chapter 25

480 82 18
                                    

මං හොයන්න පටන්ගත්තා.ඒත් මට ඒක ලේසි උනේ නෑ..අක්කාගේ ගෙදර වැඩ කරන ඇන්ටිලා ලගට මට යන්න බෑනේ..මාව ගහලා එලවයි..ඔහොම හිත හිත ඉද්දි මට මතක් වුනා..එක්කෙනෙක්..

ඩ්‍රයිවර් අන්කල්...
ඔව් ..ශාරධා අක්කගේ ඩ්‍රයිවර්..අක්කම ඩ්‍රයිව් කරන් එන වෙලාවලුත් නොතිබුනා නෙවෙයි.ඒත් නිතරම එයා එක්ක ඩ්‍රයිවර් අන්කල් කෙනෙක් හිටියා.අවුරුදු 60 ක විතර කරුණාවන්ත පෙනුමක් තියෙන සීයා කෙනෙක්..ඉතින් එච්චර වයසට ගිහිනුත් ඒ මනුස්සයව තියන් ඉන්නේ හිතවත් කමට මිසක් වෙන මොකටද..මොකද අපේ එක්කෙනාට ඉහෙන් බහින ලෙඩක් නෑනේ..තනියෙන් ඩ්‍රයිව් කරන්න බැරි තරන්..ඒ සීයා දෙපාරක් තුන්පාරක් මං එක්ක කතා කරලා තියෙනවා..ඉතින් මට ෆිට් වෙන එක එච්චර අමාරු දෙයක් වෙන එකක් නෑ..ඔහොම හිතලා මං මගේ පලමු පියවර ඔෆිස් එකේ ලන්ච් ටයිම් එකේදි ගත්තා..

''හලෝ අන්කල්..කොහොමැයි ඉතින් ජීවිතේ..'' හෙන ගහන්න වගේ මුකුත් අහන්න බැරි නිසා..අන්කල් කකා ඉද්දි අහම්බෙන් දැක්කා වගේ ගිහින් කතා කලා..

''අහ් නෝනේ..කොහොමද ඉතින් ..මංනන් හොදින් ඉන්නවා අපේ මහත්තයයි ලොකු නෝනටයි පින් සිද්ද වෙන්න..'' අනේ මේ මනුස්සයා මාර අහිංසක යි නේ..

මම ඉතින් පොඩ්ඩක් ලංකාවේ ආර්ථික තත්වෙ ගැන කතා බහ කරලා ,අන්කල්ගේ පවුලේ විස්තර එහෙමත් අහලා මං සේප් එකේ කතාවට එන්ටර් වුනා..
''අහ් ඒක නෙවේ අන්කල්..අන්කල්ගේ ලොකුනෝනගේ මූණ මේ දවස්වල එච්චර හොද නැත්තේ මොකෝ..බැලුවොත් අපිට බැන ගත්ත ගමන්මයි ඉන්නේ..''

මං එහෙම අහද්දි අන්කල් මං දිහා බැලුවේ ගොඩක් අසරණ වුන විදිහට..

''අනේ නෝනේ..අපේ ලොකු නෝනගේ කේන්තිය නිවන්න මේ තුන් ලෝකේම මනුස්සයෙක් නෑ නොවැ..එකඅතකට ලොකුනෝනේ වැරදි නෑ..ඒ නෝනේ පුංචි සන්දියේ ඉදන්ම බලපු විදපු දේවල් එක්ක..අපේ නෝනට එහෙම වුන එක සාදාරණයි නෝනේ..''

අන්කල් එහෙම කියද්දි එයාගේ ඇස් වල කදුලු බිංදු තුන හතරක්ම මෝදු වෙනවා මං දැක්කා..ඒ කියන්නේ අක්කාට පොඩි කාලේ ඉදන්ම ප්‍රශ්න..ඒත් මොනාද ඒවා..

''අනේ අන්කල් වරදවා හිතන්න එපා..මං මැඩම්ව දන්නේ ඉස්කෝලේ යන කාලේ ඉදලමයි..ඒත් මැඩම් මාව දන්නෑ..ඉතින් මැඩම් දුකෙන් ඉන්න හේතුව මට දැනගන්න ඕන වුනා..ඒකයි මං අන්කල්ගෙන ඇහුවේ..අනේ වැරදි දෙයක් ඇහුවනන් සමාවෙන්න..''

Mine SharadhaWhere stories live. Discover now