chapter 3

536 85 8
                                    

-- Exam Day --

ඔන්න ඉතින් අපි පාසල් ජීවිතේ අවසාන විභගය කරන්න ආවා..
ම්ම්ම්..හරිම සනිපයක් දැනෙනවා පේපර් එක ගත්තහම..අපරාදේ කියන්න බෑ...බඩේ රෝලකෝස්ටර් කැරකෙනවා වගේ..

දිලූ ගේ මූණ දෙල් වෙලා..මගේ මූන කොස් වෙලා.කමක්නෑ ඉතින් අවුරුදු 13 ක් ඉගනගත්තේ මේ මගුල කරන්න නේ......කියලා හිතලා අපි විභාගේ ලිවුවා..

--Exam Last Day --

ඔන්න ඉතින් මාසයක් පුරාවට මහ අමාරුවෙන් ලිවුව විභාගේ අභාගේ ඉවරයි..දැන් තමා නියම අභාගේ පටන්ගන්නෙ..
දිලුයි මායි පාර දිගට ඇවිදන් අවා..

කොල්ලෝ කෙල්ලෝ පාර පුරෝලා..කෙල්ලෝ හූ තියනවා කොල්ලොන්ගෙන් නිල් වතුර පාරවල් කාලා..අපි දෙන්නත් සේප් වෙලා පැත්තකින් ගියේ ඔය මල ජරාව ගැහුවොත් පිට එවුන් මට තද වෙලා උන් එක්ක වලියට ගියොත් අන්තිම පාරට ඇදන් ඉන්න uniform  එකට අපි නිග්‍රහ කරනවා කියල හිතුන නිසා..

එහෙම්ම අපි දෙන්නා ඇවිදන් ආවේ ලග තිබ්බ මැක්ඩොනල් එකට. කෙල්ලෝ දෙන්නෙක් කියලා නෑ ඉතින් කන එක ආයේ හල්ක් පරාද වෙන්න අපිට බැට් කරන්න පුලුවන් ..

අපි බර්ගර් දෙකකුත් කාලා කොකාලෝකත් බීලා අයිස් ක්‍රීම් දෙකකුත් අරන් එලියට ආවේ පයින්ම කියෝ කියෝ අපේ ගෙවල් වලට යන්න..

"නේහා..දැන් උබ මොකද කරන්නේ..exam ඉවරයි..දැන් ඉතින් මොකෝ කරන්නේ.." දිලූ එහෙම ඇහුවේ මං ඔහේ ඉන්න එකට ඒකි කොන්පියුස් නිසා වෙන්නැති

"මං ද මම...English & ICT course  එකක් කරනවා බං..ඔය දෙක නැතුව නිකන් ගිහින් චොර වෙන්න බෑ ඔෆිස් වල.මං දැනටම Course  එකක් හොයලා තියෙන්නේ..මං ඒකට යනවා..උබ..?"

"මං නන් දන්නෑ බල්ලෝ..මාත් ඔය දෙක කරනවා..කරලා මොනාටහරි යනවා.." දිලූ කිවුවේ එහෙම
"නේහා...අහපන්..අන්තිම වතාවට උබට දෙයක් කියන්න තියේ.."

ඈ...මේකි මොකාටද මේ එන්න යන්නේ පද්ද පද්ද..දෙයියනේ..මෙකි කියයි දන්නෑ කට පුරෝලා.."නේහා ඔයාට වසර ගනනාවක් මම තනි පැත්තෙන් ලව් කොලා කියලා"
චී මං මේ මොනාද හිතන්නේ මගේ හොදම යාලුවා ගැන..මටන්න් ලැජ්ජ නෑ සැක්..

"අහ්..අහ්..ඕ කියහන්..මොකද යකෝ මේ අන්තිම අන්තිම ගාන්නේ..උබ හිතුවටද උබ පේදුරු තුඩුවේ මම දෙවුන්දර තුඩුවේ කියලා..යකෝ මේ අපිට හම්බෙන්න කතා කරන්න පුලුවන් යකෝ..උබ නිකන් කතා කරන්නේ මෙතනින් එහාට අපි දෙන්න මැරිලා යනවා වගේනේ..ගොබිල ගෑනි.."

Mine SharadhaTempat cerita menjadi hidup. Temukan sekarang