chapter 34

525 83 27
                                    


කට්ටිය ඔක්කොම පාටි එක ෆුල් එන්ජොයි කරද්දි නේහයි ශාරධා යි දෙපැත්තට වෙලා රවාගෙන ඉන්නවා..ස්නේහා කොච්චර කතා කරත් මුන් දෙන්නා නෙවෙයි නටන්නවත් ආවේ..දෙව් නන් පේන්නත් එක්කම අර කොල්ලා එක්ක ඇලී ඇලී නට නට හිටියා...ඒකට මුන් දෙන්නා..පාරම්පරික හතුරෝ දෙන්නෙක් වගේ රවාගෙන ගොරවන් ඉන්නවා..

කොහොමහරි ඔන්න වෙඩිමත් ඉවරයි..ඔක්කොම අය කපල් එකට විශ් කරලා ගියා..අන්තිමට ඉතින් ඉතුරු උනේ කපල් එකේ ලගම අය විතරයි..මේ හතර දෙනත් ඒ අතර නැවතුනා..

ඉතින් දැන් ස්නේහා හදන්නේ යන්න..ඔව් එයා අද රෑම යනවා..සෙට් එකටම පට්ට දුකයි..යොමානන් ඔහේ ඉන්නවා අහක බලන්..ලකීත් එහෙමයි..එතකොට හේශ්..හේශ්ගේ මූණේ තියෙන හැගීම් කාටත් හිතාගන්න බෑ..ඒත් හේශ් ඉන්නේ ගොඩක් හිනා වෙලා..

"අඩෝ අභී..නන්ගි නේහා..දැන් ඇති හොදේ ඔය වලිය..බලහන්..ස්නේහා දැන් ගියාම ආයේ එන්නේ අවුරුදු ගානකින්..උබලා ඒකි එක්කත් කතා නොකර මෙතන ජම්මාන්තර තරහකාරයෝ වගේ මූනවල් පුකවල් කරන් ඉන්නවා..කෝ වරෙන් වරෙන් දෙන්නම.." එහෙම කියලා හේශ් දෙන්නව ඇදගෙන ගියේ ස්නේහා ලගට..

"ස්නේහා..මේ බලහන් බං..මුන් දෙන්නාව මට එපා වෙලා තියෙන්නේ..උබවත් අන්තිම පාරට කතා කරපන් මුන් දෙන්නට.." පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි දවසෙම මහන්සි වෙලා ලග තිබ්බ පුටුවක වාඩිවෙලා හති අරින ස්නේහා ලගට ශාරධාවයි නේහවයි බලෙන්ම හේශ් ඇදගෙන ගිහින් දැම්මා..

"අයියෝ..මොනාද අභී..බබලා වගේ ඔයාලා තාම.මේ අහන්න..මං එදත් අදත් කියන්නේ එකම දෙයයි..දෙන්නම සතුටෙන් ඉන්න..ප්ලීස් එච්චරයි මට ඕනේ..අද පාන්දර 2 ට මට ෆ්ලයිට් එක..මං යනවා..ආයේ ඔයාලව හම්බෙන්නේ අවුරුදු ගානට පස්සේ..ඇයි මේ සුලු දේකට රන්ඩු වෙලා..අභී ඔයා මීට වඩා ඉවසන්න අනේ..නේහා තාම පොඩි දරුවෙක්.." ස්නේහා එහෙම කියලා නේහා දිහා බලද්දි නේහා ශාරධා දිහාට දැම්මේ හෙන ජයග්‍රාහී බැල්මට් එකක්..😌 ඒක නිකන්.."දැක්කනේ තමුසේ පරාදයි" වගේ බැල්මක් 😂

අභී ඒක කිවුව සෙනිකෙන් ස්නේහට බැන්නා.."ඔව් ඔව් උබලා ඔක්කොටම මේකි පොඩි එකී..මම තමා වැරදි..රෙද්ද මේකිගේ කට දන්නේ මමනේ..මෝය කට වගේ මේක..කිසිම ගරුත්වයක් නෑ මට..😒"

Mine SharadhaWhere stories live. Discover now