chapter 26

470 83 24
                                    



ඇත්තටම අක්කා ගෙවුවේ එච්චර දුක හිතෙන ළමා කාලයක්ද..ඒත් එයා ඒ වගක් පිටට නොපෙන්වා ඉන්න ලස්සන..ම්ම්..මට පෙනවා මං වගේ මිනිස්සු මගේ අවටම ගොඩක් ඉන්නවා..මට තාම ඒ අන්කල්ගේ කදුලු මතක් වෙනවා..අක්කා සතුටු වෙන්න ඕනේ..එහෙම හරි අය තමන් වෙනුවෙන් ඉන්නවා..ගිය අම්මා ගැන හිතලා පලක් නෑ අක්කේ..අපි ජීවිතේට මූණ දෙන්න එපැයි..  ඔහොම තනියෙන් හිත හිත ඉද්දි එකපාරට මාව මනෝලෝකෙන් ඇහැරෙවුවේ නුරාද්..

''අහ් ස්වීටී..මනෝ ගහනවා වගේ කා ගැනද මං ගැනද..''

ඉදකින් ගල් මූසල අලුගුත්තේරු හම්පඩ කබරයා.තෝ ගැන මොන මනෝ පාරවල්ද මට..
''ඇයි උබ මට වෙන වැඩ නෑ කියලා හිතුවද..අහ්..''

''හරි හරි නූ බබා ඉතින් ..හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිටනේ..අපිත් බලාගෙන ඉන්නේ ඔය හිතේ තියෙන ඒවා අපිට කියනකන්..''   මුගේ ග්‍රැනීට ශුගර් කිරන්න.. මූ හිතන් ඇත්තේ මං මූට පැනි හලනවා කියලා වෙන්නැති..

''මේකනේ නුරා..මං ඉස්කෝලේ කාලේ කලේ මියුසික් මිසක් ඩාන්සිං නෙවෙයි..ඒ නිසා කස්තිරං, අඩවු ,වන්නම් එහෙම මං වැඩිය දන්නෑ..හැබැයි ඔයාට ඕනෙනන් ඒ සියල්ල එක වහලක් යටින් ලබා ගන්න ඔතනින් වමට ගිහින් පැත්තට හැරෙන්න. මිස් ටානියාගේ කැබින් එක ලග ඔබට ගිමන් හල හැක..''

තිබ්බ කේන්තියටත් එක්ක හොදට වචන ටිකක් අඹරවලා මූට කිවුවේ මුගේ මූන නිකන් සූප්පු කරපු අඹ ඇටේ වගේ වෙද්දි..ආවා මෙතන මට ප්‍රස්තා පිරුලු  කියලා දෙන්න..

''අනේ මේ මගේ නූ බබා හරිම පන්ඩිතයි..හැබැයි ඔය පන්ඩිතකමට තමයි මං ආසම..'' එහෙම කිවුව මූ මගේ නහය මිරිකලා අඩියට දෙකට දිවිවේ මගේ පන්ච් වල සැර ඌ දන්න නිසා වෙන්නැති..

මොකා මොන බබා.. නූ බබා..ඒ මොන බබෙක්ද ඒ..මට අලුත් නමක් දාලාද ..මූට මොන්ගල්ද කොයිද..පිස්සා..හිත හිත හිටිය වැඩෙත් අමතක වුනා..ගොබිලයා..

මං හිත හිත හිටියේ අද හවසට අක්කා එක්ක ටිකක් කතා කරන්න..කෝකටත් දැන්ම ගිහින් අවසර ගත්තනන් හරි..හුම්ම් ..දැන් ඉතින් ..ස්ත්‍රී සක්තිය අරන් පලයන්..

''මෑම් මේ අයි කම්න්..''

''යෙස්..''

මාව දැක්කගමන් එයා පුදුම වුනා..සාමන්‍යෙන් මේ තේජමාන රූ සොබාව දකින්න මං එන්නේ මේ රූ රැජින මට එන්නම කියලා පනිවිඩ එවුවොත් විතරනේ..නැතුව මට නෑ අර ටානියට වගේ උජ්ජ බරටයි රෙන්ඩ බරටයි මේක අස්සෙ ලගින රුදාවක්..

Mine SharadhaWhere stories live. Discover now