Chapter 22

611 93 39
                                    

"අහකට යනවා මගෙන්.."

ඇත්තටම මට ගොඩක් රිදෙනවා මෙයාගේ මේ වැඩ වලින්..අපේ අම්මවත් මෙච්චර රිද්දලා නෑ මට..මෙයාට කොයින් ආව අයිතියක්ද මේ..

ශාරධා ගැස්සුනා..ඔව් ඉතින් මං මෙච්චර හයියෙන් ඔෆිස් එකේ බොස්ටම කෑ ගහයි කියලා බොස්ම හිතනවද..නෑනේ නෑනේ..

"මැඩම් ශාරධා මේක හොදට අහගන්න. ආයේ මගේ ජිවිතේ එක කොනකට හරි ඇගිලි ගහන්න හැදුවොත් මට මේ ජොබ් එක ඕනෙත් නෑ ඉලව් පඩි ඕනෙත් නෑ හරි..ඔක්කොටම කලින් ඔයාගේ සේවකයන්ට හරියට සලකන්න ඉගනගන්න..මාව මේ රූම් එකක් අස්සට දාගෙන මට කරදරත් කරලා..ඔයාට මොනාද මැඩම් ලැබෙන්නේ..අහ්..මාව දැක්කහම මොනාහරි හිතෙනවද ඔයාට..අහ්..නිකන් වටේ යන එක එක්කෙනාට ඇග දෙන......."
.මං කියාගෙන කියාගෙන ගියේ මගේ හිතට ආව හැමදේම..ඇයි මෙයාට මෙයාට ඕන දේ කරන්න පුලුවන් ද මට..මොකක්ද මේක..මාව අල්ලේ නටෝනවනේ..මං කියෝගෙන කියෝගෙන යද්දි..එයාගේ අත මිට මෙල වුනා..ඒත් මං ඒක නොදැක්කා වගේ තවත් කියෙවුවා..එකපාරටම..

"චටාස්..."

"නෙහාරා..උබ..තව එක වචනයක් හරි ඔය කටෙන් කිවුවොත්..මගේ සීමාව උපරිමයටම පනී හරි..ආයේ කියන්නෑ මම උබට..උබ කාගේ කවුද කියලා දැනගෙන වැඩ කරනවා..කෙල්ලෙක් වුනාම කෙල්ලෙක් විදිහට ඉන්නවා..අනික මට තියෙන අයිතියද අහන්නේ..අහ්.අයිතියද..ටික දවසක් ඉවසන් ඉන්නවා මම අයිතිය පෙන්නලම යවන්නන්.." එහෙම කියලා කේන්තියෙන් එයා රූම් එකෙන් එලියට යන්න හැරුනා..

ඒ කම්මුල් පාරට මාව විසිවෙලා යන්න වගේ ආවා..එච්චරම මට රිදුනා..ශාරධා තමුසෙට මම...එයා හැරෙද්දි එයාගේ පස්සෙන් ගිහින් මං එයාගේ බ්ලේසර් එකෙන් ඇදලා ගත්තේ අදනන් දෙනවා අම්මපා පරණ දේවල් හිතන්නෙම නෑ කියලා..

ඒත් එකපාරටම එයා මං දිහාට හැරුනේ කදුලුත් පිරිච්ච ඇස් වලින්..මං එයාගේ බ්ලේසර් එකෙනුත් අල්ලන් ගියේ කනට දෙකක් දෙන්න ඒත්.ඒ ඇස්..ඒවාවලින් කියන්නේ වෙනමම කතාවක්..නේහා ප්ලීස් කන්ට්‍රෝල් යුවර් සෙල්ෆ්..ඔයා හිතන ලබ්බක් නෑ මෙතන..ගුටි කාලා තව ලැජ්ජ නැතුව ඉන්න හැටි..

"ඇයි ආවේ ගහන්නද..අහ්..කොටි දෙන..තමුසෙ මට නොගහා හිටියොත් තමා මට පුදුම..ඉතින් ඇයි නැවැත්තුවේ ගහන්න..මේ ඉන්නේ ඉස්සරහා හිටගෙන..ගහන්න ඉතින් .." මගේ අත් දෙකෙනුත් අල්ලන්..යකෝ..ඒක කියන ලස්සන..මෙයානන් මහ මායාකාරයෙක්..ඇස් වල කදුලුත් තියන්..මහ හිත හිරිවැටීගෙන යන වොයිස් එකකින්..ඒක කියන ලස්සන..ශික්..මං හැදුවේ එයාව තල්ලු කරලා එහාට යන්න..මගේ කනත් රිදෙනවා..ඒ මදිවට කටත් ලේ රහයි.

Mine SharadhaWhere stories live. Discover now