Chapter 1

1.1K 107 16
                                    

NEHARA'S POV

වේලාව උදෑසන 7:20

"කෝ ඔක්කොම ලමයි පන්තියට..මේ..ඒයි නන්ගි බෙල් කරනවා
කනේ වංගුද..පන්තියට යන්න.."

"බුදු අම්මේ..මුන්ව පන්තියකට දාගන්න තියෙන අමාරුවක්..
පොලේ බඩු විකුනන ඇන්ටිලගේ කටවල් සද්ද අඩුයි මීට වඩා.."

කියලා හිත හිත මම තනියෙන් ඇවිදන් ආවේ ගාථා කියන්න..

මං නෙහාරා..නෙහාරා ගෝමස්.

ඔව් ඔයාලා හිතන දේ හරි මම සිස්ස නායිකාවක් තමා..මහ පාන්දර පාසලට ඇවිල්ලා,පාසල ඉවර වන තෙක් කෑ ගගහා මුන්ව ආම්බාන් කරන එක මගේ එක එපා කරපු රාජකාරියක් තමා..

ඉතින් ගාථා කියලා ඉවර වෙලා මං පන්තියට ගියේ මගේ මිත්‍රයා දිනූශා  සොයාන..අපරාදේ කියන්න බෑ මගේ කෑම පෙට්ටිය ඇරලා ඒකේ තිබ්බ සොසේජස් දෙකටත් වැඩේ දීලා මූ කට කපලා නිදි..

"ම්ම්ම්..යසයි යසයි..නැගිටපන් කුමාරි හාමි..ඊළග අවුරුද්දේ ඒ ලෙවල් කරන්නේ..තෝ බුදියපන්.." ගගා බැන බැන තට්ටු ගානක් නැග්ග මහන්සිය පිට කලේ ඒකිට දෙක තුනක් තඩි බාන ගමන්..

"ආව් ආව් යකෝ..රිදෙනවා ඉදපන් ඉදපන් නැගිටිනකන්..උබ එනකන් හිටියේ හොට් හොට් නිව්ස් එකක් කියන්න වරෙම්.."

මේකි හැඩ දාලා වැඩ දාලා මොනාදෝ ඕපයක් කියන්න යන්නේ..

"ඕ කියහන් බලන්න.." කොච්චර කැටයං දැම්මත් මටත් ඕපයක්නන් ඊටවඩා දෙයක් නෑ ඉතින් ..

"මේ අහංකෝ..උබට මතකද අර අක්කා.."

මේකි බලහන්කෝ..කෙල්ලෝ සිය ගානක් ඉන්න ඉස්කෝලේ නමක් ගමක් නැති අක්කා කෙනෙක් ගැන අහන්නේ..මං කොහොමද උත්තර දෙන්නේ මේවට..

"නමක් කියහන් යකෝ මොන අක්කාද.."

"ඇයි අර අර බං..උබ වගේම හිටියේ..කොල්ලෙක් වගේ සුදු ,ටිකක් උස, සේප් එකට මහත.., අර අක්කා බං.."

යකඩෝ මේ මොකෙක් ගැනද මේ කියන්නේ..

"බල්ලෝ ..මේ ඉස්කෝලේ කොච්චර අක්කලා හිටියද උබ කියන විදිහේ..අනික උබ මේ හිතන්නේ කෙල්ලෝ ගොඩකින් වට වෙලා ඉන්න මට මේ එක අක්කා කෙනෙක්ව මතක තියෙයි කියලද..

Mine SharadhaWhere stories live. Discover now