Chapter 7

588 86 16
                                    


අයියෝ..ජීවිතේ මහ කට්ටක් අප්පා...එපා වෙනවා..වැඩට යනකන් අමාරුවෙන් හිටියට මොන මගුලක්ද අනේ..උදේම නැගිටිනවා..ආයේ රෑ 8/9 වෙනවා ගෙදර එද්දි..අයියෝ..

ඉපදීම ජුකකි...

ඔහොම කිය කිය හැමදාම නැගිටිනවා..

හාහා පුරා කියලා ඔන්න අද පරක්කු යි..

"අම්මේ මගේ සෙරෙප්පු දෙක නෑ..අම්මේ..මගේ යට සාය නෑ..අම්මේ..කෝ අනේ පනාව..ඉක්මනට ඉක්මනට ..දෙන්න දෙන්න.. හොදටම පරක්කුයි..8 වෙද්දි ඉන්න ඕනේ මෙතනම 7:30 යි..අයියෝ..දෙයියෝ..."

දිවුවා තමා ඉතින් බස් එකට..කොහොමහරි තැලිලා පොඩි වෙලා ඔෆිස් එක ලගින් බැස්සා...අම්මේ..කොන්ද ලෙප්ට් වගේ..

"අම්මේ මගේ කොන්ද..මෝඩ ඩ්‍රයිවර්.."ගගා අතත් දික් කර කර බැන බැන ආවේ.ඇයි යකෝ යන්න බැරිනන් මෙච්චර පැක් කරන්නේ මොකටද...ගිය ආත්මේ සැමන් පැක් කරපු එවුන්ද කොයිද...

ඔහොම මං ලිෆ්ට් එක ලගට ආවා...

කවුද මල්ලී මේ ලිෆ්ට් එක ලග ඉන්නේ.. කලු ඩෙනිම් එකයි යකෝ ඒකත් තැනින් තැන ඉරිලනේ..ඩෙක් දෙකයි..අහ් එකනන් පට්ට ගනන් දෙකක් වගේ..කලු බැගී ටී එකයි..යකෝ කැප් එකකුත් දාලා මාස්ක් එකකුත් දාලා..ශේඩ්ස් දෙකකුත් දාලා..අඩෝ..මේ කෙල්ලෙක් නේද..මේ පොඩි කොන්ඩයක් පේන්නේ....මට වඩා වයසින් වැඩී වගේ..කවුද යකෝ මේ..අනේ මංදා ඔෆිස් එකකට එද්දි මෙහෙමද ඇදගෙන එන්නේ..මෙයා ශොපින් ගිහින් එන ගමන්ද කොයිද.....මටත් ඕනෙ නැති මගුලක්නෑ...

අපි දෙන්නා විතරයි ලිෆ්ට් එකේ යන්න හිටියේ ..ඉතින් දෙන්නම හිටගෙන හිටියේ..එයානන් ඔබනවා ඔබනවා 4nඑක  ..මංනන් හිටියේ කියටද උඩ තට්ටුවට යන්නේ කියලා හිත හිත..

අම්මේ..ආවා ආවා මේ ලදරං ලිෆ්ට් එක පල්ලෙහට මෙච්චර හිමින් මොකට එනවද මංද..මං අරයගේ ඇගෙත් හැප්පීගෙන ගිහින් ලිෆ්ට් එකට ගොඩ වුනා..මං හැප්පිච්ච පාරද කොයිද එයා මගෙ මූන දිහා ට මූන හැරෙවුවා..කොයි බලනවද මංදා ඉතින් පෙන්නෑනේ..අනේ මට පාන්ද..4න් ඔබනවා කියලා යන එන කන බොන හැමතැනම ඔබන්න ඕන්නෑනේ මගුල...
 
මාත් ඉතින් හැප්පුන එකට සොරිවත් නොකියා නැග්ගා..
එයාත් නැග්ගා...අහ්..මෙයත් යන්නේ අපේ ෆ්ලෝ එකටමනේ..මං 4 ඔබන්න කලින් මෙයා එබුවා..අහ් හා හා..කමක්නෑ...මටත් ඉතින් කට වහන් ඉන්න හරි අමාරුයිනේ..විශේශයෙන් මං කලබල උන වෙලාවට මොනාමහරි කියවන්න ඕනේ කා එක්ක හරි..ඉතින් මමත්..,

Mine SharadhaWhere stories live. Discover now