The Deathtrap

By Sharongege

226K 39.8K 7.6K

"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා... More

1 පරිච්ඡේදය
2 පරිච්ඡේදය
3 පරිච්ඡේදය
4 පරිච්ඡේදය
5 පරිච්ඡේදය
6 පරිච්ඡේදය
7 පරිච්ඡේදය
8 පරිච්ඡේදය
9 පරිච්ඡේදය
10 පරිච්ඡේදය
11 පරිච්ඡේදය
12 පරිච්ඡේදය
13 පරිච්ඡේදය
14 පරිච්ඡේදය
15 පරිච්ඡේදය
16 පරිච්ඡේදය
17 පරිච්ඡේදය
18 පරිච්ඡේදය
19 පරිච්ඡේදය
20 පරිච්ඡේදය
21 පරිච්ඡේදය
22 පරිච්ඡේදය
23 පරිච්ඡේදය
24 පරිච්ඡේදය
25 පරිච්ඡේදය
26 පරිච්ඡේදය
27 පරිච්ඡේදය
28 පරිච්ඡේදය
29 පරිච්ඡේදය
30 පරිච්ඡේදය
31 පරිච්ඡේදය
32 පරිච්ඡේදය
33 පරිච්ඡේදය
34 පරිච්ඡේදය
35 පරිච්ඡේදය
36 පරිච්ඡේදය
37 පරිච්ඡේදය
38 පරිච්ඡේදය
39 පරිච්ඡේදය
40 පරිච්ඡේදය
41 පරිච්ඡේදය
42 පරිච්ඡේදය
43 පරිච්ඡේදය
44 පරිච්ඡේදය
45 පරිච්ඡේදය
46 පරිච්ඡේදය
47 පරිච්ඡේදය
48 පරිච්ඡේදය
49 පරිච්ඡේදය
50 පරිච්ඡේදය
51 පරිච්ඡේදය
52 පරිච්ඡේදය
53 පරිච්ඡේදය
Special note
55 පරිච්ඡේදය
Author's note
56 පරිච්ඡේදය
57 පරිච්ඡේදය
58 පරිච්ඡේදය
59 පරිච්ඡේදය
60 පරිච්ඡේදය
61 පරිච්ඡේදය
62 පරිච්ඡේදය
63 පරිච්ඡේදය
64 පරිච්ඡේදය
65 පරිච්ඡේදය
66 පරිච්ඡේදය
67 පරිච්ඡේදය
68 පරිච්ඡේදය
69 පරිච්ඡේදය
70 පරිච්ඡේදය
71 පරිච්ඡේදය
72 පරිච්ඡේදය
73 පරිච්ඡේදය
74 පරිච්ඡේදය
75 පරිච්ඡේදය
76 පරිච්ඡේදය
77 පරිච්ඡේදය
78 පරිච්ඡේදය
79 පරිච්ඡේදය
80 පරිච්ඡේදය
81 පරිච්ඡේදය
82 පරිච්ඡේදය
83 පරිච්ඡේදය
84 පරිච්ඡේදය
85 පරිච්ඡේදය
86 පරිච්ඡේදය
87 පරිච්ඡේදය
88 පරිච්ඡේදය
89 පරිච්ඡේදය
90 පරිච්ඡේදය
91 පරිච්ඡේදය
92 පරිච්ඡේදය
93 පරිච්ඡේදය
94 පරිච්ඡේදය
95 පරිච්ඡේදය
Author's note
Special note
96 පරිච්ඡේදය
97 පරිච්ඡේදය
98 පරිච්ඡේදය
99 පරිච්ඡේදය
100 පරිච්ඡේදය
101 පරිච්ඡේදය
102 පරිච්ඡේදය
103 පරිච්ඡේදය
104 පරිච්ඡේදය
105 පරිච්ඡේදය
106 පරිච්ඡේදය
107 පරිච්ඡේදය
108 පරිච්ඡේදය
109 පරිච්ඡේදය
110 පරිච්ඡේදය
111 පරිච්ඡේදය
112 පරිච්ඡේදය
113 පරිච්ඡේදය
114 පරිච්ඡේදය
115 පරිච්ඡේදය
116 පරිච්ඡේදය
117 පරිච්ඡේදය
118 පරිච්ඡේදය
119 පරිච්ඡේදය
120 පරිච්ඡේදය
121 පරිච්ඡේදය
Special note
122 පරිච්ඡේදය
123 පරිච්ඡේදය
124 පරිච්ඡේදය
125 පරිච්ඡේදය
126 පරිච්ඡේදය
127 පරිච්ඡේදය
128 පරිච්ඡේදය
129 පරිච්ඡේදය
130 පරිච්ඡේදය
131 පරිච්ඡේදය
132 පරිච්ඡේදය
133 පරිච්ඡේදය
134 පරිච්ඡේදය
135 පරිච්ඡේදය
136 පරිච්ඡේදය
137 පරිච්ඡේදය
138 පරිච්ඡේදය
139 පරිච්ඡේදය
140 පරිච්ඡේදය
141 පරිච්ඡේදය
142 පරිච්ඡේදය
143 පරිච්ඡේදය
144 පරිච්ඡේදය
145 පරිච්ඡේදය
146 පරිච්ඡේදය
147 පරිච්ඡේදය
148 පරිච්ඡේදය
149 පරිච්ඡේදය
150 පරිච්ඡේදය
Author's note
Special Note

54 පරිච්ඡේදය

1.9K 305 55
By Sharongege

[Warning: Mature content/ Smut Warning ⚠️🔞🔞]

[ඔයාලා මේ content එකට අකමැති නම්, නැත්තන් ඒක ඔයාලව uncomfortable කරනවා නම් කරුණාකරලා මේ chapter එක skip කරන්න. ඒකෙන් story එකට ලොකු පාඩුවක් වෙන්නෑ. So please if you don't feel like reading this part just skip this. Do not proceed any further!]


"ඒක.... පට්ට ගති!" 

ෂමිත් කීවේ ඔහුගේ අවංක අදහස ය. ඔහුගේ මේ ස්වරූපය යේන්ගේ සිතේ ඒ මොහොතේ ඇති කළ හැඟීම කුමක්දැයි නිශ්චිතව පැවසිය නොහැකි ය. තමන් වාහනය පදවන තාක් වෙර දරා යටපත් කර ගත් හැඟීම් නැවත මතුපිටට ඇදෙන්නාක් මෙන් ඔහුට දැනිණි. පුටුවේ හිඳගෙන සිටි ඔහු එහි ඇන්දට දෑත් තබා හිස ද ඒ මතට බර කරමින් ෂමිත්ගේ හිසේ සිට දෙපතුල දක්වා තම තියුණු එහෙත් සන්සුන් දෙනෙත් යවන්නට විය.

සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් වී ඇති තද කලු පැහැති මෘදු හිසකෙස්; වෙරි මතින් යම් තරමකට කුඩා වී ඇති, එහෙත් ආකර්ෂණීය, ඝනකම ඇසි පිහාටුවලින් යුතු කලු පැහැති දෑස්; තවමත් මත්පැන් සුවඳත්, මොහොතකට පෙර කෑ ලොලි පොප් හේතුවෙන් ස්ට්‍රෝබෙරි සුවඳත් වහනය වූ, අඩක් විවරව පවතින දෙතොල්.

යේන්ගේ දෑස් අහේතුකව නැවතුනේ ඒ මත ය. ලා දුඹුරු පැහැති උඩු තොලත්, ලා රත් පැහැ වී තිබූ ඔහුගේ යටි තොලත් යේන්ගේ හැඟීම් අවුස්සන්නට තප්පර කිහිපයකින් සමත් විය. යේන් නැවත තම උගුරෙන් පහළට අපහසුවෙන් කෙල ගිල ගත් අයුරු, ඔහුගේ උගුරු ඇටය එහෙ මෙහෙ වන ආකාරයෙන්ම පෙනිනි. ඔහු තමාගේ ඇවිසසුනු හැඟීම් පාලනය කර ගන්නට දැඩි උත්සාහයක නිරත වනවා සේ ය. 

'මෙයාගේ අම්මා අච්චර ලස්සන එක අහන්නත් දෙයක් ඈ?' 

කල්පනාවේ වෙලී සිටි යේන් තමාගෙන්ම අසා ගත්තේ ය. නමුත් ඔහුගේ ධ්‍යානය බිඳුනේ ෂමිත්ගේ සවරයෙනි. 

"You are..... handsome!" 

මෙතක් වේලා යේන් දෙස බලාගෙන කල්පනා කළ ෂමිත් කීවේ ඔහු යේන්ගේ රූපය හඳුන්වන්නට කුමක් හෝ වචනයක් සොයා ගත් අයුරෙනි. තමා තමාගේ හැඟීම් පාලනය කර ගන්නට මෙතරම් උත්සාහයක නිරත වෙද්දී ෂමිත්ගේ මේ වචන තව තවත් ඔහුව ඒ තුළම ගිල් වන්නට වෙර දරයි. ඔහුගේ ඉවසීම මදින් මද ඈත් වන ආකාරය ඔහුට හොඳින්ම දැනිණ. ඔහු නිහඬවම තම සිත තුළ සිතුවිලි යුද්ධයක පැටලී සිටියේ ය. 

"Mr. යේන්.... මං මේ එන ගමනුත් කල්පනා කළේ කලින් මං ඇයි මේක දැක්කේ නැත්තේ කියලා..... ඔයා තමා මං දැකල තියෙන handsome ම man! You are.... fucking handsome!" 

ෂමිත් නැවත මදක් උස් හඬින් කීවේ යේන් දෙස එක එල්ලේ බලමිනි. යේන් නිහඬ ය. ෂමිත් යන්තමින් සිනා විය. ඔහුගේ වෙරි මත දැන් යන්තමින් සිඳී තිබුණත් ඔහුගේ සිතට එන හැඟීම් සියල්ල අවංකව ප්‍රකාශ කිරීමේ ගතිය මග හැරී ගොස් නොතිබිණ.

"නොයෙල්.....?" 

දිගු වේලාවක නිහඬතාවය බිඳිමින් යේන් ද ඔහුගේ හඬ අවදි කළේ ය. 

"ම්?" 

ෂමිත් හිස ඔසවා ඔහු දෙස බැලී ය. 

"Come here." 

යේන්ගේ හඬෙහි වූයේ අවධාරණාත්මක ස්වභාවයකි. ෂමිත් ඒ කුමකට ද යනුවෙන් අසන්නට මෙන් හිස මදක් ඇල කර ඔහු දෙස බැලුවේ ය. යේන්ට තවත් තාපසයෙක් මෙන් සංයමයෙන් සිටින්නට නොහැකි ය. ඔහු ක්ෂණිකව පුටුවෙන් නැගිට ෂමිත්ගේ මුහුණ වෙතට නැඹුරු විය. ඔහුගේ ඉලක්කය ෂමිත්ගේ දෙතොල මිස වෙනකක් නොවේ. 

මොහොතකින් යේන්ගේ දෙතොල්, ෂමිත්ගේ දෙතොලෙහි ස්පර්ශ විනි. නමුත් මෙදින ෂමිත් යේන්ව නවත්වන්නටවත්, ඔහුට විරුද්ධවන්නටවත් උත්සහ කළේ නැත. ඔහු කිසිදු හැල හොල්මනක් නැතිව, දෑස් ද විවර කරගෙන යේන් දෙස බලා සිටියේ ය. ෂමිත්ගේ මේ නුහුරු හැසිරීම හමුවේ යේන් මදකට ඈත් වී ඔහුගේ දෑස් දෙස බැලී ය. 

"මාව කලින් නැවැත්තුවේ නැත්තේ මේක ඔයාටත් ඕනේ වෙලා තිබ්බ නිසානේ? ඇයි දැං මොකද?" 

ඔහු අසන විට ෂමිත් නැවතත් හිස දෙපසට සෙලෙව්වේ ය. මෙවර ඔහු, යේන්ගේ ලා රත් පැහැ දෙතොල් දෙස බලා සිටියේ ය. තමන් මෙතෙක් කල් සිතින් මවා ගත් රූපයට වඩා ඔහු දැන් දකින යේන්ගේ රූපය සරාගී ය. තමන් සැබැවින්ම මෙවැන්නක් පෙර සිට ම බලාපොරොත්තු වූ බව ෂමිත්ට වැටහුණේ එවිට ය. ඔහු දැන් සිටින්නේ තමාගේ සිතේ ඇති දේ කරනවා ද නැද්ද යන්න දෙගිඩියාවෙනි. නමුත් එක්විටම ඉදිරියට නැමුණු ඔහු දෑතම යේන්ගේ ගෙල වටා ඔහුව තමා වෙත මදක් පහත් කර ගත්තේ ය. ඊළඟ මොහොතේ ඔහුගේ උණුසුම් දෙතොල් යේන්ගේ දෙතොලෙහි ස්පර්ශ විනි.

එයින්, යේන් මොහොතකට ගල් ගැසිණි. තමන් හැර ෂමිත්, කිසි දිනෙක මෙවැන්නකට මුල පුරන්නට උත්සහ දරාවී යැයි ඔහු නොසිතුවේ ය. ෂමිත්ගේ මේ අලුත් ස්රූවපය හමුවේ යේන්ට ඔහුගේ හැඟීම් තවත් සිර කරගෙන සිටින්නට අවශ්‍ය නොවින. ෂමිත්ගේ මේ හැසිරීම ඔහුට දැනුණේ තමාට කරන ආරාධනයක් ලෙස ය.

ගත වූයේ තප්පර කිහිපයකි. ඔහු ක්ෂණිකව ෂමිත්ව උඩු අතට ඇඳේ හරහට පෙරළා ගත්තේ ය. ඔහුගේ දණින් පහළ දෙකකුල් ඇඳෙන් පිට ය. යේන් සිටියේ එක් කකුලක් නවා එය ෂමිත්ගේ දකුණු පස, ඇඳ මතින් තබාගෙන, කොන්ද නමාගෙන පහත් වී ගෙන ය. ඔහු එක් කකුලක් ඇඳ මතින් තබාගෙන සිටීමෙන් යම් තරමක අපහසුවක් දැනුනත් ඔහු එක තත්පරයකට ෂමිත්ගේ දෙතොලින් ඈත් නොවී ය. ඔහුගේ දෙතොලින් දැනෙන මත්පැන්වල හා ස්ට්‍රෝබෙරිවල රසත්, සුවඳත් යේන්ගේ රාගික හැඟීම් බැද තිබූ යදම් මදින් මද ලිහා දමන්නට විය. මෙය ෂමිත් සම්පූර්ණයෙන්ම හොඳ සිහියෙන් නොකළත්, යේන්ට මෙය අතරමග නවත්වන්නට කිසිදු උවමනාවක් නැත. ඔහුට අවශ්‍ය වූයේ මෙය අන්තය දක්වාම රැගෙන යන්නට ය.

එම ආවේගශීලී සිප ගැනීම හමුවේ ෂමිත් එකිනෙක තද කරගෙන සිටි ඔහුගේ දෙතොල් විවර විනි. මිනිත්තු කිහිපයකින් යේන්, තම දිව ද ෂමිත්ගේ දෙතොලෙහි ස්පර්ශ කළේ ය. ෂමිත්ගේ හුස්ම මදින් මද වේගවත් වූයේ ඒත් සමග ය. ඔහු පෙර දින මෙන් තමන්ව නැවතත් නවත්වාවි ද? මීට පෙර යේන් මෙයට උත්සහ කළත් එය ව්‍යර්ථ වී ගිය බව ඔහුට සිහිපත් විය. නමුත් මෙදින එවැන්නක් සිදු නොවිනි. එය වටහා ගැනීමත් සමග යේන් ඔහුගේ ග්‍රහණය තවත් වැඩි කළෙන් දෙදනාගේම වේගවත් සුසුම් එකට මුසු වූයේ ඔවුන්ගේ රාගික ආශාවන් යතාර්ථයකට පෙරලන්නට ඔවුන්ව තව තවත් පොලඹවමිනි. 

මොහොතකින් යේන්ගේ දිවෙහි උණුසුම ෂමිත්ගේ මුව තුළට දැනිණි. ෂමිත්ට මේ පිළිබඳව කිසිදු අත්දැකීමක් නොතිබුණත් ඔහු යේන්ව අනුකරණය කරන්නට උත්සහ ගත්තේ ය. නමුත් තවමත් ෂමිත්ගේ දසන් තම මුවෙහි වදින බව යේන්ට දැනිණි. එහෙත් ඔහුගේ මේ කුඩා වෙනස යේන්ට හොඳින්ම වැටහිණ.

ෂමිත්ගේ දෙතොල් සමග තම දෙතොල් පැටලී ඇති මේ මොහොතේදීත් යේන්ගේ මුහුණට සිනාවක් නැගුනේ තමාගේ සෑම පියවරකටම ඔහුගෙන් ලැබෙන මේ සහයෝගය නිසාවෙනි. යේන්ගේ දෙතොලෙහි පමණක් නොව දිවෙහි උණුසුම ද ෂමිත්ගේ සිරුරේ සෑම රෝම කුපයක්ම රාගයෙන් මත් කරන්නට සමත් විය. ඔහුගේ මුවින් සියුම් කෙඳිරියක් පිට වන්නට එතරම් වේලා ගත වූයේ නැත. ඔහු යේන්ගේ ගෙල වටා දමාගෙන සිටි දෑතින් ඔහුගේ ෂර්ට් කොලරය තද කර ගත්තේ ය. 

ෂමිත් හොඳ සිහියෙන් සිටියා නම් මෙලෙස තමාව ළං කර ගනීවි ද? කීයටවත් නැත. ඔහු ඒ අවස්ථාවල යේන්ව ස්පර්ශ කිරීමෙන් ද වැළකී සිටින්නේ එයින් යේන්ගේ කෝපය ඇවිස්සේ යන බිය හේතුවෙනි. නමුත් අද එහි අනෙක් පැත්ත ය. තම ෂර්ට් කර මදින් මද තම ගෙලට තද වන අයුරු යේන්ට දැනිණි. ඔහුගේ දිවෙන් පමණක් මේ වන විට ෂමිත්ගේ මුලු ගතෙහිම පාලනය තමන් සතු කර ගන්නට ඔහු සමත් වී සිටියා කියතොත් නිවැරදි ය. 

මේ අතරවාරයේ ඔහු, තම දෑත් ඊළඟ පියවර ක්‍රියාත්මක කිරීම උදෙසා මෙහෙයවන්නට විය. එක් අතක් ෂමිත්ගේ වම් පසින් ඇඳ මතින් තබාගෙන ඔහු අනෙක් අත සීරුවෙන් ෂමිත්ගේ ටී ෂර්ටය යටින් ඉහළට යැව්වේ ය. ඔහුගේ සිහින් දිගු ඇඟිලි ෂමිත්ගේ පපුවෙහි සම ස්පර්ශ කරන්නට වූයේ ඔහුගේ දෑත් තව තවත් යේන්ගේ ගෙල වටා තද වන විටයි. යේන්ගේ අත ෂමිත්ගේ උදරය දිගේ පහළට විත් නැවතත් ඉහළට ගමන් කරන්නට විය. 

"යේන්....." 

බොහෝ වේලාවකට පසුව ලැබුණු කුඩා ඉඩෙන් ෂමිත් මිමිණුවේ ය. නමුත් ඔහුගේ යටි තොල යේන්ගේ දසන්වලට මැදි විනි. ඔහුට තම දෙතොලින් දැනුණේ සියුම් වේදනාවකි. ඒත් සමග ඔහුගේ පපුවෙන් ද එවැනිම ස්පර්ශයක් දැනිණ. යේන්ගේ දබර ඇඟිල්ලත්, මැදැඟිල්ලත් අතරට සිර වී තිබුණේ ෂමිත්ගේ පපුවේ සංවේදීම තැනකි. 

"ආ-ව්! යේන්!" 

"යේන්....." 

"යේන්....." 

අරමුණකින් තොරව ෂමිත්ගේ මුවින් පිට වන්නට විය. නමුත් එය හඬක් නොවේ. ෂමිත්ගේ වේගවත් සුසුම් සමගින්ම, තම නම කියන අයුරු කන ළඟින් ම යේන්ට ඇසුණේ රහසක් කියන්නාක් මෙනි. ෂමිත්ගේ සිරුර මේ වන විටත් ඔහුට දැනෙන සංවේදනයන්ට අනුව ක්‍රියා කරන්නට පටන් ගෙන තිබිණි.

සිප ගැනීම අතරින්ම යේන් ෂමිත්ගේ ටී ෂර්ටය දෑතින් ම ඉහළට එසෙව්වේ ය. ඔහුට මේ වන විට එය දැඩි හිසරදයක් වී තිබුණා කියතොත් නිවැරදි ය. ඔහුට එය ෂමිත්ගේ සිරුර හා තමා අතර ඇති වදකාරී බාධකයක් සේ හැඟිනි. ඔහු එක්විටම ෂමිත්ගේ ඉන වටා වමත යවා ඔහුව කෙළින් කර ඉන්දුවේ ය. එයින් ඔවුන්ගේ දෙතොල් මොහොතකට වෙන් විනි. ඒ සැනින් ඔහු දෑතින්ම ෂමිත්ගේ ටී ෂර්ටය ඉහළට එසෙව්වේ ය. 

"අත් දෙක?" 

හොඳම සිහියෙන් නොසිටියත් ෂමිත්ට යේන් පවසන දෙය වැටහිණි. ඔහු නිහඬව තම දෑත් ඉහළට එසෙව්වේ ය. යේන් ඔහු හැඳ සිටි ටී ෂර්ටය ඔහුගේ දෑතින් පන්නා පසෙකට දැමුවේ ය. නැවතත් ඔහුගේ වමත ෂමිත්ගේ ඉන වටා එතුන අතර දෙතොල් නොදැනුවත්වම ෂමිත්ගේ දෙතොල් හා පැටලිනි. එතැනින් ෂමිත්ගේ ගෙල දක්වා ද, උගුරු ඇටය හරහා ඔහුගේ පපුව දක්වා ද යේන්ගේ දෙතොල් ගමන් කරන්නට විය. ඒත් සමග ඔහුගේ දකුණතේ දිගු ඇඟිලි ෂමිත්ගේ ඉනේ සිට කොන්ද මැදින් ඉහළට ද ගමන් කරන්නට විය. 

මේ මොහොතේ යේන්ගේ මෙන් ම ෂමිත්ගේ සිරුර ද දැඩි ලෙස උණුසුම් ය. එසේ වුවත් යේන්ගේ ඇඟිලි තුඩුවල ස්පර්ශය ෂමිත්ගේ මුලු සිරුරම හිරි වට්ටන්නට සමත් විනි. ෂමිත්ගේ සිරුර වෙවුලා ගියේ මේ දැන් ශීතකරණයෙන් පිටතට ගත් අයිස් කැටයක් කොන්දේ ඇතිල්ලුනාක් මෙනි.

'He's so sensitive! Liquor ගත්ත නිසා ද?' 

ඔහු සිතුවේ ය. කෙසේ වුවත් සිදු වූයේ එය යේන්ව තව තවත් උද්යෝගීමත් කිරීම ය. මීළඟට ෂමිත්ගේ පපුවේ සංවේදීම තැනක් යේන්ගේ දෙතොල් අතරට හසු විනි. ඔහු තම දෙතොල් පමණක් නොව තම දිව ද යොදා ගනිමින් ෂමිත්ව තව තවත් පියවි සිහියෙන් ඈතට ගෙන යන්නට විය.

මෙය ෂමිත්ට අලුත් අත්දැකීමකි. ඔහු මෙවැනි අවස්ථාවකට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය නිසි ලෙස දැන සිටියේ නැත. මේ වන තෙක් සියල්ල සිදු වූයේ ඔහු අතින් ඉබේටම ය. නමුත් යේන් කැමති වූයේත් ඒ අචේතනික ප්‍රතිචාරයන්ට ය. ෂමිත්ගේ මුවින් ඉඳහිට, කැඩි කැඩී පිට වන හුස්මත් සමග තමාගේ නම කියන ආකාරය නැවතත් අසන්නට යේන්ගේ සිත නලියන්නට විය. 

ඔහු තම දෙතොල් අතර තබාගෙන සිටි ෂමිත්ගේ පපුව තරමක් තදින් සැපුවේ ඒ සිතුවිල්ලත් සමගිනි. ඇඳේ හිඳගෙන සිටි ෂමිත් කොන්දෙන් ක්ෂණිකව කෙළින් වුවත්, යේන් අසන්නට බලාපොරොත්තු වූ කිසිදු හඬක් ඔහුගේ මුවින් පිට නොවිනි. යේන් හිස ඔසවා ෂමිත්ගේ මුහුණ දෙස බැලුවේ ය. ඔහු තම මුවින් කිසිදු හඬක් නොනැගෙන ලෙස, දෙතොල් එකිනෙකට හැකි තරම් තද කර යටි තොල තම දත්වලින් ද සපාගෙන, දෑස් ද තද කර පියාගෙන සිටියේ තමන්ගේ හඬ අනවශ්‍ය ලෙස පිටතට ඇසේවි යැයි බිය වූ නිසාවෙනි. ඒ දුටු යේන් කෙළින් වී ෂමිත්ගේ මුහුණට නැවත ළං විය. 

"ඒයි! Stop biting your lip!" 

යේන්ගේ රළු ස්වරය තම කනට ඉතා ආසන්නව ඇසීමත් සමග ෂමිත් ක්ෂණිකව දෑස් විවර කළේ ය. ඔහුගේ දෙතොල් යන්තම් ලිහිල් වන විටම ඒවා නැවත යේන්ගේ දෙතොල් අතරට තද විනි. ඔහුගේ දෙතොල් පෙරට වඩා මෘදු වී ඇති බව යේන්ට දැනිණ. ඔහු තවත් සැරයක් එම දෙතොල් සැපුවහොත්, තුවාල වන බව නිසැක ය. එබැවින් එතරම් තදින් නොවුනත් ඔහු ෂමිත්ව නැවතත් උපරිමයෙන් සිප ගත්තේ ය. මේ අතර ෂමිත්ට නිසි ලෙස හුස්ම ගන්නට අපහසු වී ඇති බව වැටහුනෙන් යේන්, ඔහුගේ දෙතොලින් මදකට ඉවත් වී ඔහුගේ මුහුණ දෙස බැලී ය.

තවමත් ඔහුගේ එක් කකුලක් ඇඳ මත ය. එක් අතක් ෂමිත්ගේ ඉන වටා එතුන ගමන් ය. දකුණත ඇඳේ අනෙක් පසින් තබා ගත් ඔහු ද තම හුස්ම හා හදගැස්ම සන්සුන් කර ගන්නට උත්සහ කළේ ය. ෂමිත් තවමත් ඔහුගේ ඇඟිලි අතරට තද වී තිබූ යේන්ගේ ෂර්ටය අත් හැර තිබුණේ නැත.

නමුත් යේන්ට විවේක ගන්නට අවශ්‍ය නැත. ඔහුට තිබූ එකම සිතුවිල්ල නැවත ෂමිත්ව තමාගේ පාලනයට නතු කර ගැනීම පමණි. ඔහු නැවතත් තම හිස ඇල කළේ ය. නමුත් ඒත් සමග යේන්ගේ පපුවට අත තැබූ ෂමිත් ඔහුව අතරමග නැවැත්වී ය. ෂමිත්ගේ දෑස් කෙළින් ම යේන් වෙත යොමු විනි. 

"ඔහොම ඉන්න." 

මිමිණූ ඔහු දෑත් ලිහිල් කළේ ය. ඔහු වෙතට පහත් වී සිටි යේන් කෙළින් වන විට ෂමිත් ද නැගිට්ටේ ය. ඔහුගේ මේ හැසිරීමෙන් යේන්ට ඇති වූයේ කුතුහලයකි. ඔහුගේ වෙරි මත තවමත් සිඳී නැත. යේන් ෂමිත්ව වළක්වන්නට උත්සාහ නොකර, නිහඬව ඔහු කරන්නට යන දේ කුමක්දැයි බලා සිටියේ ය.

මුලින් ම ඔහු යේන් ඉදිරියේ කෙළින් වී සිට ගත්තේ ය. ඔහුගේ හිස යේන්ගේ නාසයට සමාන්තර ය. ඔහු යේන්ගේ ගෙල දෙස බලා සිටියේ ය. ඊළඟට ඔහුගේ දෑත් ගියේ යේන්ගේ සුදු පැහැ ෂර්ටයේ පියවා තිබූ උඩම බොත්තම වෙත යි. ඔහු කරන්නට යන දේ වටහා ගත් යේන් එයට ඉඩ දී නිහඬව බලා සිටින්නට විය. 

ෂමිත් එක් වරක් උත්සහ කළේ ය. බොත්තම ඔහුගේ අතින් ලිස්සා ගියේ ය. දෙවෙනි වරට උත්සහ කළේ ය. එවර රෙද්දේ කැපුම නිසි ලෙස සොයා ගත නොහැකි විය. ඔහු තෙවන වරද උත්සහ කළේ ය. එවර බොත්තම රෙද්දේ කැපුම අතරින් නිසි ලෙස දමා ගත නොහැකි විය. මීළඟට ඔහු මුවින් නොරිස්සුම් සහගත ශබ්දයක් පිට කළේ ය. 

"ඇයි.... මේ මගුල..... ගැලවෙන්නැත්තේ??" 

යේන් නිහඬව මේ සියල්ල බලා සිටින්නට විය. ඔහුගේ මුවග ඇඳී තිබුණේ සියුම් සිනහවකි. ෂමිත් තම සම්පූර්ණ අවධානයම යොමු කරගෙන එක බොත්තමක් ගලවා ගන්නට දැඩි සේ වෙර දරයි. ඔහු සිටින්නේ තවමත් වෙරි මතිනි. යේන් එය තේරුම් ගත්තේ ඔහුගේ මෙම හැසිරීමෙනි. ඔහු පෙර දින වෙරි මතින් සිටිද්දී ඔහුගේ ෂර්ටය ඇද ඉරන්නට උත්සහ කළේ මේ නිසාවෙන් බව යේන්ට වැටහිණි. ෂමිත්ට වෙරි මතින් සිටින අවස්ථාවල නිසි ලෙස බොත්තම් ගලවන්නට හෝ දමන්නට නොහැකි ය. 

යේන් ඔහුගේ එම ස්වරූපයට දැඩි ලෙස ආකර්ෂණය විය. ෂමිත්ගේ හතර වන උත්සාහය ද අවාසනාවන්ත ලෙස අසාර්ථක වී යන විට ඔහුගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා ගිය බව පෙනින. එකවරම උඩම බොත්තම දෙපසින් යේන්ගේ ෂර්ටය අල්ලා ගත් ඔහු එය දෙපසට ඇද්දේ ය. ඔහු තවත් වරක් එලෙස ඇද්දහොත් තම ෂර්ටය දෙකට ඉරී යයි. එබැවින් ඔහු ෂමිත්ගේ අතකින් අල්ලා ඔහුව නැවැත්වී ය. 

"අත ගන්න." 

යේන්ගේ හඬත් සමග ෂමිත් ඔහුගේ ෂර්ටයෙන් දෑත් ඉවත් කර ගත්තේ ය. ඔහු තප්පර කිහිපයක් තුළ එක් අතකින් අවසාන බොත්තම ද ගලවා දැමුවේ ය. ඉතාමත් ලා පැහැ සමකින් යුතු ඔහුගේ ආකර්ෂණීය උඩුකය ෂර්ටයේ මැදින් විවර වූ ඉඩෙන් පිටතට නිරාවරණය විනි. 

"There you go."

ඔහු ෂමිත් දෙස බලමින් කීවේ ය. ෂමිත්ට ඔහුගේ ෂර්ටය සම්පූර්ණයෙන්ම ගලවා දමන්නට උවමනාවක් නොවින. ඔහු තම දෑත් සෙමින් යේන්ගේ පපුවෙහි ස්පර්ශ කළේ ය. ඔහු හිස ඔසවා යේන් දෙස බැලුවේ කුමකට හෝ අවසරයක් ගන්නට මෙනි. 

"Go on." 

ඔහුට ඒ අවසරය ලැබිණි. මොහොතකින් ෂමිත්ගේ උණුසුම් මෘදු දෙතොල් යේන්ගේ ගෙල පාමුල ස්පර්ශ විය. ඔහු ෂමිත්ට පහසු වන සේ නිකට ඉහළට ඔසවා හිස පසෙකට ඇල කළේ ය. ෂමිත්ගේ දෙතොල් යේන්ගේ උගුරු ඇටය හරහා පපුව දක්වාත් එතැනින් උදරය දක්වාත් ගමන් කරන්නට විය. ඒත් සමග ඔහුගේ ඇඟිලි තුඩු යේන්ගේ මනාව වැඩුණු මස්පිඬු මත ද වේගයෙන් එහා මෙහා යන්නට විය. මෙලෙස යේන්ගේ කලිසමේ බඳ පටිය දක්වා දෙතොල් ගෙන ගිය ඔහුගේ අවධානය කුමක් හෝ නිසා බිඳී ගිය බව පෙනින. 

ඒ යේන්ගේ කලිසමට මදක් උඩින් තිබූ තුවාල කැලලකි. එය මීට පෙර ෂමිත් දැක ඇත්තේ එක් වරක් පමණි. ඔහුගේ ඇඟිලිතුඩු ඒ මත ද ස්පර්ශ විය. යේන් හිස පහතට හරවාගෙන ඔහු දෙස බලා සිටියේ ය. මොහොතක් එම කැලැල දෙස බලා සිටි ෂමිත්, ඔහුගේ දෙතොල් ඒ මත ද ස්පර්ශ කළේ ය. මීළඟට ඔහු කළ දෙයින් යේන් ද මදක් තිගැස්සිනි. ෂමිත් එක්විටම ඔහුගේ දිව එම තුවාල කැලැල හරහා ගෙන ගියේ ඉතා අනපේක්ෂිත අයුරිනි. මීළඟට ඔහු නැවත කෙළින් වූයේ ඔහුගේ දිව යේන්ගේ තුවාල කැලැලැලත්, උදරය හා පපුව දිගේත් නැවත ගෙල දක්වා ඉහළට ගෙන එමිනි. 

"What the?! හා..... shit!" 

ෂමිත්ගෙන් මෙවැනි ප්‍රතිචාරයක් යේන් කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත. ඔහු පුදුම වූයේ ඒ නිසාවෙනි. 

'මොන ලෝකෙන් ද මෙහෙම ඒවා ඉගෙන ගෙන තියෙන්නේ?!'

පෙරදී තම සිරුරේ ස්පර්ශ වූ ෂමිත්ගේ දෙතොල් මෙන් දෙතුන් ගුණයක් ඔහුගේ දිව සංවේදී බව යේන් වටහා ගත්තේ එයින් පසුව ය. ඔහුගේ දිව නැවතත් තම උදරය දිගේ පහළට ඇදී යන විට දැනෙන උණුසුම් තෙත් ගතිය යේන්ගේ රුධිර ගමනාගමනය ක්ෂණිකව වේගවත් කළේ ය. ඔහු දෑස් පියා ගත්තේ වේගයෙන් හුස්ම ගනිමිනි.

නමුත් යේන්ගේ උදරය දිගේ පහළට පැමිණි ෂමිත්ගේ දෙතොල් හා දෑත් එකවර නැවතිනි. ඊළඟ තප්පරයේ ෂමිත් තම දෑතේම ඇඟිලි යේන්ගේ කලිසම අතරට දමා එය පහතට කිරීමේ අරමුණින්, එක් වරක් එය පහළට ඇද්දත් බඳ පටියේ තද බව හේතුවෙන් සිදු වූයේ එය යන්තම් සෙලවීම පමණි. යේන් ක්ෂණිකව දෑස් හැර, හිස පහතට හරවා ෂමිත් දෙස බැලුවේ ය. ඔහු ඉදිරියේ බිම දණ නවාගෙන සිටි ෂමිත් තම දෑතින්ම යේන්ගේ කලිසම තද කර අල්ලාගෙන, බඳ පටියේ ගාංචුව දෙස බලා සිටියි. 

මේ කරන්නට යන දේ කුමක්දැයි ඔහු දන්නවා ද? යේන් තමාගෙන් ම ප්‍රශ්න කරන්නට විය. ෂමිත් සැබැවින්ම තමන් සිතූ තරම් ලැජ්ජා සහගත පුද්ගලයෙකු නොවන බව යේන්ට වැටහිණ. ඔහු මෙසේ හැසිරෙන්නේ මත්පැන්වල බලපෑම නිසා බව යේන් දනී. නමුත් මෙවැන්නක් පටන් ගතහොත්, තමන් මෙහි අන්තයටම ගොස් මිසක නොනවතින බවත් ඔහු දනී. අනෙක මේ වින්දනයේ උපරිමය ෂමිත් වැනි ආධුනිකයෙකුට ලබා දිය හැකි වේවිද? තමාව ඒ වෙත ගෙන යන්නට එතරම් පහසු නැත.

කලිසමට කළ හැකි දෙයක් නැති බව දැනගත් ෂමිත්, බිම දණ ගසාගෙන ම හිස ඉහළට හරවා යේන්ගේ මුහුණ බැලුවේ ය. ෂමිත්ගේ නළලේ සිට ගලාගෙන පැමිණි දහඩිය බිඳ ඔහුගේ දෙකන් ආසන්නයෙන් මුහුණේ පහළට ගලාගෙන ගිය අයුරු යේන්ගේ නෙත ගැටිණි. තමා මෙන් ම රාගයෙන් මත් වී සිටි ඔහුගේ අඩවන් දෙනෙත් හා මෙතෙක් වේලා සිදු වූ සිප ගැනීම් හා සැපුම් හමුවේ රත් පැහැ වී තිබූ ඔහුගේ මෘදු දෙතොල් යේන්ගේ එක බැල්මට හසු විනි.

තම ශරීරයේ සංවේදීම ස්ථානයෙහි ඔහුගේ මේ දෙතොල් ස්පර්ශ වූවොත්? තමාට එය කෙසේ දැනේවි ද? ඔහුට එක් විටම සිතිනි. තමන් සුරාන්තයට ළඟා වනවාද නැද්ද යන්න අදාළ නැත. ඒ මොහොතේ ෂමිත්ගේ හැසිරීම කෙසේවේදැයි බලා ගැනීමේ කුතුහලය පෙර කී අවශ්‍යතාවයටත් වඩා තදින් ඔහුට දැනිණ. 

"Have it your way." 

යේන් කීවේ තමා ඉදිරියේ දණ ගසාගෙන සිටි ෂමිත් දෙස බලාගෙන ය. ඒ ක්ෂණිකව ෂමිත් දෑතින් ම යේන්ගේ බඳ පටියේ ගාංචුව පන්නා එය ලිහිල් කර දැමුවේ ය. නමුත් ඊළඟට ඔහු නැවත අතරමග නැවතින. යේන් පරික්ෂාකාරීව ඔහු දෙස බැලුවේ ය. ෂමිත් අතරමග නැවතුනු හේතුව ඔහුට පසක් වූයේ එවිට ය. ඔහුගේ කට කොනින් මද සිනාවක් එළියට පැන්නේ ය. යේන් හැඳ සිටි තද නිල් පැහැති ඩෙනිම් කලිසමෙහි උඩම මදක් විශාල බොත්තම් දෙකක් පියවා තිබිණි. නමුත් ෂමිත් නැවත යේන් දෙස බලන්නට උත්සාහ කළේ නැත. ඔහු, තමා විසින්ම මේ බොත්තම් දෙක ගලවා ගැනීමට තීරණය කළ සෙයකි. 

"Here." 

කියූ යේන් තප්පරයක් ගත වන්නටත් පෙර කලිසමේ බොත්තම් දෙක පන්නා දැමුවේ ය. ඒත් සමග ෂමිත් ඔහුගේ ඩෙනිම් කලිසමේ සිපරය පහතට ඇද දැමුවේ වේගයෙනි. මේ වන විටත් ඔහුගේ ශරීරය, අවස්ථාවට ගැළපෙන ලෙස හැඩ ගැසී තිබිණි. ඔහු හැඳ සිටි කලු පැහැති යට කලිසමෙහි, ඉනට ඇති සුදු පැහැ තරමක් තද පටිය ද දෑතින්ම අල්ලා ගත් ෂමිත් නැවත අතරමග නැවතිනි. යේන් ඔහුගේ මේ හැම කුඩා හැසිරීමක් දෙස ම දැඩි අවධානයකින් යුතුව බලා සිටියේ ය. යේන් බැලුවේ ඔහුට මෙවර ඇති වූ ප්‍රශ්නය කුමක්දැයි කුතුහලයෙනි. 

"මං....." 

යේන් දෙස නොබලා හිස පහතට හරවාගෙන ම ෂමිත් සිහින් හඬින් කියන්නට විය. 

"මං දන්නෑ..... හරියටම..... මොකක්ද කරන්න ඕනේ කියලා....." 

කතාව සාධාරණ ය. යේන්ට ගැටලුව වී තිබුණේ ඔහු මෙවැන්නකට මුල පිරුවටාට කළ යුතු දෙය නිසි ලෙස දන්නවාද යන්න යි. ෂමිත් කියූ දෙයින් යේන්ගේ කිසිදු වෙනසක් සිදු නොවිනි. ඒ වෙනුවට ඔහු, ෂමිත්ගේ නිකට ඇඟලි දෙකෙන් අල්ලා, හිස ඉහළට හැරෙව්වේ ය. ඔහුගේ දෑස් පහසුවෙන් යේන්ගේ දෑස් හා ගැටිණි. 

"අදාළ නෑ. මං කියන්නම් කරන්න ඕනේ දේ."

ෂමිත් දෑතින්ම අල්ලා යේන්ගේ අනෙක් කලිසම ද මදක් පහතට කළේ ය. මෙතෙක් වේලා අඩවන්ව තිබූ ඔහුගේ දෙනෙත් ඉබේටම මදක් විශාල විය. එයින් ඔහුගේ වෙරි මත පෙරට වඩා හිඳුනු බව ද පෙනින. මේ වන විටත් ඊළඟ පියවර වෙත නිසි ලෙස සූදානම් වී තිබුණු ඔහුගේ සිරුර දෙස ෂමිත් මොහොතක් නිහඬව බලා සිටියේ ය. මේ දුටු යේන් හඬ අවදි කළේ මුවගට සිනාවක් නගා ගනිමිනි.

"ඇයි මොක ද? Is it not to your taste?" 


                --------------------------------

Author's note:

මුලින්ම I'm so grateful comment එකක් දාලා මාව motivate කරපු හැම කෙනෙක්ටම. ඔයාලා නිසා තමයි මට මේක මේ විදියට upload කරන්න confident එකක් ආවේ. So thank you so much ඔයාලා කියපු හැම වචනෙකටම.

Scene එක ගැන කියනව නම්, මට full scene එක chapters දෙකකට කඩන්න උනා. එක, ඒක දිග යි. දෙක, මට මේ scene එකේ peak එකට එන්න කලින් දැන ගන්න ඕනේ උනා ඔයාලගේ reaction එක කොයි වගේ ද කියලා. ඒකයි දෙකකට දාන්නේ. දැන් ඕක කියෙව්වාම ඔයාලට තේරුම් ගන්න පුලුවන්නේ මං ඔහොම එකක් ලියන විදිය. ඒ කියන්නේ මං මේ මුලු scene එකේ එකම තැනකවත්; එකම එක තැනකවත්, අර අපි කියන්නේ naughty words කියලා. එහෙම ඒවා පාවිච්චි කරලා නෑ. මේක සම්පූර්ණයෙන්ම හරිම සිංහලෙන් ලියල තියෙන්නේ. So, මං හිතනවා කිසිම disgust එකක්, කිසිම uncomfortable ගතියක් නැති වෙන්න මං මේක ලිව්වා කියලා. I think I made this scene more beautiful and sexy and realistic at the same time.

Now, my friends I want your thoughts. මං හිතනවා එක පාරක්වත් comment එකක් නොදාපු අයගෙනුත් comment එකක් ලැබෙයි කියලා. Anyway හැමදාම මාත් එක්ක කතා කරලා මාව motivate කරන හැමෝටම ගොඩක් Thank you!

Go on.... say your words in anyway you want!😁😁🤩🤩❤️🤍🖤❤️

Continue Reading

You'll Also Like

650K 50.3K 34
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
39.1K 829 21
Gemma is back from the international space station and when her daughter ask how her and her mum got together Gemma tells her kids how her and their...
1.1M 28.8K 41
While moonlighting as a stripper, Emery Jones' mundane life takes a twisted and seductive turn when she finds herself relentlessly pursued by reclusi...