Chapter 37

651 94 28
                                    


අපේ කතාව අවුරුද්දක් විතර ලස්සනට ගෙවුනා..රණ්ඩු උනා..යාලු උනා..මරාගත්තා..එයා ඊරිසියාවේ පැලුනා..මම නුරා එක්ක කතා කරත් ඇති..ඊලග විනාඩි 2ක ඇතුලත කෝල් සීයක් විතර ඇවිල්ලා..😂
ඇත්තටම ඒ ඊරිසියාවට මං ආදරේ කලා..ඒත් එක දෙයක්..අක්කා කවදාවත් මාව සැක කලේ නෑ..එයා සෝඩා බෝතලේ වගේ මේ කෑ ගහනවා..කේන්තිය නිව්නට පස්සේ එනවා හුරතල් වෙන්න..මල සමයන් බෝල සබන් ඒ යකාගෙත් ඉතින් ..

හැබැයි හැමදේම හැමදාම හොදින් වෙන්නෑනේ..අපේ අම්මට සැක හිතිලා තිබ්බා..මට අවුරුදු 24ක් වෙන්න වෙලත් තාමත් කොල්ලෙක් නැති එක..ඒත් මං එහෙට මෙහට ශේප් වෙවී හිටියා..
ඒත් මං අක්කා එක්ක කෝල් වල ඉද්දි..එහෙන් මෙහෙන් අම්මගේ කන වැකුන අවස්ථාවලදී හින්ට් පාරවල් කාපු අවස්ථා ද එමටයි..අනේ ඉතින් මගේ මෑනියෝ හිතන්න ඇති මට කොයින්හරි ඇටකිචි කොල්ලෙක් සෙට් වෙලා කියලා..කොහොමද කියන්නේ ඉතින්..මගේ යස්ස පැටියා ගැන..මාවත් එලවයි ගෙදරින්..දෙයියනේ දෙයියනේ ගෙදරින් දොට්ට දැම්මොත් මට උයන්න දන්නෙත් නෑ..

ඉතින් ..අක්කා බිස්නස් වැඩ වලටම ගොඩක් මහන්සි උනා..එයාව ඇදිලා ගියා..ඔක්කොටම වඩා..එයාගේ තාත්තා එකපාරට ලෙඩ වෙන්න ගත්තා..ඉතින් එයා ගොඩක් ලොකු මානසික පීඩනේක හිටිය බව අමුතුවෙන් මට කියන්න ඕන උනේ නෑ..ඒත් මට ඊටවඩා දෙයක් එයාගේ හැසිරීමෙන් තේරුනා..දවසක් ඉවසලා බැරිම තැන මම ඒක අක්කගෙන් ඇහුවා..

"මේ..අහන්න.."

""කියනවා..මොකද..""

"අනේ මේ ඇගට කඩන් පනින්නේ නැතුව අහනවා හලෝ..""

මං මූණත් දෙක කරන් කිවුවේ..ලැප් එක දිහාටම එබිලා මාව ගනන්වත් නොගෙන එකදිගට වැඩ කරන එයා දිහා බලාගෙන..මොන..මේ මනුස්සයාට ගානක්වත් නෑ..හවස 6ත් පහුවෙලා..මාවත් මේක අස්සේ රිංගවගෙන..ගෙදර යන්න දෙන්නෙත් නෑ...😪 කාටුන් එකක් බලන්නත් නෑ මේ ගල් ඉබ්බා නිසා..

හරියන්නෑ .බැරිම තැන ලැප් එක හයියෙන් වහලා දාලා මං වාඩි උනේ එයාග් මේසෙ උඩින්..

""නේහා තමුසෙට මොලේ අමාරුවද ඕයි..""

කන්නාඩි දෙකත් හයියෙන් ගලෝලා දාලා ඔෆිස් එක දෙවනත් වෙන්න කෑ ගැහුව හැටි..එහා පැත්තේ බිල්ඩිං එකටත් ඇහෙන්න ඇති..බූරුවා..

Mine SharadhaWhere stories live. Discover now