Chapter 47

400 63 21
                                    

"අහ්..අහ්..අම්මා..මගේ ඔලුව..."

''මොකද මට මේ වෙලා තියෙන්නේ..දෙයියනේ මම මේ කොහෙද ඉන්නේ..අහ්..මොකක්ද යකෝ මට මේ පේන්නේ..මගේ කාමරේ පාට වෙනස් උනේ කොහොමද ..මාව කවුරුහරි උස්සලවත්ද..උදේ උනේ කොහොමද..
මට මේ මුකුත් හිතාගන්න බෑනේ..මගේ ඔලුව පුපුරන්න වගේ කැක්කුමයි..ඒ මදිවට දිව ගිලෙන්න වගේ..අහ්..පොඩ්ඩක් ඉන්න..දෙයියනේ අක්කා..කෝ අක්කා..''

එකපාරටම හෙන ගැහුවා වගේ මට ටික ටික උන  මතක් වෙන්න ගත්තා..අවුරුදු උත්සවේ..ඊයේ මම අක්කගේ ගෙදර ආපු හැටි..මම කාපු හැටි..හොව්..එතනින් එහාට මට මතක නෑනේ..කෝ දැන් අක්කා..
මම අහස පොලව ගැටගහන්න වගේ ඇද උඩ ඉදගෙන අත් දෙකෙනෙම ඔලුවේ කෙස් ටිකෙන් ඇදගෙන මම කල්පනා කරන්න ගත්තා.
ඒ එක්කම කාමරේ දොර ඇරගෙන වීදුරුවකුත් අතේ තියාගෙන ඇතුලට ආවේ අක්කා..

''අහ් ප්‍රියම්බිකාව නැගිටලා තියෙන්නේ..මොකද..බීපුවා හිදිලද..''
ආව ගමන් මෙන්න හින්ට් යවන්න ගත්තා..ඒකියන්නේ ඊයේ රෑ මොනාහරි වෙලා..

''අහ්.අනේ..බබා..මොකද අනේ මට උනේ.."

''බබා..බබා තමා නේහා..උබට මම...."

අක්කා දත්මිටිත් කාගෙන අත මිට මොලෝලා තඩි ටොක්කක් ඇන්නා මට..අම්මෝ යකෝ..තරුත් පෙනුනා..මොනෝත්තක් කරනවද මංදා මේ යකා පාන්දර ..

"ආව් ඔයි..මොන මගුලක්ද මට ගහන්නේ..මගේ ඔලුව රිදෙනවා..''

ඒ ටොක්කටනන් කදුලුත් පැන්නා..හු#ත..

"ඔලුව..ඔලුව නෙවෙයි තමුසෙට රිදෙන්න ඕනේ හරිනන්..ඊයේ නෑ නටපු නාඩගමට මෙතන..බලනවා මගේ බෙල්ල..''

අක්කා ඇදගෙන හිටපු ටී ශර්ට් එක එහාට කරලා එයාගේ කිරි සුදු බෙල්ල මට පෙන්නුවා..මොන මගුලක්ද මට පෙන්නෙත් නෑ හරියට..ඔක්කොම ඩබල් වෙලා බොම්මයිමොටයි වෙලා පේන්නේ.

"ඇයි..මොනාද..අහ් ..ඔය මොකද නියපොතු පාරවල්..මෙහෙ පූසෙක් නෑනේ අක්කේ.."

"පූසා..අනේ නේහා මේ..මම තමුසෙට කිවුවා කියලා හිතාගන්නවා..මුලු රෑ පුරාම මාව කාලා කලා..පූසෙක් ගැන කියනවා..පූසා..පූසා ඉන්නේ ඔය ඇද උඩ..පූසා..බම්බුව..''

අක්කා මහසෝන් යක්ශනී වගේ මගේ ඇගට කඩාගෙන පැන්නා..මොකා..මේ මම..මොනද මම කලේ..අහ්හ්යිශ්....ෆක් ෆක් ෆක්..හෝව්..හෝව්..ඊයේ රෑ පුරා මොනා...

Mine SharadhaWhere stories live. Discover now