Chapter 16

482 80 20
                                    

"අහ්..අහ්..හරි හරි මං යන්නන් ඇතුලට මැඩම් මාව තල්ලු කරන්න එපා ඉතින් ඉන්න.." ඔන්න ඔහොම කියලා මං ගිහින් වාඩි වුනා..

ඒ එක්කම එයා  ෆුල් ස්පීඩ් යන්න ගත්තේ මට මරණ බය කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුන් කර දෙමින්..

"මෑම්..මෑම්..අනේ..හිමින් යන්..මට අඩු වයසෙන් මැරෙන්න බෑ..අයියෝ..හිමින්..දෙයියනේ..මැඩම් ඔයාට ඕනෙනන් තනියෙන් මැරෙන්න මටනන් බෑ අක්කේ.අනේ අම්මේ මාව බේරගන්න...." මට හූ තිය වුනා..මම මහ හයියෙන් කෑ ගැහුවේ ඇගේ තියෙන උපරිම බලය ජවය ශක්තිය අරන්..

මේ මනුස්සයා එකපාරටම බ්‍රේක් ගැහුවේ නැතැයි..අම්මේ මගේ පපුව..තව ටිකෙන් මට වමනේ යනවා..මං හැදුවේ සීට් බෙල්ට් එක ගලෝලා ඉක්මනට  කාර් එකෙන් එලියට දුවන්න..ඒක ගලෝනවාත් එක්කම..

"කොයිද යන්නේ..ඔහොම ඉන්නවා කොන්ඩේ හැටි බලනවා..පිස්සෙයෙක් වගේ අවුල් වෙලා අනික මේ කොයිද කියලා තමුසෙ දන්නවද..දුවන්න යන්නේ ..දකින එවුන් හිතයි තමුසෙ අතවරේකට ලක් වෙලා කියලා..මෙහෙ ඉන්නවා දුවන්නේ නැතුව.."

එහෙම කියලා ආයේ අතින් ඇදලා මාව ඉන්දුවා..යකෝ යකඩද දන්නෑ කන්නේ..රිදෙනවා යකෝ..ඔහොම අදින්නේ අහිංසක මාව..පරඩැල වගේ එහෙ මෙහෙ යනවා මම..ඉන්න තැන දන්නෑ ගෑවනේ ඇත්තටම කොයිද ඉන්නේ.ඒත්.,

එකපාරට මාව ඇදලා ඉන්දෝලා එයා කරපු දෙයින් මාව සීතල වෙලා ගියා..මට තිබුනේ ස්ට්‍රේට් ඉනටත් ටිකක් පල්ලෙහට තිබුන කොන්ඩයක්..ඒක කොයිවෙලෙත් පිස්සිගේ මල්ල වගේ කවදාවත් ලස්සනට කොන්ඩයක් දාගන්න මට බෑ..හිටින්නෑ..කොන්ඩෙට ඕන විදිහට තමයි ඌ ඉන්නේ..මම කැලේ..ඉතින් මට ඉන්න බැරුවට පොඩි කෑලි දෙක තුනකුත් මම කැපුවා..හේහේ..දැන් තමා ඒකේ අගේ තේරෙන්නේ කටේ ඇස් දෙකේ මූනේ හැම තැනම කොන්ඩේ..සැක්..මේ රෑ එලියට මෙහෙම බැස්සොත් සුවර් මං නෙවෙයි බය වෙන්නේ මිනිස්සු..

එයා එකපාරට මගේ මූනට වැටිලා මූන වැහිලා තිබ්බ කොන්ඩේ කෑලි ටික අල්ලලා කන ලගින් රැදෙවුවා..අහ්..ඒ අත් වල සීතල..ඩ්‍රැකියුල කෙනෙක්ද මංදා..හීනි දිග ඇගිලි...එක ඇගිල්ලක තියෙන කලු මුද්ද..සුදු පාට හම..කැපිලා පේන නහර..ඒ අත් දෙක මොහොතකට මගේ හදවත නතර  කරා කිවුවොත් නිවැරදී.. නල්ල පුරා මූන පුරා තිබ්බ කෙස් රොද හරි පරිස්සමෙන් එකතු කරපු එයා..එහෙම්මම ඒක මගේ කන ලගින් උඩට  රැදෙවුවා..එවලේ මං එයාගේ ඇස් දිහා බලද්දි..කවදාවත් දැකපු නැති අමුතු හැගීමක් ඒ ඇස් වල මං දැක්කා..ඒත් මං බලන් ඉන්නවා දැකපු එයා..ආයෙත් සුපුරුදු යක් බෙරේ වයන්න ගත්තා..

Mine SharadhaWaar verhalen tot leven komen. Ontdek het nu