Chapter 45

291 60 13
                                    

මට තාම වෙච්ච දේ ප්‍රොසෙස් කරගන්න බැරුව මේ ඉන්නේ..අම්මෝ මේ මුකුත් අක්කා දැනගත්තනන් එහෙම..අශ්විනීගේ හම ගලෝලා බෑග් මහයි..අනිවාරෙන් මට ආයේ තෝ එන්න එපා ඔෆිස් ගෙදර ඉදපන් ගායි..අයියෝ මහ හැමිනෙන වැඩ වෙන්නේ මටත් හුත්#.

මම මේ බෝක්කු පල්ලේ ටික වෙලාවක් එහෙම්ම වාඩි වෙලා හිටියා.ඒ අස්සෙන් මගේ කන ලග කූං..කූං..ගානවා වගේ සද්දෙකුත් එනවා..mm wht is this..it's like..= Neehaa pakooo vareeennn....වගේ එකක්..හෝව්..පොඩ්ඩක් ඉන්න..මොන හෝව්ද..ප්‍රොසෙස් වෙන්න කලින්ම ඩෝං ගාලා මගේ පිට පැලෙන්න එකක් වැදුනේ මාව පුටුවෙන් බිමට විසික් වෙලා යන්න..

''බේසික්කි..කීයේ ඉදන්ද මම අරහේ ඉදන් බෙරිහන් දෙන්නේ..යකෝ අරහේ මැඩම් ආවේස වෙලා වගේ උබව හොයනවා..උබ මෙතන මනෝ පාරවල් ගහනවා..එවෙන්ට් එක ඉවර වෙලත් දැන් විනාඩි 20ක් වගේ වෙනවා ..අදනන් පුතේ උබට ඔය මූණත්තහඩුව ආප්පයක් වෙන්නම ගුටි කන්න නෙවෙයි මැඩම්ගෙන්.."

කඩාගෙන බිදගෙන එතනට ආපු සුභා මටත් තඩිබාලා බැනලා, ගස්සලා..වැටුන මාව අන්තිමට උස්සලත් තිබ්බා..

Dead..අද ඉවරයි..මං හිතන්නේ මම මෙතනට ඇවිල්ලා දැන් පැයක් වගේ වෙන්න එනවා.මලෝත්තක් වෙන්නේ..

''ඕයි ඕයි..කෝ දැන් එයා.."

"එයා.එයා තමා..පැවිලියන් එක පුරාම උබේ නම කිය කිය කෑ ගහනවා නිකන් උබ චන්දේ ඉල්ලන එකියෙක් වගේ..ඒ අස්සේ අපිටත් කෑ ගහනවා..''නෙහාරා කොහෙද..ඉන්න තැනකින් දැම්ම එක්කගෙන එනවා..දැන් මේවා මමද කරන්න ඕනේ" ගගා ෆයිල් එකකුත් උස්සගෙන..කඩ්ඩෙන් බැන බැන..තෝ නිසා අපේ ජොබටත් කෙලවෙනවා බේසමා කොයි වෙලේ හරි.."

"මලලසේකර කිවුවලු..වරෙන් එහෙනන් දුවන්න..මෙතන මොනා කරන්නද තවත්.."

මම ඒ කිවුව ක්ශනිකයෙන් පැවිලියන් එක පැත්තට දුවන්න ගත්තේ රෙද්දත් උස්සගෙන..සුභාත් මට හෙන ඉල්ල ඉල්ල මගේ පස්සෙන් දුවන් ආවා..කොහොමහරි විනාඩි 3ක් විතර නොනැවතී දුවලා මමයි සුභයි කේන්තියෙන් පුපුර පුපුර පුටුවක වාඩි වෙලා ඉන්න අක්කව හොයාගත්තා..

ඈත ඉදලම මම පණ කඩාගෙන දුවගෙන එනවා දැකලා මං දිහාට දැමේ මරාගෙන කන්න වගේ බැල්මක්..මමත් ඉතින් මුකුත් නොදන්න එකා වගේ හීනියට හිනා පාරක් දැම්මා..

Mine SharadhaWhere stories live. Discover now