Chapter 20

560 91 14
                                    


කොහොමහරි මම අපේ සෙට් එක හොයාගත්තා..මුන් නිකන් අමුතු බැල්මක් දාන්නේ මොකද මං දිහාට..
"අහ් නේහා...හරි ගිහින් වගේනේ.."

"ආව්..ආව්..ඔහොම යන්කෝ."

"අකීකරු කියඹු රැල්..රෝස දෙකොපුල් පුරා..නුරාගේ දෑසේ ආදරේ පෙරෙනවා" 

මොකා මොකා..කාගේ දෑසේ මොනා පෙරෙනවා..යකෝ..මට දැන් තමා තේරෙන්නේ..මේ පඩත්තරයෝ ටික හිතලමනේද මාව දාලා ඇවිල්ලා තියෙන්නේ..නුරා ඉන්නවා දකින්නැති.පෙනේද මුන්..සුභා හොදටම දන්නවා මං නුරාට යාලුවෙක්ට එහා කැමති නෑ කියලා..එහෙම වෙද්දි මේකිත් හවුල් වුනාද..එහෙම හිතලා ඒකි දිහා රවලා බලද්දිම ඒකි මට කිවුවේ..

"මේ මේ මං ඕවා දන්නෑ හරි..මං මේ පොඩි ශොට් එකක් දාන්න ආවේ..මුන් ටික මට ආයේ යන්න දුන්නෑ.."

යකෝ ශොට් ගහලා මටත් හොරෙන්..කෝ මට..

"යකෝ කෝ මට ශොට් එක..කෝ දියන් දියන් මට..කෝ මොනාද බිවුවේ..''

අහ් මේ වයින් නේ..කෝ දෙන්න දෙන්න..

"උන් ටික බලන් ඉද්දිම මං වීදුරුවක් ඇදලා දැම්මා..උන් කොන්පියුස් උන්ගා බුන්ගා.."

යකෝ මේකි බලහන්කෝ..බීපු ලස්සන..යකෝ නිකන්වත් වට පිටවත් බලන්නෑනේ..
නිකන් බොන්න තියෙද්දි වට පිට බලන්නේ අහවල් එකටද යකෝ..

ඔහොම ග්ලාස් 2ක් විතර බිවුවා.. මං ඉස්කෝලේ යන කාලෙත් අම්මට හොරෙන් බීලා තියේ ඉතින් ..අමුත්තක් නෑ..මේවා..හැබැයි ගොඩක් නෙවේ..චුට්ටම චුට්ටයි..එහෙම වෙරිත් නෑ මට..

ඔහොම ඉතින් වල් පල් ගගහා ඉද්දි ..එනවුන්ස්මන්ට් එකක් දුන්නා..

"ඔව් තව සුලු මොහොතකින් අපි එක් තරඟයක් සිදු කිරීමට නියමිතයි..අපි අපේ ඔෆිස් එකේ හොඳම ඩාන්සිං කපල් එක තෝරනු ලබනවා..ඉතින් ඔයාලට පුලුවන්  එක් සහකරුවෙක් හෝ කාරියක් සමඟ ඒ ඩාන්සිං කම්පිටිශන් එකට සහභාගී වෙලා ජයග්‍රහණය ලබාගන්න..ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග ලැබෙන බව කරුණාවෙන් දැනුම් දෙනු ලබනවා.."

අම්ම්ටසිරි ..කපල් ඩාන්ස්..මරුනේ..එත් ඉතින් කොල්ලෙක් නැති මම මොකා එක්ක නටන්නද..දියානන් චමත් එක්ක යයි..මං යනවා සුභා එක්ක..හේ...හේ..ඒකි එලවයි මාව..ඔන්න ඔහේ කමක්නෑ පාඩුවේ බලා සැනසෙනවා හුම්..

Mine SharadhaKde žijí příběhy. Začni objevovat