Chapter 36

695 84 26
                                    


නේහා එහෙම්මම ගියේ ශාරධා ගේ ගෙදර..ගෙදර වැඩ කරන ඇන්ටිත් එක්ක පොඩි චැට් එකක් දාලා ඉක්මනට ගියේ අක්කගේ කාමරේට..

"මේ රෙද්දේ යාලුවෝ ඔක්කොම එකයි මගුල..අහිංසක බඩු මුට්ටු පලි මුන්ගේ කේන්තියට.." දොර හායි ගාලා ඇරලා තිබ්බ නිසා නේහා කාමරේට අඩිය තියද්දිම දැක්කේ කාමරේ බඩු මුට්ටු ඔක්කොම තැන් තැන් වල විසික් කරලා තියෙනවා.. ඉතින් එයා බැන බැනම ඇතුලට ආවා..

ඒත් කවුරුත් නෑනේ..වොශ් රූම් එක ඇතුලෙන් වතුර සද්දයක් ආව නිසා නේහා හිතුවා අක්කා වොශ් එකක් දානවා ඇති කියලා..ඉතින් ඔන්න ඔහේ හෝදගෙන ආපුදෙන් කියලා නේහා සාරියේ පොටත් ඉනට ගහගෙන හැඩි උන කාමරේ අස් කරන්න ගත්තා..

එහෙම ටික වෙලාවක් යද්දි එකපාරට වොශ් රූම් එකේ දොර ඇරුනා..නේහත් ඔලුව උස්සලා එකපාරටම බැලුවේ අස් කර කර හිටපු එක පැත්තක තියලා..

"අහ්හ්.....අයියෝ.." එකපාරට මහ සද්දෙන් නේහා කෑ ගැහුවේ අතේ තිබ්බ කොස්සත් විසික් කරලා..

"ඕයි..රෙද්ද..කියලා එනවා රූම් එකට එද්දි..මොන මගුලක්ද.." උඩට මුකුත් නැතුව ඉනට තුවාය විතරක් ඇදගෙන කොන්ඩෙත් අතින් පිහ දදා ආව ශාරධා මහ හයියෙන් කෑ ගැහුවේ නේහා ඊට නොදෙවෙනි වෙන්න කෑ ගහගෙන අත් දෙකෙන් මූන වහ ගනිද්දි..

ඉතින් නේහා ආයේ කෑ ගැහුවේ මූනත් වහගෙනමයි..

"තමුසෙට පිස්සුද..ඔහොමද ගෑනු ලමයෙක් වොශ් රූම් එකකින් එලියට එන්නේ..බලනවා මගේ අහිංසක ඇස් දෙක මොනා දැක්කද මංද..."  නේහා කින්ඩියටත් එක්ක එහෙම කියද්දි ශාරධාට තවත් මල..

"අනේ මේ..තමුසෙගේ අහිංසක කම..මොන රෙද්දටද නොකියා මගේ රූම් එක අස්සෙ රින්ගන්න ආවේ අහ්..අනික මේ රෑ..ගෙදර වහලේ හිල්ද.." ලග තිබ්බ රැක් එකෙන් ටක්ගාලා උඩට ශර්ට් එකක් දාගන්න ගමන් ශාරධා කෑ ගැහුවේ වෙච්ච නෝන්ඩිය එයාටම දරාගන්න අමාරු නිසා..🥲👍 කෙල්ල තමා ඉතින් ..ඒ උනාට නොසිතූ මොහොතක මෙහෙම ලැජ්ජාවක්..

"අනේ මේ..අපේ ගෙදර වහලේ හිල් නෑ..කුලු මීමා වගේ කඩාගෙන ආව නිසා ඇවිල්ලා බැලුවේ ජීවතුන් අතරද ඉන්නේ කියලා.." නේහා තාමත් ඇස් දෙක වහන්..😂

Mine SharadhaWhere stories live. Discover now