The Deathtrap

Від Sharongege

212K 37.9K 7.6K

"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා... Більше

1 පරිච්ඡේදය
2 පරිච්ඡේදය
3 පරිච්ඡේදය
4 පරිච්ඡේදය
5 පරිච්ඡේදය
6 පරිච්ඡේදය
7 පරිච්ඡේදය
8 පරිච්ඡේදය
9 පරිච්ඡේදය
10 පරිච්ඡේදය
11 පරිච්ඡේදය
12 පරිච්ඡේදය
13 පරිච්ඡේදය
14 පරිච්ඡේදය
15 පරිච්ඡේදය
16 පරිච්ඡේදය
17 පරිච්ඡේදය
18 පරිච්ඡේදය
19 පරිච්ඡේදය
20 පරිච්ඡේදය
22 පරිච්ඡේදය
23 පරිච්ඡේදය
24 පරිච්ඡේදය
25 පරිච්ඡේදය
26 පරිච්ඡේදය
27 පරිච්ඡේදය
28 පරිච්ඡේදය
29 පරිච්ඡේදය
30 පරිච්ඡේදය
31 පරිච්ඡේදය
32 පරිච්ඡේදය
33 පරිච්ඡේදය
34 පරිච්ඡේදය
35 පරිච්ඡේදය
36 පරිච්ඡේදය
37 පරිච්ඡේදය
38 පරිච්ඡේදය
39 පරිච්ඡේදය
40 පරිච්ඡේදය
41 පරිච්ඡේදය
42 පරිච්ඡේදය
43 පරිච්ඡේදය
44 පරිච්ඡේදය
45 පරිච්ඡේදය
46 පරිච්ඡේදය
47 පරිච්ඡේදය
48 පරිච්ඡේදය
49 පරිච්ඡේදය
50 පරිච්ඡේදය
51 පරිච්ඡේදය
52 පරිච්ඡේදය
53 පරිච්ඡේදය
Special note
54 පරිච්ඡේදය
55 පරිච්ඡේදය
Author's note
56 පරිච්ඡේදය
57 පරිච්ඡේදය
58 පරිච්ඡේදය
59 පරිච්ඡේදය
60 පරිච්ඡේදය
61 පරිච්ඡේදය
62 පරිච්ඡේදය
63 පරිච්ඡේදය
64 පරිච්ඡේදය
65 පරිච්ඡේදය
66 පරිච්ඡේදය
67 පරිච්ඡේදය
68 පරිච්ඡේදය
69 පරිච්ඡේදය
70 පරිච්ඡේදය
71 පරිච්ඡේදය
72 පරිච්ඡේදය
73 පරිච්ඡේදය
74 පරිච්ඡේදය
75 පරිච්ඡේදය
76 පරිච්ඡේදය
77 පරිච්ඡේදය
78 පරිච්ඡේදය
79 පරිච්ඡේදය
80 පරිච්ඡේදය
81 පරිච්ඡේදය
82 පරිච්ඡේදය
83 පරිච්ඡේදය
84 පරිච්ඡේදය
85 පරිච්ඡේදය
86 පරිච්ඡේදය
87 පරිච්ඡේදය
88 පරිච්ඡේදය
89 පරිච්ඡේදය
90 පරිච්ඡේදය
91 පරිච්ඡේදය
92 පරිච්ඡේදය
93 පරිච්ඡේදය
94 පරිච්ඡේදය
95 පරිච්ඡේදය
Author's note
Special note
96 පරිච්ඡේදය
97 පරිච්ඡේදය
98 පරිච්ඡේදය
99 පරිච්ඡේදය
100 පරිච්ඡේදය
101 පරිච්ඡේදය
102 පරිච්ඡේදය
103 පරිච්ඡේදය
104 පරිච්ඡේදය
105 පරිච්ඡේදය
106 පරිච්ඡේදය
107 පරිච්ඡේදය
108 පරිච්ඡේදය
109 පරිච්ඡේදය
110 පරිච්ඡේදය
111 පරිච්ඡේදය
112 පරිච්ඡේදය
113 පරිච්ඡේදය
114 පරිච්ඡේදය
115 පරිච්ඡේදය
116 පරිච්ඡේදය
117 පරිච්ඡේදය
118 පරිච්ඡේදය
119 පරිච්ඡේදය
120 පරිච්ඡේදය
121 පරිච්ඡේදය
Special note
122 පරිච්ඡේදය
123 පරිච්ඡේදය
124 පරිච්ඡේදය
125 පරිච්ඡේදය
126 පරිච්ඡේදය
127 පරිච්ඡේදය
128 පරිච්ඡේදය
129 පරිච්ඡේදය
130 පරිච්ඡේදය
131 පරිච්ඡේදය
132 පරිච්ඡේදය
133 පරිච්ඡේදය
134 පරිච්ඡේදය
135 පරිච්ඡේදය
136 පරිච්ඡේදය
137 පරිච්ඡේදය
138 පරිච්ඡේදය
139 පරිච්ඡේදය
140 පරිච්ඡේදය
141 පරිච්ඡේදය
142 පරිච්ඡේදය
143 පරිච්ඡේදය
144 පරිච්ඡේදය
145 පරිච්ඡේදය
146 පරිච්ඡේදය
147 පරිච්ඡේදය
148 පරිච්ඡේදය
149 පරිච්ඡේදය
150 පරිච්ඡේදය
Author's note
Special Note

21 පරිච්ඡේදය

1.6K 310 13
Від Sharongege

"Hello? Yeah bro. මං දැං එහෙ තමයි ඉන්නේ." 

යේන්ගේ සාමාන්‍ය සුපුරුදු ස්වරය ඇසෙන විට ෂමිත් හිස හරවා ඔහු දෙස බැලුවේ ය. වයින් මේසයට පිටුපස හරවා හේත්තු වූ ඔහු එක් අතකින් වයින් වීදුරුව සොලවමින් අනෙක් අතින් ජංගම දුරකථනය අතේ තබාගෙන කතා කරන්නට විය. 

"විකාර ද අයිසේ? මටත් යන්න පුලුවන් සීමාවක් තියෙනවනේ. I'm trying." 

"ඔව්,ඔව්. He's not bad." 

එසේ කියමින් යේන් ෂමිත් දෙස බැලුවේ ය. බැලුවා නොව ඔහුට නිරායාසයෙන්ම බැලිනි. 

"ඔව්. මෙතන ඉන්නවා." 

ඔහු කීය. මේ කියන්නේ තමන් පිළිබඳව ද? ෂමිත් තවත් මදක් ඔහුගේ අවධානය වැඩි කළේ ය. 

"බලමු. මන් දන්නවා. උන් මේක අත අරින්නෑ. We'll see...." 

යේන් කීවේ සිනාසෙමිනි. ඔහු කතා කළේ මිතුරෙකු සමග මිස තරහකරුවෙකූ සමග නොවන බව ෂමිත් තේරුම් ගත්තේ ය. ඇමතුම අවසන් කළ යේන් දුරකථනය ඔහුගේ සාක්කුවට දමා ගෙන නැවත අනෙක් පස හැරිනි. ඒත් සමග තවත් කෙනෙකු ඔවුන් දෙසට පැමිණෙන ආකාරය ෂමිත් දුටුවේ ය. කුණු කතාවක් අසා ගන්නට ෂමිත් සුදානම් වූයේ ඔහුව දුර තියාම දුටු විට ය. 

"යේන්...."

ෂමිත් කියන විට ඔහු දෙස බැලු යේන් ද අනෙක් පස හැරී ෂමිත් බලා සිටින දෙය වෙතම නෙත් යොමු කළේ ය. යේන් පැමිණෙන පුද්ගලයාගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියේ කිසිදු පැකිලීමකින් තොරව ය. ඒ වෙනකෙක් නොව යේන්ගේ පියා ය. ඔහුගේ දැවෙන කෝපය ඔහුගේ දෑස්වලින් ම වටහා ගත හැකි විය.

"යේන්!" 

ඔහුගේ ස්වරයේ ද වෙනසක් නොවින.

"ඇයි?" 

යේන්ගේ ස්වරය සන්සුන් ය. ෂමිත් පසෙකට වී දෙදෙනා දෙස ම බලා සිටියේ ය. 

"තමුසෙගේ ඔලුව හොඳ නැද්ද?!" 

"ඒක වෙලා දැන් ගොඩක් කල් නේ? Who do you think responsible for that?!"

මේ දැන් දැන් කුමාර් සිංහපෘථිවිගේ ඉවසීමේ සීමාව පනීවි යැයි ෂමිත් සිතුවේ ය. ඔහුට සිතුනේ ම යේන් ඔහුගේ පියාගෙන් කනේ පහරක් කන්නට ආසන්න බව ය. නමුත් මෙවැනි අවස්ථාවක ඔහුට එලෙස අදූරදර්ශී ලෙස හැසිරීමට ද නොහැකි ය. 

"මට තමුන් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. එනවා. මෙතන පිස්සු නටන්න හදන්නැතූව!" 

යේන් කිසිදු වෙනසක් නැතිව තම පියා දෙස බලා සිටියේ ය. 

"යේන්. මෙතන කතා කරන්න බෑ. මේක ඔයාගේ සීයත් සම්බන්ධ දෙයක්. ඒ නිසා කරුණාකරලා කියන දේ කරනවා!" 

"මොකක් ගැන ද කියන්න යන්නේ?" 

යේන්ගේ ස්වරයේ කිසිදු වෙනසක් නැත. 

"තමුන්ට මෙච්චර කල් ඕනෙ වෙලා තිබ්බ දේ ගැන තමයි!"

එය ඇසෙන විට ෂමිත්ගේ දෙනෙත් ක්ෂණිකව යේන් වෙත යොමු විනි. නමුත් යේන් හැඟීම් විරහිත මුහුණකින් තම පියා දෙස බලා සිටියේ ය. ඔහුට ඔහුගේ පියාගේ වචන පිළිබඳ අංශු මාත්‍රයක විශ්වාසයක් නැතිවා සේ ය. 

"යන්න." 

යේන් ක්ෂණිකව ෂමිත් දෙස බැලුවේ ය. ෂමිත් හිසින් ද සංඥා කර ඔහුගේ පියා සමග කතා කරන ලෙස යේන්ට ඇඟවී ය. මදක් ඔහු දෙස බලා සිට සුසුමක් පිට කළ යේන් අඩියක් ඉදිරියට තබා නැවත ෂමිත් දෙස බැලුවේ ය. 

"Will you be alright?" 

යේන් ඇසී ය. කුමාර් සිංහපෘථිවිගේ නොඉවසිලිමත්භාවය එන්න එන්නම වැඩි වන බව පෙනින. ඔහුට අවශ්‍ය වූ මුලික ම දෙය යේන්ව ෂමිත්ගෙන් ඈතට ගෙන යාම මිස වෙනකක් නොවන බව ඔවුන් දෙදෙනා ම දැන සිටියහ. 

"I'm fine. You go." 

ෂමිත් මද සිනහවකින් යුතුව කීවේ ය. ඔහු දෙස බලා සිටි යේන් යන්නට හැරිනි. 

"අ..... යේන්?" 

ක්ෂණිකව නැවතුනු යේන් නැවත හැරී ෂමිත් දෙස බැලුවේ ය. 

"කොහේ ගියත් කමක් නෑ ඉක්මනට එන්න." 

යේන්ගේ මුවගේ සියුම් සිනහවක් ඇඳී ගියේ ෂමිත්ගේ රංගන කුසලතාව නිසා ද නැතිනම් ඒ රඟපෑමෙන් ඔහුගේ පියාගේ වැඩි වන කෝපය දුටු නිසාදැයි කිව නොහැකි ය. නමුත් ඔහු එම සිනාවෙන් ම ෂමිත් දෙස බලා එක් ඇසකින් ඉඟි කළේ ය. 

"I'll be right back. මෙතන ම ඉන්න." 

කියමින් යේන් ඔහුගේ පියා සමග වෙනත් දෙසකට හැරිනි. මොහොතකින් ඔවුන් නොපෙනී යාමත් සමග සුසුමක් පිට කළ ෂමිත් කම්මැලිකම හේතුවෙන් හා අන් අයගේ දෑස් මග හැරීමේ උවමනාවෙන් ඔහුගේ ජංගම දුරකථනය අතට ගත්තේ ය. ඒ අතරතුර වයින් තබා තිබූ මේසය වෙතට එහි සේවකයෙකු පැමිණ නැවතිණ. ඔහු නිහඬව ඔහුගේ රාජකාරියේ යෙදෙන අතරතුර ෂමිත් දෙස ද බැලුවේ ය.

"Sir, you need something to drink?" 

ෂමිත් ඔහු දෙස හිස හරවා බැලුවේ ය. 

"අහ්. No. Thanks for asking." 

එයට පිළිතුරු දුන් ෂමිත් ඔහු සමග සිනහ විය. ඔහු ද මිත්‍රශීලී අයෙකු බව පෙනින. ෂමිත් මද වේලාවක් දුරකථනයේ උඩට පහළට ගමන් කරමින් සිටින අතරවාරයේ කවුරුන් හෝ ඔහු ඉදිරියට පැමිණ නැවතුණු බව දැකීමෙන් ඔහු හිස ඔසවා බැලුවේ ය. තමන් ඉදිරියේ සිටගෙන සිටි තරබාරු වයසක පුද්ගලයා කවුරුන් ද යන්න ඔහුට හැඳින්වීම් අවශ්‍ය නැත. මේසයට හේත්තු වී සිටි ෂමිත් ඔහුගේ දුරකථනය සාක්කුවට දමා ගනිමින් කෙළින් විය. 

"අපි ආයේ හම්බුනා එහෙනම්?" 

ඩැනියෙල් සිංහපෘථිවිගේ ස්වරය හමුවේ ෂමිත්ගේ මුහුණේ හැඟීම් යන්තම්වත් වෙනස් වූයේ නැත. ඔහු හැඟීම් විරහිත දෙනෙතකින් මේ වයසක මිනිසා දෙස බලා සිටියේ ය. 

"අනිවාර්යයෙන්ම හම්බු වෙන්න ඕනෙනේ." 

ෂමිත්ගේ වදන් හා ස්වරය හමුවේ ඔහු දෙස තියුණු බැල්මකින් බලා සිටි ඩැනියෙල් සිංහපෘථිවිගේ මුහුණේ ඇඳී තිබූ සිනාව ක්ෂණිකව මැකී ගියේ ය. 

"මට පේනවා ඔයා කලින්ට වඩා හොඳට කතා කරනව කියලා..... ලෑස්ති වෙලා ද ආවේ? ම්..... මොකක්ද නම කිව්වේ?" 

ඔහු ඇසුවේ එතැන තිබූ වයින් මේසයට හිඳ ගනිමිනි. ඔහු තමා සමඟ දිගු කතා බහකට සූදානම් වන බව ෂමිත් තේරුම් ගත්තේ ය. ඔහුත් මේසය වෙතට හැරී එයට දෑත් තබාගෙන බර වුවත් එයින් හිඳ ගත්තේ නැත. 

"මට කලින් ඉඳල කතා කරන්න බැරි ප්‍රශ්නයක් තිබුණෙ නෑ Sir! මගෙ නම නොයෙල් ෂමිත්."

කියමින් ෂමිත් කිසිදු පැකිලීමකින් තොරව ඩැනියෙල් සිංහපෘථිවි සමග කතාබහට එලඹිනි. ෂමිත්ගේ හැසිරීමෙන් ඩැනියෙල් සිංහපෘථිවි මේ වන විටත් නොරිස්සුම් සහගත වී ඇති බව පෙනින. මේ අතර වයින් මේසයට ඇතුල් පැත්තේ සිටි සේවකයා ඔහු දෙස බැලුවේ ය. 

"Sir, do you need anything?" 

"I'll have one glass of red wine." 

කියමින් ඩැනියෙල් ෂමිත් දෙස ද හැරී බැලී ය. 

"What do you want?" 

"No thank you Sir." 

ෂමිත් එය සන්සුන්ව ප්‍රතික්ෂේප කළේ ය. 

"Okay." 

කියූ සේවකයා වයින් බෝතලයක් ඔවුන් ඉදිරියේ ම විවෘත කළේ ය. ඩැනියෙල් හා ෂමිත් අතර කතා බහ නැවත ඇරඹිණි. 

"එහෙනම්, මෙතෙන්ට එන්න තරම් ඔයා bold නේ ද?" 

"මං මගෙ උවමනාවට නෙවෙයි ආවේ. ඔයාගේ grand son තමා මාව මෙතෙන්ට එක්කන් ආවේ...." 

"ඔව් මන් ඒක දැක්කා. I know he needs to be disciplined....!" 

ඩැනියෙල් පවසන විට ෂමිත් තියුණු බැල්මක් ඔහු වෙත හෙලුවේ ය. 

"මං හිතන්නෑ එයාව තවත් discipline කරන්න දෙයක් ඇති කියලා Sir. He's a good boyfriend! One of a rare kind! ඔයා හරි නං එයා ගැන ආඩම්බර වෙන්න ඕනේ!" 

ෂමිත් කියන විට ඩැනියෙල් කටට ළං කර ගත් වයින් වීදුරුව අතරමග නැවතිනි. 

"ඒ කියන්නෙ ඔයාලා දෙන්න අතරේ ඇත්තට ම එහෙම දෙයක් තියෙනවා?" 

ඔහු තවමත් තමාගේ හා යේන්ගේ රඟපෑම පිළිබඳව සැක කරන බව ෂමිත් තේරුම් ගත්තේ ය. එය ඔහුට මේ මොහොතේ වෙනස් කළ හැකිය.

"මෙච්චර කාලයක් ගිහිල්ලත් තාම Sir ට sure නැද්ද?!" 

ෂමිත්ගේ වදන් එකින් එක ඩැනියෙල් සිංහපෘථිවිගේ ඉවසීම ඉක්මවා යන බව පෙනින. නමුත් ෂමිත් එක තත්පරයකට හෝ පසුපබසින්නට සූදානම් නැත. ඔහුට මෙය අවසන් කළ යුතු ය.

"මං මගෙ grand son ගැන හොඳට දන්නවා. ඒකයි." 

"Then let me tell you Sir. ඔයා ඔයාගේ grand son ගැන මුකුත් දන්නෑ!" 

ඩැනියෙල් සිංහපෘථිවිගේ අතේ තිබූ වයින් වීදුරුව මේසය මතට මදක් තදින් වැදිනි. 

"ෂමිත්....." 

ඩැනියෙල් සම්පූර්ණයෙන්ම ෂමිත් වෙතට හැරිණි. නමුත් ෂමිත්ගේ හැඟීම් විරහිත දෙනෙත්වල වෙනසක් නොවින. 

"දන්නව ද තමුන් මේ මොකක්ද කරන්නෙ කියලා?!" 

දැන් නම් ඔහුගේ ඉවසීමේ සීමාව පැන ඇති බව පෙනින. 

"I'm dating your grand son!" 

එවර ඩැනියෙල් මදක් නිහඬව නැවතී ෂමිත් දෙස බලා සිටියේ ය. 

"පුතා you have no idea what you're doing. මේක සිංහපෘථිවි family එකේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒකට අත දාන්න ඇවිල්ලා නිකන් කරදරේ වැටෙන්න එපා." 

"Sir, මං හිතන්නෙ මෙතන misunderstanding එකක් තියෙනවා. මම ඔයාලගේ පවුලේ ප්‍රශ්නවලට අත දාන්න ආවේ නෑ. ඔයාගේ grand son තමයි මාව ඔයාලගේ පවුලට සම්බන්ධ කර ගත්තේ. Sir ඕක කියන්න ඕන මට නෙවෙයි, යේන්ට!" 

ඩැනියෙල් සිංහපෘථිවි තව දුරටත් මෙය ඉවසාගෙන සිටීම පුදුමයක් යැයි ෂමිත්ට සිතිනි. නමුත් මෙය මේ ගනුදෙනුව අවසන් කිරීමට ඔහුට ලැබෙන එක ම අවස්ථාව යි. ඔහු එය අත් හරින්නට සූදානම් නැත. 

"මගෙ family එක අවතක්සේරු කරන්න ඵපා ෂමිත්.... මං මගෙ family members ල, family එකේ reputation එක.... protect කරන්න ඕනෙම දෙයක් කරනවා. ඒ නිසා කරුණාකරලා යේන්ගෙන් ඈත් වෙන්න. ඔයාට තාම විසි දෙකයි. තාම study කරනවා. නිකන් ජීවිතේ risk එකක දා ගන්නෙ මොකට ද?"

ඔහු නොකියා කියන දෙය ෂමිත්ට හොඳින් ම වැටහිණි. 

"සමහර විට..... මං risk ගන්න කැමති ඇති...." 

ෂමිත්ගෙන් ලැබුණේ ඩැනියෙල් බලාපොරොත්තු වූ ආකාරයේ පිළිතුරක් නොවේ. 

"ඔයා මාර bold නේ ෂමිත්!" 

ඩැනියෙල් මදක් උස් හඬින් කීවේ ය. 

"මං මේ පුලුවන් තරම් හොඳින් කියන්නේ. යේන්ගෙන් break up වෙන්න. If you don't want to be your life a living hell...." 

එම වචන කිහිපය ෂමිත්ගේ ඇට මිදුළුවලට ම වැදිණි. නමුත් ෂමිත් එක අඩියක් පස්සට ගන්නට සූදානම් නොවින. 

"A living hell? Sir, I'm already living in a hell! And I also have plenty of experience dealing with demons...." 

දැවෙන කෝපයෙන් ෂමිත් දෙස බැලූ ඩැනියෙල් ඔහු අත තිබූ වයින් වීදුරුව එක උගුරට හිස් කර නැවත ෂමිත් දෙසට හැරිණ. 

"ඔයා දෙයක් තේරුම් කරන්න මෙච්චර අමාරු කෙනෙක් කියලා මං හිතුවෙ නෑ. ෂමිත්, don't try to get on my nerves! තමුන් වගේ අය එක්ක මං deal කරන first time එක මේක නෙවෙයි. මට හිසරදයක් උන කිසිම කෙනෙක්ට අවසානේ හොඳක් වෙලා නෑ. මං ආයෙත් හොඳින් කියන්නෙ..... ඔයාගේ life එකට ආදරෙයි නම්..... කරුණාකරලා යේන්ගෙන් අයින් වෙ-" 

"Sir.... මෙච්චර වෙලා Sir නේ deal ගැන කතා කළේ. ඕක Sir කලිනුත් කිව්වා. මගෙ answer එක වෙනස් උනේ නෑ. So, how about I make a deal with you? Would you like to hear?" 

ෂමිත්ගේ වදන් හමුවේ ඩැනියෙල් ක්ෂණිකව නිහඬ විය. ඔහුගේ තියුණු දෙනෙත් නැවතත් ෂමිත්ගේ හැඟීම් විරහිත දෑස් මත නැවතිනි. 

"හහ්.... making a deal with me? You?!" 

ඔහු ෂමිත්ගෙන් ඇසුවේ සිනාසෙමිනි. 

"Yes Sir. අහන්න ඕනෙද නැද්ද?" 

"හා එහෙනම්. කියමු බලන්න!" 

"මං යේන්ගෙන් break up වෙන්න කැමතියි!" 

ෂමිත් කියන විට ඩැනියෙල්ගේ දෑස් ක්ෂණිකව ෂමිත් වෙත නැවත යොමු විනි. 

".....හැබැයි ඒ condition දෙකක් උඩ...." 

"මොකක්ද?" 

"එක. යේන්ව ශාක්‍ය එකෙන් අයින් කරන්න!" 

                           

                    ------------------------

Продовжити читання

Вам також сподобається

7K 616 34
"බොහෝ සිත් හමුවේවි නුඹ තරම් කෙනෙක් නැති වේවි" 🌧🌼
MeMo - මෙමෝ Від Sian

Щоденники та біографії

5.1K 359 19
නවත්තපන් ෂේද්...... දීපන් මට ඕක...... මැරෙන්නද බ%ලෝ හදන්නේ මෙච්චර මේ ජරාව බීලා..ඩොක්ටර් කියපු දේ මතක නැද්ද ?? කාලකණ්ණියා...... " "මට දී......පන් ඕ...
40.9K 4.8K 28
" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙ...
දඬු මොණරු Від yuchi

Щоденники та біографії

31.1K 4.2K 46
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...