.... අකමැත්තෙන් නෙවෙයි. ඔයා ඒක... enjoy කළා. මට ඕනේ උනේ... කොහොම හරි. හිත වෙනස් කරලා.... ආයේ ඒ ගානට ගන්න..."
ඔහු තප්පර කිහිපයකටක නැවතින. කෙල පොදක් නැති වන්නට වේළී ගොස් තිබූ උගුරෙන් එක දිගට කතා කිරීම අපහසු ය. නමුත් යේන් නැවත වෙනස් වන්නට පෙර තමන්ට කියන්නට ඇති දේ ඉක්මනින් කියා අහවර කළ යුතු ය.
"දවසක්..... ඔයාලගේ සීයා අපේ ගෙදර ආවා. ඇවිත් කිව්වා... ඔයාගෙන් අයින් වෙන්න. කියලා... සල්ලිත් දුන්නා.... මිලියන ගානක්. මං එයාගෙන් ඉල්ලුවේ සල්ලි නෙවෙයි.... කාලේ.... ඒත්. එදා අපි club එකට ගිය වෙලේ... ගහපු photos එයාට එවලා. ඒක බොරු. අපිව අහු කරන්න එවලා තියෙන්නෙ... අද මාව ඒ ගෙදරට එක්කන් ගිය.... වෙලේ. එයා කිව්වා... එයා ඔයාට කියපු ටික. ඔයාගේ අනිත් සීයගෙ. kidney එක දෙන්න ගිය මිනිහව. අයින් කළේ... එයාලු. එයා ඔයාට කියලා මට මොකක් හරි කරනවා කියලා.... මාව අත ඇරියේ නැත්තන්.... ඔයා මාව මග ඇරියේ.. ඒ නිසා.... එක එක ඒවා. කිව්වෙත් ඒ නිසා. මං දැනන් හිටියා.... මොකක් හරි වෙලා ඇති කියලා. ඒත්.... මං හිතුවේ නෑ එයා ඔයාට. මං ගැන කියලා. තර්ජනේ කළා.... කියලා...."
ෂමිත්ගේ කතාව ඇසෙද්දී යේන්ගේ තරමකට සන්සුන් වී තිබූ හුස්ම ගැනීම නැවතත් එන්න එන්නම වෙගවත් වන බව පෙනින.
"මං බලෙන් ඔයාගේ පස්සෙන් ආවට.... sorry.... ඔයාට කරදරයක් උනාට. වදයක් උනාට. sorry.... මං බැලුවේ. එහෙම වෙලා හරි ඔයාව මං එක්ක ඉන්න.... කැමති කරව ගන්න.... ඔයා කිව්වේ මං වෙනස් කියලා.... ඒ මං කලින් වගේ ඔයාව... ඈත් කරන්නැතුව.... ළඟින්... තියා ගන්න... I'm sorry! I'm sorry! I'm so sorry!"
කියාගෙන ආ දේ කියාගෙන යනවා වෙනුවට ඔහුගේ මුවින් පිට වන්නට වූයේ එකම වචන කිහිපයකි. ඒත් සමග ඔහුගේ සිතේ එතෙක් වේලා සිර වී තිබූ කුමක් හෝ වේදනාත්මක හැඟීමක් දිය වී ගියේ ඔහුගේ දෑස්වල රැඳී තිබූ කඳුලු ද ඒත් සමග ම දිය කර හරිමිනි. ඒවා, දැනටම තෙත් වී තිබූ ඔහුගේ කම්මුල් උණුසුම් කරමින් එක දිගටම මුහුණේ පහළට ගලා යන්නට විය.
"I'm sorry යේන්! .... I'm-"
ඔහුට නිරායාසයෙන්ම ඒ අතරමැදින් ඉකි ගැසෙන්නට ද පටන් ගත්තේ ය.
"Sorry... මං... ආයේ එහෙම කරන්නෑ..."
ඔහුගේ වචන පමණක් නොව ඒ මොහොතේ ඔහුගේ වෙව්ලන ස්වරය පවා යේන්ගේ ඇට මිදුළු දක්වා කිඳා බැස්සේ ය. යේන් නැවතත් ඔහුගේ පියවි මනසට මදින් මදින් ඇදී එන්නට වූයේ ඒත් සමග ය. තමා මෙය ආරම්භ කිරීමේ අරමුණ යේන්ගේ සිහියට නැගුනේ එවිට ය. නමුත් දැන් සිදු වී ඇත්තේ ඊට වඩා දුර දිග යාමක් බව ඔහුට වැටහුනේ ය. මේ සියල්ලෙන් ම ඔහු දැඩි සේ නොඉවසිලිමත් වන බව ඔහු දෙස බැලූ විටම පෙනින.
ෂමිත් ඔහුගේ හැඬීම යන්තම් පාලනය කර ගනිමින් නැවත කතා කරන්නට පටන් ගත්තේ ය.
"ඔයා මේක කරන්නේ.... මට ඔයාව එපා වෙන්න නං.... සීයා නිසා නං.... ඔයා මොකක් කළත් මං මේක අත අරින්නෑ! මෙච්චර දුර ඇවිල්ලත් මට එහෙම දෙයක් නිසා.... ඔයාව අත ඇර ගන්න බෑ.... අත අරින්න ඕනෙත් නෑ! ඔයා ඇත්තටම අකමැති නම්.... මං යන්නං. ඒත් මෙහෙම කරන්නේ... අනිත් අය නිසා නං. ඔයා මොකක් කළත්. මං යන්නෑ.... මාව යවන්න හදන්න එපා.... please...."
මේ වන විට ඔහුගේ වචන යේන්ගේ සංයමය පවා නැති කර තිබිණි. ඔහුට තව දුරටත් එලෙස නිසලව සිටීම පවා අපහසු විය.
"Please.... මං කියන ඕනේ විදියකට- අ-හ්! ආව්! ආහ්! ආහ්!"
සිදු වූයේ යේන් යන්තම් සෙලවීම පමණි. නමුත් ෂමිත්ට එයින් දරුණු වේදනාවක් දැනිණ. එයින් තිගැස්සී ගිය යේන් නැවත ක්ෂණිකව නිසල විය. එලෙස සිටීම ඔහුට ද අපහසු වී තිබිණි. නමුත් ෂමිත්ට වේදනාවක් නොදැනෙන්නට ඔහුට කිසිවක් කරන්නට ද නොහැකි ය.
නාන කාමරයේ දී තමන් කී සෑම වචනයක් ම ඔහුගේ සිහියට නැගිනි. ඔහු නිවසට පැමිණෙන්නට පෙර සිතාගෙන සිටියේ මෙය නොවේ. ඔහුට, ඔහු ගැන ම පසුතැවීමක්, කලකිරීමක් ඇති වන්නට වැඩි වේලාවක් ගියේ නැත. ඩැනියෙල් හා ෂෙහාන් තමන් ගැන පැවසූ සියල්ල ම සත්‍ය වන බව ඔහුට තේරුම් ගියේ ය.
"I won't move."
ඔහු ඉතා අඩු හඬකින් කීවේ ය. එයින් නැවතත් ෂමිත්ට කතා කරන්නට ඉඩ සැලසිනි. ඔහු කෙසේ හෝ කතා කරන්නට හැකි වන ලෙස ඔහුගේ හුස්ම පාලනය කර ගන්නට උත්සහ දැරී ය.
"අනිත් අය. කියන නිසා.... මාව යවන්න. එපා please...."
"ඇයි ඒ?"
දිගු වේලාවකට පසු යේන්ගෙන් පැනයක් නැගින. එයින් ෂමිත් හිස යන්තම් ඉහළට කර යේන්ගේ මුහුණ දෙස බැලුවේ ය.
".....ආ??"
"ඇයි ඔයාට මාත් එක්කම ඉන්න ඕනේ? මං එක්ක හිටියා කියලා ඔයාට හොඳක් වෙන්නෑ. මෙච්චර වෙලා තියෙද්දිත් ඇයි මේකෙන් අයින් වෙන්න බැරි? තව කාලයක් ජීවත් වෙන්න ඕන්නැද්ද?!"
එයට පිළිතුරු දෙන්නට පෙර ෂමිත් මොහොතක් කල්පනා කළේ ය. දැන් යේන් පෙර මෙන් නැත. ඔහු තමා සමග වෙනදා මෙන් කතා කරයි. පෙරට වඩා යේන්ගේ හැසිරීම ද වෙනස් වී ඇත. නමුත් එක් විටම එසේ වෙනස් වන්නට හේතුව කුමක්දැයි කියාවත් ෂමිත් දැන සිටියේ නැත. කුමක් වුවත් එය හොඳ සංඥාවකි. එවැනි මොහොතක උත්සහය අත් හරින්නේ ඇයි? ෂමිත්ට එය අපරාධයක් ලෙසින් හැඟිනි.
"මට.... බය යි...."
එය කිසිසේත්ම යේන් බලාපොරොත්තු වූ ආකාරයේ පිළිතුරක් නොවී ය.
".... බය යි? මොකට ද? මොකට ද බය?!"
පිළිතුරු දෙන්නට පෙර ෂමිත් කිහිපවතාවක් හුස්ම ගත්තේ ය. ඔහුට එලෙස සිටීම එන්න එන්නම අපහසු වන බව පෙනින.
"එහෙම. එක පාරක්.... හරි අත ඇරියොත්.... ආයේ ජීවිතේටම ඔයාව හොයා ගන්න බැරි... වෙයි කියලා. ඔයා වෙන රටකටවත්. ගියොත්.... මට ආයේ කවදාවත්. ඔයාව.... හොයා ගන්න වෙන්නෑ.... දකින්න වෙන්නෑ.... කතා කරන්න වෙන්නෙත් නෑ.... එහෙම වෙනවට. මං. කැමති නෑ...."
තප්පර කිහිපයක් නිහඬව ම ගත විනි.
"නොයෙල්?"
එය ඇසුණු සැනින් ෂමිත්ගේ දෑස් යේන් වෙත යොමු විය. යේන් නැවත සාමාන්‍ය අතට හැරෙන බවට තහවුරු කරන සංඥාව එය බව ෂමිත් වටහා ගත්තේ ය. ඔහුගේ ගතට කෙසේ වෙතත් සිතට දැනුණේ කියා නිම කළ නොහැකි තරමේ සහනයකි.
"ඔය කියන දේ... හොඳ සිහියෙන් ද කියන්නේ?"
"අ-ඇයි? එහෙම අහන්නේ? ඔව්..... ඔව්! .... හරියට. කතා කර ගන්න බැරි උනාට.... මට තාම ඒක. හිතන්න පුලුවන්. මං කියන්නේ.... හිතන දේ...."
එවර යේන් අපහසුවෙන් කෙල ගිල ගත්තේ ය.
"මගෙ mindset එක මොන වගේ ද කියලා තාම හිතාගන්න බැරි ද? ෂෙහාන් කිව්වා හරි. කවද හරි ඔයාට මොකක් හරි වෙන්නේ මං නිසා. දැනටත් ඒක... වෙලා... ඉවරයි. අනිත් අය මට පිස්සු කියන්නේ නිකන් නෙවෙයි. ඒක අදවත් තේරුනේ නැද්ද? මං පිළිගන්නවා. ඔයාට feelings එන විදියට මං හැසිරුන එක වැරදියි. ඒක දැනගත්ත වෙලාවේ ඉඳලා මං try කළේ ඔයාව ඈතින් තියා ගන්න. ඒ මෙහෙම වෙයි කියලා දන්න නිසා. ඔයාට යහතින් ඉන්න ඕනේ නම්.... මාව අත ඇරලා දාන්න."
ෂමිත් ඒ අයුරින් ම යේන් දෙස බලා සිටියේ ය. යේන් සිතන්නේ තමන් ඔහු කළ කී දේ ගැන නොදන්නා බව ද? එසේ නම් ඔහුට වැරදී ඇත. තමන්ව හරවා යවන්නට එය ප්‍රමාණවත් නැත. තප්පර කිහිපයක් නිහඬව සිටි ඔහු කිහිපවතාවක් අපහසුවෙන් හුස්ම ගෙන කෙල ගිල ගත්තේ ය. යේන්ට අසන්නට උවමනා වූයේ ඔහු පැවසූ දේට කැමැත්ත පළ කරන "හා" යන පිළිතුර ම පමණි.
"බෑ."
නමුත් සුපුරුදු ලෙස ඔහුගේ බලාපොරොත්තු සුන් වී ගියේ ය.
"Say that again."
තප්පර කිහිපයක නිහඬතාවයකට පසුව යේන් කීවේ ය.
"බෑ."
ෂමිත්ගෙන් පෙර පිළිතුර ම කිසිදු පැකිලීමක් නැතිව ලැබිණි.
"Again."
"බෑ."
ෂමිත් හිස ද දෙපසට සොලවා කීවේ ය. මෙතෙක් වේලා ඇඳේ ෂමිත්ගේ දෙපසින් දණහිස් තබාගෙන තම දෙපා මත හිඳගෙන සිටි යේන් ෂමිත්ගේ එක් කකුලක් ඔසවා අනෙක් පසෙට දමමින් ඔහුව නිසි ලෙස උඩු අතට හරවා ගත්තේ ය. ෂමිත්ට එයින් පවා දැඩි වේදනාවක් දැනිණි. නමුත් ඔහු එය පිටතට පෙන්වූයේ නැත. මේ වන විට ඔහුට යන්තමින් එයට හුරු වන්නට හැකි වී තිබිණි.
"Again."
"ආ?.... බ-බෑ!"
යේන්ගේ හැසිරීමෙන් ව්‍යාකූල වී සිටිය ද ෂමිත් පිළිතුර ලබා දුන්නේ ය.
"You sure?"
"Sure! 100% sure! බෑ කියන්නේ බෑ! අතාරින්න බෑ!"
ඒ සැනින් යේන් පහතට නැවී ෂමිත්ගේ ඉන වටා අත යවා ඔහුව ඔසවා තම උකුල මතට ගත්තේ ය. එය ෂමිත් තුන් හිතකින්වත් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිචාරයක් නොවේ. එයින් ඔහුට දැනුණු වේදනාව පෙර මෙන් දෙතුන් ගුණයකි. ඔහුට නිරායාසයෙන්ම කෙඳිරි ගෑවින. ඔහුගේ දෑත් ඉබේටම යේන්ගේ ගෙල වටා එතිනි. කෙලින් වී සිටින්නට අපහසු නිසාවෙන් ඔහු සිටියේ යන්තම් වකුටු වී, හිස ද පහතට හරවාගෙන ය. ඔහු හුස්ම අල්ලමින් යේන්ගේ උරහිස මත හිස තබා ගත්තේ ය.
"කියන්න තියෙනව කිව්වේ එච්චර ද?"
"ආ? හා..... අ.... ඕ.... ආ. නෑ! නෑ තව.... තියෙනවා!"
එවර ඔහුට කියන්නට සිතා සිටි දේවල් පවා අමතක වීගෙන යන අයුරක් පෙනින. යේන් නිසලව සිටියත් ෂමිත්ගේ මුවින් දිගටම සියුම් කෙඳිරියක් ඇසිණ. නිවැරදිව කියතොත් ඔහු සිටියේ යේන්ව බදාගෙන ය. ඔහුගේ දෙකකුල් යේන්ගේ ඉන දෙපස ය. ඔහු හැඳ සිටි කලිසම ද තවමත් ඔහුගේ දෙකකුල් අග ය. යේන් තවමත් නාන කාමරයේ සිටි ආකාරයෙන්ම ය. එවැනි මොහොතක එය ඔවුන්ට ගෙන දුන්නේ තරමක අපහසුවකි. නමුත් එවෙලේ හැඳ සිටින ඇඳුම්වලට යේන්ගේ අවධානය යොමු නොවී ය.
"ඒ ටික මං මේ කියන ටිකට පස්සේ කියන්න. එතකොට ඒ වෙලාවේ ඔයාට decide කරන්න පුලුවන් මොකක්ද කරන්නේ කියලා."
ෂමිත් තවත් මදක් තද කර යේන්ව බදා ගත්තේ ය. ඒ වැටෙයි කියා ද නැතිනම් වෙනත් අපහසුවක් නිසා ද යන්න යේන්ට සිතා ගත නොහැකි විය. නමුත් ඔහු එයට විරුද්ධ වූයේ නැත. ඔහු ෂමිත්ට පහසු වන ලෙස, තම දෙකකුල් මත ම හිඳගෙන, එක් අතක් ෂමිත්ගේ ඉන වටා යවා, අනෙක් අත ෂමිත්ගේ දකුණු කලවය යටින් තබාගෙන ඔහුව අල්ලාගෙන සිටියේ ය.
යේන් මෙලෙස හැසිරෙද්දී ෂමිත් ඔහුව අත් හරීවි ද? ෂමිත් සොයන්නේ ඔහුගේ මේ ස්වරූපය ම ය. ඔහුගේ දැන් හැසිරීම පෙර දින තම නිවසේ දී සිටි කෙනාගේ හැසිරීමට සමාන ය. ෂමිත්ට අවශ්‍ය වූයේ යේන්ගේ මෙම ස්වරූපය නැවත මතුපිටට ගන්නට ය. ඔහු දැන් කුමක් කීවත් එයින් සිදු වන්නේ ෂමිත් තව තවත් ඔහු වෙත බැඳීම බව යේන්වත් දැන සිටියේ නැත.
"මං කියන දේ තේරෙනව ද?"
යේන් ඇසී ය.
"ම්."
යේන්ගේ උරහිස පිටුපසින් හිස තබාගෙන, දෑස් පියාගෙන සිටි ෂමිත්ගෙන් මලානික, ගොරහැඬි පිළිතුරක් ලැබිණි. සුසුමක් පිට කළ යේන් කතා කරන්නට විය.
"කොච්චර try කළත් time එකක් එනවා ඔයාට මාව control කරන්න බැරි. අද උනෙත් ඒක. මං කලින් කිව්වේ මං stress උනාම මගේ moods instantly change වෙනවා කියලා. ඒ වෙලාවට මං කරන කියන දේවල් ගැන මුකුත් guarant කරන්න බෑ. ඒ මගෙ.... හැටි. මං දන්නෑ ඒකට මොකක් ද කියන්නේ කියලා. එදා ඔයාලගේ ගෙදර දී.... අර මිනිහෙක් fake gun එකක් අරන් ආව වෙලේ, මං ඒක දැනගෙනත් ඔයාට නොකිව්වේ ඔයාගේ reaction එක බලා ගන්න ඕන උන නිසා. ඒක real gun එකක් උනත්.... මං හිතන්නෑ ඒ වෙලාවේ මං වෙන විදියකට හැසිරෙයි කියලා. ඒ වගේ වෙලාවල එහෙම දේවල් කරන්න එන thoughts මට නවත්ත ගන්නත් බෑ. සමහර විට ඒ... මං ඒ කාලේ ඉඳලම එහෙම නොකරපු නිසා වෙන්න ඇති. හරියට නිකන්... මට මොකක් හරි දේක risk එකක් experience නොකර තේරුම් ගන්න අමාරුයි වගේ. ඒ කියන්නේ.... මං dangerous මොකක් හරි දෙයක් කරලා බලනකන් ඒකේ result එක මට කොයි වගේ දැනෙයි ද කියලා හිතා ගන්න අමාරු යි. ඒ නිසා මං ඒ තප්පරේ කරන්න හිතෙන දේ කරනවා. ඒක දැන් මට පුරුද්දට ගිහිල්ල ද කොහෙද. මට දැන් ඒක fun එකක් වෙලා තියෙන්නේ. තුවාලවල pain එක දැනෙන්නැති නිසා මට ඒ result එක කොයි වගේ ද කියලා imagine කර ගන්න අමාරුයි. ඒක අනිත් අය ඉන්න තැන්වලත් ඒ විදියටම වෙනවා. එදා කළෙත් ඒක ම යි. ඒ වගේ දෙයක් අදත් උනා. අර මිනිහා ඔයාගේ බෙල්ලට පිහියක් තිබ්බ වෙලාවේ මං ඒකට හරියට react කළේ නෑ. ඉස්සරහටත් එහෙම දේවල් ඕනේ තරම් වෙන්න පුලුවන්....."
ෂමිත්ගෙන් කිසිදු හැල හොල්මනක් නැත. ඔහු සිටින්නේ අපහසුවෙන් වුවත් දැන් ඔහුගේ හුස්ම ගැනීම යම් තරමකට පාලනය වී ඇති බව පෙනින. ඔහුට දැන් පෙර මෙන් වේදනාවක් නොදැනෙන බව යේන් සිතුවේ ඒ නිසාවෙනි. නමුත් ඔහුගේ ඒ නිගමනය සැබැවින්ම වැරදි ය.
"මං කියන දේ අහගෙන ද ඉන්නේ?"
ඔහු නැවත වරක් ඇසී ය.
"හ්ම්."
ෂමිත් යන්තම් හිස සොලවා කීවේ ය. සුසුමක් පිට කළ යේන් නැවත කතාව පටන් ගත්තේ ය.
"ඊළඟට... ඔයාගේ තාත්තා."
ඔහු කියන විටම වැසී තිබුණු ෂමිත්ගේ දෑස් ක්ෂණිකව විවර විනි.
"හරියට ම කියනව නං... එයාව හිරේ යැව්වේ මං. ඔයා එදා කිව්වේ තාත්තා ඔයාලට මුකුත් කරන්න හැදුවේ නෑ කියලා. මං එතන හිටියේ නැති උනත් ඒ කතාව හරි ඇති. මං ෂෙහාන්ව යැව්වේ ඔයාලගේ තාත්තව හරියටම ඒකට පටලවන්න. ෂෙහාන්ගේ job එක උනේ එයාව මරන්න try කළා වගේ situation එක හදන එක. ඒකට මං එයාට ගෙව්වේ... එයාගේ තුවාලේ හැටියට. එයා වැඩේ හරියට කළා කියන්න මට තියෙන එකම evidence එක ඒක. අනික, ඒක මට normal දෙයක් නිසා අනිත් අයට ඒක කොහොම feel වෙනව ද කියන්න මං දන්නෑ. ෂෙහානුත් ඒකට කැමති උන නිසා මං එයාට ගෙව්වා."
කතා කරමින් ම යේන් තවත් මදක් ෂමිත්ව ඔසවා අල්ලා ගත්තේ ය. එයින් ද ෂමිත්ට කෙඳිරි ගෑවිනි. නමුත් ඔහු යේන්ව යන්තමින්වත් ලිහිල් කළේ නැත.
"ඊළඟට අද. මං එහෙම කරන්න plan කරන් ආවේ නෑ. මං දැනන් හිටියේ නෑ... එතන කී දෙනෙක් ඉන්නව ද කියලවත්. මං එද්දී base ball bat එකක් අරන් ආවේ ඒක ඔයාට දෙන්න. මට boxing practice එක තියෙන නිසා මට එහෙම දෙයක් එච්චර ඕනේ වෙන්නෑ. මට එහෙම දේකට fists ඇති. අනික ටික දෙනෙක් හිටියොත් මට කීයටවත් ඒ ඔක්කොටම ගහලා දාන්න බෑ. මං දන්නේ boxing විතරයි. මට වෙන proper training එකකුත් නෑ. එතකොට ඒ වෙලාවේ ඔයාගේ අතට මොකක් හරි දුන්නොත්... එදා ඔයාලගේ ගෙදරදී වගේ... ඔයාට ඒකෙන් ඔයාව defend කර ගන්න පුලුවන්. ඒකයි මං base ball bat එකක් අරන් ආවේ. ඒත්..... පළවෙනි එකාට ගැහුවට පස්සේ. මං හිතුවට වඩා මට ඒක අල්ලලා ගියා. I enjoyed it. අනික, මට එයාලට දැනෙන දේ කොයි වගේ ද කියලා හිතා ගන්න බෑ. මට හරියට දැනෙන්නෙත් scar එක ගාවින් එන pain එක විතරයි. ඒකත් දැනිලා දැනිලා දැන් හුරුයි. ඒ නිසා මට ඒකට limit එකක් නෑ. කවද හරි මගෙ අතින් කවුරු හරි මැරුණත් මං පුදුම වෙන්නෑ."
ඔහු හිස යන්තම් හරවා තමාව වැළඳගෙන සිටින ෂමිත් දෙස බැලුවේ ය.
"මේ දැන් උනත්.... ඔයාට දැනෙන pain එක කොයි වගේ ද කියලා මට හිතා ගන්න බෑ. Past experience වලින් මට ඒක යන්තං තේරුම් ගන්න පුලුවන්. ඒත්.... මට ඒක හරියට තේරෙන්නැති නිසා.... කෙනෙක්ට... නෑ. ඔයාට. කරන්න පුලුවන් දේවල්වල limit එකක් නෑ. අනික ඔයා දෙයක් ලේසියෙන් එලියට පෙන්නන්නෙත් නෑ. දැන් ටිකකට කලින් උනත් ඔයා අර කොට්ටේ හපාගෙන සද්ද බද්ද නැතුව හිටියා. ඕක මාත් එක්ක ඉන්නැද්දි කරන්න පුලුවන් නරක ම දෙයක්. ඔයා මාත් එක්ක හිටියොත්.... එක්කො අපේ family එකේ කෙනෙක් නිසා මොකක් හරි වෙනවා. නැත්තන් මගෙ අතින් මීටත් වඩා මොකක් හරි වෙනවා."
ෂමිත් තවමත් නිහඬ ය.
"තේරෙනව ද මං කියන දේ? I admit. You're tough. මෙතෙක් කල් මට හම්බු උන tough ම man. Even that has limits. But.... I don't."
යේන් නිහඬ වීමත් සමග ඇසුනේ ෂමිත් හුස්ම ගන්නා හඬ පමණි. ඔහු කිසිවක් කියන්නට උත්සහ කරන බවක් නොපෙනින. මද වේලාවක් ඔහුගෙන් පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටි යේන් කතා කළේ ය.
"Decide කළා ද?"
"ඔව්."
එයට යේන් සිතුවාටත් වඩා ඉක්මනින් පිළිතුරු ලැබිණි.
"Sure?"
"ඕව්. ඔයා ඔය ටික කිව්වට.... ඒ හැමදේම වගේ මං දැනගෙන හිටියේ...."
"අ-ආ?!"
යේන් හිස හරවා ෂමිත් දෙස බැලුවේ ය. නමුත් ෂමිත් හිස ඔසවන්නට උත්සහ කළේ නැත.
"ඕවා දැනගෙන තමා..... මං ඔයාව අතාරින්නෑ කිව්වේ. ඒකේ වෙනසක් නෑ. මට ඔයාව අතාරින්න බෑ. අතාරින්න ඕන්නෑ. මං දන්නෑ ඔයාට මොකක්ද.... මං ගැන හිතෙන්නේ කියලා. ඒත් මට.... මං දන්නෑ.... මට ඔයා වගේ කෙනෙක් ජීවිතේට හම්බු වෙලා නෑ.... ඔයා.... මාර යි."
මේ සියල්ලම මැද යේන්ගේ මුහුණේ එවර ඇඳී ගියේ ප්‍රශ්නාර්ථයකි. දෙයක් පැහැදිලි කරන්නට ෂමිත් එතරම් දක්ෂ නැති බව ඔහුට සිතිනි.
"ඔයා.... මට නං.... මං දන්නෑ අනිත් අය ගැන.... ඒත් මට නං ඔයා.... අ.... "
ඔහු කියන්නට කුමක් හෝ කල්පනා කරන බව පෙනින.
"Perfect!"
______________________
You see guys.... this what amusing about humans. They are complicated, mysterious, naive and most of the time, stupid. That's why I want to dug deep into people's minds. You know my writing. When I write, I write everything. So this isn't over yet. Hope you're ready for more! 😶😌🤫
And thank you my friends! 😁🖤🤍❤️💯