Chapter 43

259 55 13
                                    

"මොන වගේ දෙයක්ද මිස්..මේ මට අමතක උනේ.."

මම නිකන් කොන්පියුස් උන්ගා බුන්ගා උනා..

"අහ්..ඒක ගැන එච්චර හිතන්න එපා..ඔයාට මම මේ කියන කතාව එක්ක නිකන්ම ඒ හැමදේම මතක් වෙයි..Just relax"

Just relax අනේ අම්මගේ රෙද්ද තමා..මගේ හෘදය ඉතා වේගයෙන් ගැහෙනවා..කිනම් මොහොතක අපේ අක්කණ්ඩිය මෙතනට කඩාගෙන එයිද දන්නෑ..අම්මපල්ලා මාව මේ ගෑණි එක දැක්කොත් එහෙම මාව කෑලි කෑලි වලට කපලා බලුකපුටු දානයක් දෙයි..
#jesusplzsaveme..

මම ඉතින් අම්බානක බයකින් යුතුව මේ ගෑනි මට මේ කියන්න යන මට අමතක වෙච්ච දේ මොකක්ද කියලා අහගන්න ලෑස්ති වුණා..

"ම්ම් හා මැඩම්  කියන්නකෝ එහෙනම් බලන්න මට නම් මතක නෑ හැබැයි.."

"යං එහෙනම් අපි අතනට ගිහිල්ලා වාඩිවෙලා කතා කරමු..''

ඈ..එහෙම කියපු අශ්විනී එයාට නෙවෙයි වගේ ඇවිදගෙන ගිහින් වාඩි වුනේ එතන තිබ්බ කණ්ඩියක් වගේ තැනක් ළඟ..එව්ව්ව් මහලොකු කොම්පැනි අයිතිකාරියෝ..බෝක්කු පල්ලේ ඉදන්ද මේ අමතක උන ඒවා මතක් කරන්න යන්නේ..අනේ මන්ද ඕක ඔච්චරම වැදගත්නම් එක්කන් පලයන්කෝ  මාව පොඩ්ඩක් හොඳ කොපි ශොප් එකකට.., මොකෝ අපි බැහැ කියනවද ආයි මගේ නාග කන්‍යාවි බෑ කිවුවොත් මිසක්..
අන්තිමට ඉතින් කරන්න දෙයක් නැති තැන මාත් ගිහින් එයාගේ එහා පැත්තෙන් වාඩි වුණා..

ඉතින් එතන වාඩිවෙච්ච අශ්විනී එයාගේ සන් ග්ලාස් දෙක ගලවන්නෙම නැතුව  අහස දිහා බලාගෙන එයාගේ ලොකුම ලොකු  කතාවේ පුංචි මුල පටන් ගත්තා..

"නේහා මම හරියටම ඔයාට වඩා අවුරුදු 3යි වැඩිමල්..මම හොදටම දන්නවා මම මේ කියන්න යන කතාව ඔයා අහන්න තියා ජීවිතේට හිතලවත් නැති දෙයක් වෙන්න ඇති කියලා.But plz අහන්න..මට මේක ඔයාට කියන්නම ඕනේ.."

එහෙම කියපු අශ්විනී ලොකූ බර හුස්මකුත් එක්ක එයාගේ කතාව කියන්න පටන්ගත්තා...

"නේහා..මගේ ෆැමිලි එක පාරම්පරික සල්ලිකාරයෝ..ඒ නිසා මට පොඩි කාලේ ඉදන් කිසිම අඩුවක් තිබිලා නෑ..අම්මයි තාත්තයි පවා මට ගොඩක් ආදරේ කලා..but මට තිබ්බ එකම අඩුව මගේ පෙනුම.."

Mine SharadhaWhere stories live. Discover now