Chapter 9

459 88 8
                                    


"ඕකේ..ආ යූ නේහා ගෝමස්.."  ලිෆ්ට් එකේ කතා කරාට වඩා මෙයාගේ කටහඬ සැරයිනේ අප්පා...අයියෝ...

"යා මෑම්..අයිම් නේහා.." තාම මං බිම බලන්..

"මේ මං බිම බඩගාන ළමයෙක් කියලා හිතුවද බිම බලන් කතා කරන්නේ personality එකක් නැද්ද කෙනෙක් එක්ක කතා කරද්දි දැස් දෙක දිහා බලන් කතා කරන්න අහ්.."  එකනන් කිවුවා නෙවෙයි ගෙරෙවුවා..

යකෝ මෙයා මේ මටද personality එකක් නෑ කියන්නේ..මේ මට..හා හා මැඩම් ඔන්න ඔයාට වැරදිලා..මොකද දැන් නේහට තද වුනා.. ඔහොම හිතලා ඔලුව ඉස්සුවා මගේ personality එක එයාට පෙන්නන්න..සිංහලෙන් කිවුවොත් දෙකක් කියන්න...

"මැඩම් මම වරදක්...." ඔච්චරයි කියන්න ලැබුනේ..

තව ටිකෙන් මට හාට් ඇටෑක් එකක් හැදෙනවා..මට වචන කීපයයි කියාගන්න ලැබුනේ..දෙයියනේ මේ ඇස්..මේ මූණ මේ කොන්ඩේ..මේ..මගේ ශාරධා..එයා වෙනස් වෙලා....ජිම් ගිහින්ද කොයිද...තවත් සුදු වෙලා..ඇස් දෙක හෙන නපුරු පාටයිනේ..හිනාවක්ම නෑනේ මූනේ..ලිෆ්ට් එකේ ඔක්කොම වහලා දැක්ක නිසා දැන් තමා මට එයාගේ ගොඩක් දේවල් හරියට පෙන්නේ..අනික කවුද දන්නේ දෙයියන්නේ මේ එයා කියලා..ඒකනේ මං මේ සසදන්නේ.. ඇයි දෙයියනේ..මං මෙයාව කලින් අදුරගත්තේ නැත්තේ..ඔව් ඉතින් මූණ වලහනේ හිටියේ සම්පුර්ණයෙන්ම..දැන් මගේ ඉස්සරහා මේ ඉන්නේ පන යනකන් social media වල මං හොයපු..එපා වෙනකන් මනෝ පාරවල් ගහගෙන හිටිය මනුස්සයා නේද..මෙයාට මාව ලාවටවත් මතක නැද්ද..චුට්ටම චුට්ටක්වත්...

මට කදුලුත් එන්න ආවා..ඇත්තටම මට සතුටු යි..ගොඩක්..එයා දැන් මං ඉස්සරහා..මගේ බොස්..මං එයාට ආදරේ කරාද මටත් නොකියම..නෑ නෑ පිස්සුද නේහා මොනාද මේ හිතන්නේ ඔයාට තියෙන්නේ එයාව හොයලා හොයලා හම්බුන එකේ සතුට විතරයි..අනික මේ අවුරුදු ගානටම ඔයාට එයාව එහෙම මතකයක් තිබ්බේ නෑනේ.. මොකද මේ එකපාරටම..ඔහොම හිත හිත මං තාම ගොලුවෙක් වගේ බලන් ඉන්නවා..ඇත්තටම මං අතින් ඇදන් එක්කන් ආවේ අපේ බොස්ව කියන තැනදි මං ශොක් වුනාට වඩා මෙතනදි මං ශොක් වුනා...

"මේ..ඔය ළමයා මගේ මූණ දිහා බලන් අනිමිස ලෝචන පූජාවද..අහ්.." කියලා එයා මේසෙට හයියෙන් පාරක් ගැහුවා..ඔන්න එතකොට තමා මාව හීන ලෝකෙන් ඇහැරුනේ..

Mine SharadhaWhere stories live. Discover now