[Warning: Violence ⚠️]
"......නොයෙල්?"
"......යේන්?"
ඔවුන්ගේ දෑස් එකට ගැටෙද්දී දෙදෙනාම මොහොතකට නිසල විනි. තමන් දැන් යේන්ට මේ සිදු වන දේ පිළිබඳව පැහැදිලි කරන්නේ කෙසේ ද? ෂමිත්ට ඒ මොහොතේ ඇති වූ එකම ගැටලුව එය යි. දැන් නම් ඔහුට කිසිසේත්ම මෙය සැඟවීමට නොහැකි ය. ඒ මොහොතේ යේන්ට උවමනා වූයේ අන් සියල්ලටම පෙර ඔහුට ගැටලුව නිරාකරණය කර ගන්නට ය.
"You okay? නොයෙල්?! ඔයාට තුවාල ද?!"
ෂමිත් ඒ පැනයෙන් යම් තරමක් ව්‍යාකූල වූවා කියතොත් නිවැරදි ය. ඔහු පිළිතුරක් දෙන්නට පෙර මදක් පැකිලින.
"අ.... මට..... අවුලක් නෑ."
යේන් තප්පරයක් ගත වන්නටත් පෙර ෂමිත් අසලට ළං විය. ඔහුට මදක් එහායින්, බියෙන් ඇළලී ගොස් සිටි අනෙකා, එක් විටම එතැනට කඩාපාත් වූ, ෂමිත්ටත් වඩා උස් අනපේක්ෂිත රුව දැකීමෙන් තවත් බියට පත් විය. ෂමිත් වෙතට පැමිණෙන අතරතුර ඔහුට කිසිදු අනතුරක් වී නොමැති බව සැක හැර දැන ගත් යේන් ෂමිත් අසලින් ම නැවතී ඔවුන්ට ඉදිරියෙන් සිටි අනෙක් නිගණ්ඨයෙකු වැනි මිනිසා දෙසට හැරිණ.
ඔහුව බියෙන් වෙවුලා යන්නට යේන්ගේ එම බැල්ම පමණක් ප්‍රමාණවත් විය. ඔහු තවත් අඩි දෙකක් පසුපසට ගියේ කුමක් හෝ කියන්නට උත්සහ කරමිනි. යේන් ද කිසිදු වෙනසක් නැතිව ඔහු සිටි දෙසට අඩියක් තබමින් ඔහුට ළං විය.
"ඒයි! ළඟට එන්නෙපා! මං තොට කියන්නේ! තව අඩියක් හරි තිබ්බොත්....."
ඔහු අරමුණකින් තොරව කියවන්නට විය. මේ අතර තවත් අඩියක් යේන් එදෙසට තබන අයුරු දුටු ෂමිත් යේන්ගේ වැළමිටට ආසන්නයෙන් අල්ලා ගත්තේ ය.
"යේන්...."
යේන් එලෙසම සිට හිස හරවා ෂමිත් දෙස බැලුවේ ය.
"මේක මගෙ personal ප්‍රශ්නයක්. ඔයා මේකට පැටලෙන්න එපා. Please. මං නිසා මේකට පැටලුනොත් ඔයාටත් වෙන්නේ-"
ඔහුට එය කියා නිම කරන්නට නොහැකි විය. කොහේ දෝ තිබී කලු පැහැති යමක් පිටතට ඇද ගත් ඔවුන් ඉදිරියේ සිටි අනෙක් මිනිසා එය යේන් හා ෂමිත් දෙසට එල්ල කළේ ඉතා වේගයෙනි. ෂමිත්ගේ දෑස් විශාල වූයේ ඔහුට හුස්මක් ද ඉහළට ඇදෙන විට යි.
"ළඟට එන්නෙපා! ආවොත් වෙඩි තියනවා! තොපිට කියන්නේ! තව අඩියක් එන්න එපා!"
වෙව්ලන දෑතින් කුඩා කලු පැහැති ගිනි අවියක් අල්ලාගෙන සිටි මෙම පුද්ගලයා උස් හඬින් කෑගසන්නට විය. යේන් සිටියේ ෂමිත්ට වඩා අඩියක් ඉදිරියෙනි. ෂමිත් ඔහු දෙස බැලුවේ ය. ඔහුගේ කිසිදු වෙනසක් පෙනෙන්නට නැත. ෂමිත් එක් මොහොතකට කරන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිව අතරමං විය.
"ළඟට එන්න එපා! නැවතියං!"
ඔහු කෑගසන විට යේන් ඔහු දෙසට තවත් අඩියක් ළං වූයේ කිසිදු හැල හොල්මනක් නැතිව ය.
"යේන්!"
ෂමිත්ට කෑගැසින. එය නොසලකා හැරි යේන්, තවත් අඩියක් ඉදිරියට තැබුවේ ය. ගිනි අවිය අල්ලාගෙන සිටි තැනැත්තාගේ අත් මේ වන විට අනවශ්‍ය ලෙස වෙව්වලීමට පටන් ගෙන තිබිණි. කවුරුන් හෝ ඉදිරියට පැන්නා නම් එය පහසුවෙන් ඔහුගේ අතින් ඩැහැ ගන්නට ද හැකියාව තිබිණ. ෂමිත් එය සිතුවත් ඔහුට එය කළ නොහැකි ය. ඔහුට වඩා යේන් ගිනි අවියේ කටට ආසන්න ය. ඔහුට සිතුනේ මේ දැන් දැන් කොයි මොහොතේ හෝ එය පත්තුවේ යැයි කියා පමණි.
'මං මොකක්ද කරන්නේ?!'
'මොකක් ද කරන්නේ?!'
'මොකක් ද කරන්නේ?!'
'යේන්! ප්ලීස් ඔතනින් අහකට වෙනවා!'
ඔහුගේ සිත කෑගසන්නට විය. ඒත් සමග යේන් තවත් අඩියක් ඉදිරියට තැබූ අතර ගිනි අවිය අල්ලාගෙන සිටි පුද්ගලයාට තවත් එය නිසි ලෙස අල්ලාගෙන සිටින්නට නොහැකි බව පෙනින. එය පත්තුවේ යැයි බිය වූ ෂමිත්, ක්ෂණිකව යේන්ගේ ඉදිරියට පනිමින් යේන් හා ගිනි අවිය අතරට පැමිණියේ ය.
"නොයෙල්-"
යේන් කුමක් හෝ කියන්නට සූදානම් වුවත් ෂමිත් ඒ සැනින් අනෙක් පුද්ගලයා අත තිබූ ගිනි අවිය තම වමතින් අල්ලා ගත්තේ ය. ඔහු එය හරියටම අල්ලා ගත්තේ එහි තුවක්කු කට ඔහුගේ අල්ලෙන් ආවරණය වන අයුරෙනි. එයින් යේන්ගේ දෑස් මොහොතකට පුදුමයෙන් විශාල වූවා කියතොත් නිවැරදි ය. ෂමිත් එය අල්ලා සිටි එකාගේ අතින් එය උදුරා වේගයෙන් පසෙකට විසි කර දැමුවේ තප්පරයකටත් වඩා අඩු කාලයකිනි. ඔහු, එහි උණ්ඩයක් ඔහුගේ අල්ල පසා කරගෙන යන අයුරු ඒ වන විටත් සිතින් මවාගෙන සිටියේ ය. සැබැවින්ම ඔහු එවැන්නකට මුහුණ දීමට සිටියේ සම්පූර්ණ සූදානමෙනි. නමුත් ඔහු අපේක්ෂා කළ පරිදි එය ක්‍රියාත්මක වූයේ නැත. එය බිම දිගේ ලිස්සා ගොස් කොරිඩෝවේ පැති බිත්තියේ වැදී නැවතින.
සිදු වූ දෙය වටහා ගත නොහැකි වූ අනෙක් පුද්ගලයා ඒ ක්ෂණිකව අනෙක් පස හැරී දුවන්නට පටන් ගත්තේ ය. ඔහු කොරිඩෝවේ අඳුර අතර නොපෙනී යන්නට උපරිම තප්පර කිහිපයක් ගත වන්නට ඇත. යේන්වත්, ෂමිත්වත් ඔහු පසුපස ලුහුබඳින්නට උත්සහ කළේ නැත. යේන් තවමත් බලා සිටියේ ෂමිත් දෙස ය. ෂමිත් මේ වන විට සිටියේ බිමට පහත් වී හති ද අරිමිනි. ගිනි අවියක් මුහුණ ඉදිරියට එල්ල වූ විට ඇතිවූ තිගැස්ම තවමත් ඔහුට පහ කර ගන්නට නොහැකි බව පෙනින.
"නොයෙල්?"
ෂමිත් හිස යන්තම් හරවා බැලුවේ ය. යේන්ගේ ස්වරය පෙරට වඩා රළු බව ෂමිත්ට හොඳින් ම වැටහිණි.
"මොකක්ද ඒ කළේ?! ඒක ඇත්ත එකක් උනා නම් මොකක් ද කරන්නේ?! ගොං වැඩ කරන්න එපා!"
ෂමිත් අකුණක් ගැසුවාක් මෙන් කෙළින් විය.
"මොකක් ද කිව්වේ?! ඇත්ත එකක් උනා නම්?!"
ෂමිත්ගේ හඬ මුලු කොරිඩෝවට ම ඇසෙන්නට ඇත.
"That's a fake."
යේන් කීවේ ඔවුන්ට මදක් එහායින් බිත්තිය අයිනේ වැටී ඇති ගිනි අවිය දෙස බලමිනි.
"Fake?! අරක fake?!"
ෂමිත් ආවේගයෙන් කියවන්නට විය. ඔහුට කෝපයට වඩා ඇති වූයේ ලැජ්ජාවකි.
"ඇයි කලින් කිව්වේ නැත්තේ ඒක fake කියලා?!"
"කියන්න තමා ගියේ. ඒත් ඊට කලින් තමා ඔයා වීරයා වගේ මැද්දට පැන්නේ."
යේන් එලෙස කීවත් සිදු වූයේ එය නොවේ. එය බොරු ගිනි අවියක් බව දැන ගත් මොහොතේ ම ඔහුට එවැනි අවස්ථාවක දී ෂමිත්ගේ ප්‍රතිචාරය කුමක් වේ දැයි බලා ගන්නට පැමිණියේ දැඩි කුතුහලයකි. එය සත්‍ය ගිනි අවියක් නොවන බව දැන දැනත් යේන් එය එවැන්නක් සේ පිටට පෙනෙන ලෙස රඟපාන්නට හේතුව එය යි. ඔහු එවැනි අවස්ථාවල පවා අනතුරුදායක සෙල්ලම් කරන්නට එක තප්පරයක් හෝ පැකිලෙන පුද්ගලයෙකු නොවේ.
"What the fuck? Fake? මුං සෙල්ලම් බඩුවක් අරන් ද මාව කන්න ආවේ?! මුගෙ අම්මට!"
කියමින් ෂමිත් නිවස තුළට යන්නට හැරුනේ වේගයෙනි. යේන් ද ඔහුත් සමග ම එදෙසට හැරින. ඒ ක්ෂණිකව විවර කර තිබූ ෂමිත්ගේ නිවසේ දොරෙන්, ඔවුන් දෙදෙනාගේ ඉදිරියට තවත් අයෙකු කඩා පාත් වූයේ ඔවුන් දෙදෙනාවම තිගස්සවමිනි. ඒ පුද්ගලයා කවුරුදැයි ෂමිත් ඒ වන විටත් දැන සිටියේ ය. ෂමිත් නිවස දෙසට හැරුණේ ද ඒ පුද්ගලයාවම හමුවීමේ අරමුණෙනි.
ඔවුන් දෙදෙනාට පෙර පිටත කොරිඩෝවට කඩා වැදුනු පිස්සෙකු වැනි ඒ පුද්ගලයා ක්‍රියාත්මක වූයේ අධික වේගයෙනි. ඔහු පිටුපසට කරගෙන සිටි ඔහුගේ අතක් වේගයෙන් ඉදිරියට ගන්නවාත් සමගම, ඔහුගේ ඇඟිලි අතරට සිර වී තිබූ දේ කුමක්දැයි වටහා ගත් යේන් ද ෂමිත්ට පෙර ක්‍රියාත්මක විය. ෂමිත්ව පසු කරගෙන අඩියක් ඉදිරියට පැමිණි යේන්, අනෙකා ඔවුන් දෙසට අත දිගු කරනවාත් සමගම තමාව ද ආවරණය වන පරිදි ඔහුගේ වමත නවා තමාට ඉදිරියෙන් අල්ලා එම පහර අවහිර කරන්නට සමත් විය.
සියල්ල මොහොතකට නිහඬ විනි. යේන්ගේ මුවින් කිසිදු හඬක් පිට නොවින. ඔහු හැඟීම් විරහිතව ඔහු ඉදිරියේ සිටි මේ කේඬෑරි මිනිසා දෙස බලා සිටියේ ය. ඔහු මත් ද්‍රව්‍ය ඇබැහියෙක් බව වටහා ගන්නට යේන්ට තප්පර දෙකක්වත් ගත නොවින. ඒ මොහොතේ අන් සියල්ලටම වඩා බියෙන්, තිගැස්සී සිටියේ එම වෙව්ලන පුද්ගලයා ය. ඔහු යේන්ව හඳුනා ගත්තාක් මෙන් හුස්මක් ද ඉහළට ඇද ගත්තේ ය.
ක්ෂණිකව යේන්ගේ ඉදිරියට පැන ඔහුගේ අත දෙස බැලූ ෂමිත්ගේ දෙලොව රත් විය. යේන්ගේ අතේ පිට පැත්තේ වැළමිට හා මැණික් කටුවට අතර කොටසේ ඇමිණී තිබුණේ ෂමිත්ගේ කුස්සියේ තිබූ යම් යම් කුඩා දේ කැපීමට ගන්නා අඟල් පහක හයක පමණ දිගු තලයක් සහිත කුඩා පිහියකි. යක්ෂාවේශයෙන් ඔවුන්ට පහර දුන් පුද්ගලයා වෙතට හැරුණු ෂමිත් තප්පරයක් හෝ පමා නොවී ඔහු වෙත කඩා පැන්නේ ඔහුගේ දකුණතේ තිබුණු යකඩ පොල්ල ද පැත්තකට විසි කරමිනි. එය විසි වී ගොස් බිත්තියේ වැදුණු තැන බිත්තියේ කපරාරුව ද කඩතොළු වී ගියේ ය.
"මං තමුසෙව අද ඉතුරු කරන්නෑ!"
මහ හඬින් කෑ ගැසූ ෂමිත් ඒ පුද්ගලයා වෙතට කඩා පැන්නත් මේ සිදු වූ සියල්ලෙන්ම දැඩි සේ ව්‍යාකූලවත්, බියටත් පත්ව සිටි ඔහු අනෙක් පස හැරී දුවන්නට විය. එක් තප්පරයක් පමා නොවූ ෂමිත් ද ඔහුව ලුහුබැඳ යන්නට විය. ඔවුන් දෙදෙනා ම පඩිපෙළ පහළට දිවූ බව යේන් දුටුවේ ය. ඊළග මොහොතේ ඇසුණේ වේදනාත්මක කෑ ගැසීමකි. යේන් දුව ගොස් පළමු පඩියෙන් නැවතී සිදු වන්නේ කුමක්දැයි බැලී ය.
මේ වන විටත් යේන්ට පහර දුන් පුද්ගලයාගේ කට ආසන්නයේ තුවාල වී ලේ වැක්කෙරෙමින් තිබිණි. ෂමිත් ඔහුගේ ෂර්ට් කොලරයෙන් මිරිකා අල්ලාගෙන, ඔහුව පඩිපෙළ අයිනේ පැති බිත්තියට හේත්තු කර ගෙන සිටියේ ය. ෂමිත් සිටියේ පියවි සිහියෙන් නොවන බව බැලූ බැල්මට පෙනිනි. අනෙකා ෂමිත්ගේ ග්‍රහණයෙන් මිදෙන්නට හැකි වෙර යොදා දඟලන්නට විය.
"මං කලිනුත් කිව්වා! තමුසේ සීමාව පැන්න දවසට තාත්තා කියලා බලන්නෑ කියලා!"
ෂමිත් එම පුද්ගලයාගේ මුහුණට ම කෑ ගසන්නට විය. එය ඇසුනු යේන්ට එලෙසම හුස්මක් ඉහළට ඇදිණි. මේ අතර ෂමිත්ගේ පියාගේ ගෙල අල්ලාගෙන සිටි ෂමිත්ගේ ග්‍රහණය තවත් තද වූ අතර ඔහු මදක් ඉහළට ද එසවුනේ තම ගෙල සිර නොවන අයුරින් කකුලේ ඇඟිලි තුඩුවලින් ද සිට ගනිමිනි.
මෙය තවත් දුර දිග ගියහොත් ෂමිත්ගේ පියාගේ හුස්ම හිර වන්නට වැඩි වේලාවක් ගත නොවන බව වටහා ගත් යේන් ඉක්මනින් පඩිපෙළ බැස ඔවුන් අසලට ළං විනි. ඔහු පැමිණෙන ඒ අතරවාරයේ ෂමිත් අත මිට මොළවා දෙවෙනි පහර ද ඔහුගේ පියාගේ මුහුණට එල්ල කළේ ය. එය වැදුණේ ඔහුගේ කම්මුලට මදක් ඉහළිනි. තවත් සෙන්ටිමීටරයක් ඉහළට එම පහර වැදුනා නම් ඔහුගේ ඇසට මදක් ඉහළ සම පැලී යන්නට ඉඩ තිබිණ.
"අද ඉඳල තමුසේ මගේ තාත්තා නෙවෙයි! මගෙ මොකෙක්වත් නෙවෙයි! කාලකණ්ණියා! මං තමුසෙගේ ළමයෙක් වෙලා ඉපදුනේ මගෙ කරුමෙට!"
ෂමිත් මිට මෙළවූ අත නැවත පසුපසට ගත්තේ තවත් පහරක් එල්ල කිරීමේ සූදානමෙනි. ඔහුගේ පියා මේ වන විටත් සිටියේ අප්‍රාණිකව ය. නමුත් ෂමිත්ගේ අත, ඉතා දැඩි ග්‍රහණයකට හසු වීම නිසා අතරමග නැවතිණි.
"නොයෙල්. දැන් ඇති. ඔය මිනිහට යන්න දෙන්න."
ෂමිත් යේන් දෙස ද බැලුවේ දැවී යන කෝපයෙනි.
"අතඅරිනවා!"
ෂමිත් එතරම් උස් නොවූ එහෙත් දැඩි අවධාරණාත්මක හඬකින් කීවේ යේන්ට ය. නමුත් යේන්ගේ මුහුණේ හෝ ග්‍රහණයේ අංශු මාත්‍රයක වෙනසක් සිදු නොවිනි.
"තව එක පාරක් හරි වැදුනොත් ඔය මිනිහ මැරෙනවා. දැනටත් මැරිල වගේ. හිරේ යන්න ද ඕනේ?"
යේන්ගේ ස්වරයේ තිබුණේ සන්සුන් බවකි. එවැනි පීඩනකාරී වාතාවරණයක එවැනි ස්වරයක් ඇසීමේ ඇති නුහුරු බව නිසාම දෝ වෙඩි කෑ කොටියෙකු මෙන් සිටි ෂමිත් සැනෙකින් ඒ හඬට හීලෑ විය. මිට මොළවාගෙන සිටි ඔහුගේ අතේ දරදඬු බව ලිහිල් වුවත් යේන් ඔහුගේ අත අත් නොහැරියේ ය.
"ඕක කරන්න ඕනේ ක්‍රමේ ඕක නෙවෙයි. දැනට ඔය මිනිහව අත අරින්න."
ෂමිත්ගේ අතැඟිලිවලට තද වී තිබූ ඔහුගේ පියාගේ ෂර්ට් කොලරය ද මදින් මද ලිහිල් විනි. ඒත් සමග ෂමිත්ගේ දෑස යොමු වූයේ බිමට වැටෙන කුමක් හෝ යමක් වෙත ය. ඔහුට ඒ සැනින් ඔහුගේ පියාගේ ෂර්ටය සම්පූර්ණයෙන්ම අත් හැරිණි. එයින් සමබරතාවය ගිලිහී ගිය ඔහුගේ පියා බිත්තිය දිගේ විත් බිම ඉන්දවිනි. නමුත් මේ වන විට ඔහු සැබැවින්ම සිටියේ පියවි සිහියෙනි. ඔහු යන්තම් විවර කර ගත් දෑසින් යුතුව තමා ඉදිරියේ සිටින තම පුතු දෙස බැලුවේ ය.
"Fuck! Fuck! ඔයාගේ අත!"
ෂමිත් ක්ෂණිකව යේන්ගේ අතේ මැණික් කටුවෙන් අල්ලා අත ඔසවා බැලුවේ ය. ඔහුගේ වැළමිටට මදක් එහායින් තවමත් එම පිහිය, ඇඳුමේ රෙද්ද ද කපාගෙන ගොස් ඇමිණී තිබූ අතර එයින් එක දිගටම ලේ බිංදු බිංදු බිමට වැක්කෙරෙමින් තිබිණි. ඒ දුටු ෂමිත් ඔලුවේ අත ගසා ගත්තේ අමු සිංහල කුණුහරුපයක් කියමිනි.
"It's fine. ගැඹුරට කැපිලා නෑ."
යේන් කීවේ ඔහුගේ සාමාන්‍ය ස්වරයෙනි.
"මගුලක් කියන්න එපා! අඟල් ගානක් කැපිලා!"
ෂමිත් උස් හඬින් කෑ ගසන්නට විය.
"නොයෙල්. තුවාලේ deep නෑ. මට රෙදි කෑල්ලක් නැද්ද ගැට ගහ ගන්න?"
යේන් කියන විටත් ෂමිත් පඩිපෙළට ඉහළට දුවා අවසන් ය.
"ඔහොමම ඉන්න පිහිය ගලවන්න එපා! මං ටක් ගාලා රෙදි කෑල්ලක් අරන් එන්නම්!"
ඔහු පඩිපෙළ ඉහළට දිව යන අයුරු බලා සිටි යේන්, ඒ මොහොතේම බිම වැටී සිටි ෂමිත්ගේ පියා දෙසට හැරින.
"ඕයි! බොරුවට සිහිය නෑ වගේ ඉන්න එක නවත්තනවා."
යේන්ගේ ගැඹුරු හඬ ඇසෙන විට නම් ෂමිත්ගේ පියා හිස යන්තම් ඔසවා ඔහු දෙස බැලී ය.
"තමුසේ මාර ඩයල් එකක් නේ. පිහියක් අරන් එන්න තරම්?"
කියමින් යේන් ෂමිත්ගේ පියාගේ මුහුණට සමාන්තරව පහත් විය.
"තමුසෙට..... ඇත්තට ම පිස්සු ද?"
ෂමිත්ගේ පියා නිහඬ ය. ඔහුට කියන්නට දෙයක් තියා, තමා ඉදිරියේ සිටින මේ මිනිසා කරන්නට, කියන්නට යන්නේ කුමක්දැයි කියාවත් සිතා ගන්නට නොහැකි ය.
"මෙන්න මේක හොඳට අහ ගන්නවා. මට අදාළ නෑ තමුසේ නොයෙල්ගේ තාත්තා උනත්, බාප්පා උනත්. හැබැයි ආයේ.... නොයෙල්ට අත තියලා මට අහු උනොත්. තමුසෙට බලා ගත්තහැකි ඇත්තම පිස්සෙක් හැසිරෙන්නේ කොහොම ද කියලා....."
සිනාවකින් යුතුව කියමින්, යේන් ඔහුගේ පිහිය ඇමිණී තිබූ අත, මේ බිම වැටී සිටි මිනිසාගේ දෑස් ඉදිරියට ගෙන ආවේ ඔහුට එය හොඳින් දර්ශනය වන අයුරිනි. ඊළඟ මොහොතේ තම දකුණතින් පිහියේ මිටෙන් අල්ලා ගත් යේන් එය පිටතට ඇද දැමුවේ වේගයෙනි. මෙතෙක් වේලා පිහියේ තලයට සිර වී තිබූ රුධිරය එක දිගට ම ඔහුගේ අතත්, ඇඳුම දිගටත් ගලා ගොස් බිමට වැක්කෙරෙන්නට විය.
"ඇයි දන්නවද? මං තමුසෙට වඩා පිස්සෙක්!"
සාමාන්‍ය ආකාරයේ සිනහවකින් යුතුව කියූ යේන් සිට ගත්තේ ලේ තැවරුණු පිහිය ඔහුගේ කලිසමේ පිටුපස සාක්කුවේ රුවා ගනිමිනි.
"නොයෙල්ට panick උන පාරට මතක නෑ මෙතන එහා පැත්තේ doctor කෙනෙක් ඉන්නව කියලත්. දැන් ආයේ දුවගෙන එයි ඒක මීටර් උනාම. තමුසේ.... මං එතෙන්ට ගිහින් ආයේ එන්න කලින් මෙතනින් යනවා! ඇවිදින්න බැරි නම් බඩගාගෙන හරි කමක් නෑ. මං ආයේ එද්දී. තමුසෙගේ හෙවනැල්ලවත් පේන්න තියෙන්න බෑ...."
යේන්ට තවත් යමක් කියන්නට ඉඩ ලැබුණේ නැත. කුඩා සාලුවක් වැනි රෙද්දක් රැගෙන වේගයෙන් දිව ආ ෂමිත් ලොකු හුස්මක් ඇද ගනිමින් නැවතුනේ යේන්ගේ අතෙන් පෙරට වඩා දරුණු ලෙස වෑහෙන රුධිරය දැකීමෙනි.
"යේන්! මොන මගුලට ද පිහිය අයින් කළේ?! මං කිව්වා අයින් කරන්න එපා කියලා! පිස්සු ද?!"
ෂමිත් උස් හඬින් යේන්ට බැණ වදිමින් ඔහු අත තිබූ රෙදි කැබැල්ල යේන්ගේ අතේ ඔතන්නට විය.
"Calm down නොයෙල්. මේක පොඩි තුවාලයක්."
යේන් සන්සුන් ස්වරයෙන් කියන්නට විය. ෂමිත්ගේ පියා මේ දෙස සිහිසුන් අයුරෙන් බලා සිටියත් ඔහුගේ මුහුණ හොල්මනක් දුටු කලක මෙන් සුදුමැලි වී තිබිණි.
"පොඩි?! මගෙන් මුකුත් අහ ගන්න එපා! මට අමතක උනා මෙතන doctor තාම ඉන්නවා කියලා. එනවා ඉක්මනට ගිහින් බේත් දා ගන්න!"
කියූ ෂමිත් රෙදි කැබැල්ල එතූ යේන්ගේ අතෙන් එලෙසම අල්ලාගෙන, ඔහුව ඇදගෙන මෙන් පඩිපෙළ බසින්නට විය. යේන් ඔහුත් සමග පඩිපෙළ බසින අතර ම හිස පිටුපස හරවා බිම වැටී සිටි බියපත් මිනිසා බැලුවේ ය. ඔහුගේ දෑස් යොමු වී තිබුණේ ද මේ දෙදෙනා වෙතටම ය. පඩිපෙළ බසින අතරම යේන් දකුණත මදක් ඔසවා 'ගිහින් එන්නම්!' වැනි අදහසක් හඟවන ආකාරයෙන්, ෂමිත්ගේ පියාට අතින් සංඥා කළේ මුව අගට සිනාවක් නගා ගනිමිනි.
------------------------
Author's note:
Sorry for the late guys.😬 but the chapter's good right? 😜😄❤️🖤🤍