chapter 39

871 98 63
                                    

ඔෆිස් එකේ එකම යුද්දයයි..ටානියගේ කේස් එක හැමෝටම ආරන්චී උනේ ලැව් ගින්නක් වගේ..අක්කා තමා අක්කා..ටානියට කෑ ගැහුවේ ඔෆිස් එක උඩ යන්න..අම්මේ ඉතින් බනින්නම නොදන්න කෙනානේ..
ඇත්තටම ඉතින් බනින්න තමා ඕනේ..නෑයෝ වෙලත් මෙච්චර දෙයක් කරපු එකට..අනේ ඕකිගේ නෑ කම..මංනන් ඒ දවස්වලම කිවුවනේ..කෝ මගේ රැවුල නෑනේ ඇහුවේ නෑ..

ටානියා ඔෆිස් එකෙන් එලියට දිවුවේ අඩාගෙන..වටේ පිටේ කාටත් ඒකි ගැන කිසිම දුකක් තිබ්බේ නෑ..මොකද ඉන්නකන් කලේම ජරා වැඩනේ ඉතින්..අක්කා එහෙම්මම ටානියගේ තාත්තටත් කතා කරලා ඒකිගේ පට්ටන්දරේ එහෙම්මම කිවුවා..අහ් දැන් ගෙදර යන්නත් නැති වෙයි කාගෙත් සුන්දරීට.😌 මෙච්චර ප්‍රශ්න වෙලා කෙලවිලා තියෙද්දිත් මේ වගේ කාරනේකදි සතුටු උනේ නැත්තන් මම මනුස්සයෙක් නෙවෙයිනේ රත්තරංලා..ඉතින් මං උඩ පැන පැන සතුටු උනා..😌

ඒත්..ජීවිතේ හැම දෙයක්ම වෙනස් වෙන්න යන්නේ තප්පර ගානයි..ඔව්..පුංචිම පුංචි තප්පර ගානකින්..ජීවිතේ උඩු යටිකුරු වෙන්න පුලුවන් ..

ඉතින් ..ඔන්න ඔහොම අපිට අහුවුනේ..වංචාව කරපු කෙනා විතරයි ..ටානියයි කෙනාලුයි යාලුවෙලා තියෙන්නේ මීට මාස කීපයකට කලින්..ඉතින් කෙනාල් ටානියා එක්ක යලුවෙලාම තියෙන්නේ එයා මේ කම්පැනි එකේ ඕනර්ගේ ඇසිස්ටන් බව දැනගෙන..එයාට ඕන වෙලා තියෙන්නේ එයාගේ තාත්තාට වගේම මේ  කම්පැනි එක වස්සලා දමන්න..ඉතින් ඒක තමා ටානියව ඒම් කරලා තියෙන්නේ..ඒ මදිවට ටානියාත් එක්ක කරන්න ඕන ඒවත් සේරම කරගෙන..දැන් හරි ඇතිනේ දෙන්නගෙම අමාරුව..අපිට කෙනාල්ට විරුද්ධව නීතිමය පියවර ගන්න පුලුවන් උනා..හැබැයි ඒකෙන් උනේ ආයේ පරන හතුරුකම් අලුත් උන එක තමයි..

ඉතින් ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා..කම්පැනි එක තිබ්බ තත්වෙට ටික ටික ගේන්න..ආයේ අපිට පුලුවන් උනා..ඒත් වෙච්ච හොදම දේ ඒක නෙවෙයි..😂ඇත්තටම ඒක ගැන මට හිතාගන්න බැරි උනා..

මම ඉතින් පරණ පුරුදු විදිහටම ඔෆිස් එකට ගියේ අපේ සෙට් එකත් එක්ක කයියක් ගහන් වැඩ ටික කරගන්න..ඇත්තටම දැන්නන් මේ නුරා හොද ඇණයක් වීගෙන එන්නේ..කොයිවෙලේ හරි අහගන්නවා හොදට මගෙන්..මං ඉතින් සුභා එක්ක ඕක ගැන කතා කර කර වැඩ කරන්න ලැප් එක ඔන් කලා..එකපාරට මට ආවේ ඊ මේයිල් එකක්..

Mine SharadhaWhere stories live. Discover now