Chapter 35

508 83 18
                                    



"අභී..අභී..අහපන්..යන්න එපා.."  ලකී එහෙම කෑ ගහද්දි ඒ මුකුත් ගනන් නොගෙන ශාරධා එතනින් එලියට ගියේ විදුලි වේගෙන්..

නේහට මේ මුකුත් හිතාගන්න බෑ..එයත් දිවුවේ අක්කගේ පස්සෙන්..වේගෙන් පඩිපෙල බහින ශාරධා ගේ එක අතකින් දුවගෙන ගිහින් අල්ලගත්ත නේහා..එයාව තමන්ගේ පැත්තට හරවා ගත්තා ..

''හදීසී වෙලා තීරණ ගන්න හදන්න එපා..කොයිද දැන් යන්න හදන්නේ මෙහේ ඉන්න.."  එහෙම කියලා නේහා හැදුවේ අක්කව නවත්තගන්න..

ඒත් ඒ වචන වලට පොඩ්ඩක්වත් හීලෑ නොවුන ශාරධා නැවතුනේ ලග තිබ්බ බිත්තියට නේහවත් හිර කරගෙන..

"තමුසෙට මෙහෙම දෙයක් උනානන්..ඉවසයිද නේහා..කියපන්..අහ්..මගේ පුංචි කාලේ ඉදන් යාලුවා..අවුරුදු ගානක් තිස්සෙ දුක් විදලා..කෙහෙල්මල් ආදරයක් නිසා..මම නොදැනුවත්වම..අහ්..උබ උනානන් ඉවසයිද..කියපන්.."

නේහව බිත්තියට හිර කන් ශාරධා කෑ ගැහුවේ තමන්ගේ හැම කේන්තියක්ම නේහාගෙන් පිට කරන්න ඕන වෙලා වගේ..

නේහට ඇත්තටම දෙන්න උත්තරයක් නෑ..ඇත්තටම එයාට එහෙම උනානන්..තමන්ගේ හොදම යාලුවෙක් තමන්ට ආදරේ කරලා..ඒ අස්සේ අනිත් යාලුවා ඒ යාලුවට ආදරේ කරලා..ඇත්තම මොලෙත් විකාර වෙනවා..ඉතින් නේහා කට වහගත්තේ එයාට ඒ හැගීම තේරුන් ගන්න පුලුවන් උන නිසයි..

"දැන් තේරෙනවද උබට..මොකද සද්ද වැහිලා මට පාඩුවේ ඉන්න දීලා යනවා යන්න.."

ශාරධා සද්දෙන් කෑ ගහගෙන එලියට ගිහින් කා එකත් ස්ටාර්ට් කරන් වේගෙන් එතනින් එලියට ගියා..

මේ හැම දේ දිහාම නේහා සද්ද නැතුව බලන් හිටියේ..ඇත්තටම මෙහෙම උනේ ඇයි කියලා එයාවත් නොදන්න නිසා..ඒත් එයාගේ හිත ගොඩක් රිදුනා..ඇයි අක්කා ඒ විදිහට එයාට කෑ ගැහුවේ..මේ උන දේවල් ඉවසුව එකම මදිද නේහා..

ඔහොම පඩිපෙල උඩ වාඩිවෙලාම කල්පනා කර කර හිටපු නේහා ඇහැරුනේ ලකී ඇවිල්ලා නේහට කතා කරපු පාරට..

"නන්ගී.."

"අ.හ්..අ..ක්කේ..කියන්න.."  නේහා එතකොට තමයි එයාගේ මනෝ ලෝකෙන් ඇහැරුනේ..

Mine SharadhaWhere stories live. Discover now