Part 36

38 3 10
                                    

(අපි jhopeටත් 💙 මේකම දිගටම use කරමු...)

Jhope pov

වෙන කරන්න දෙයක් නැති නිසා මම ඇත්ත කියලා දැම්මා. මම ඒ ටික කියනවත් එක්කම මට ඇහුණා පිහිය බිමට අතෑරෙන සද්දේ...ඒත් එක්කම මෙච්චර වෙලා දගලපු කෙල්ල ගල් ගැහුණා...දැන් කෙල්ලගේ reaction එක මොන වගේ වෙයිද කියලනම් මම දන්නේ නෑ...මෙච්චර කාලයක් රැකගෙන හිටිය රහස...ෂිට්..ඒත් ඉතින් මොනවා කරන්නද...මේක නොකිව්වානම් අද මේ කෙල්ල මැරෙයි..ඕනි දෙයක් වුනදෙන්...මම කෙල්ලව අතෑරියා ..unbalance ගතිය නිසාද කොහෙද කෙල්ල බිමට වැටුණා...මමත් කරදර කරන්න ගියේ නෑ කෙල්ලට එහෙමම ඉන්න දුන්නා..කෙල්ල වැටුණේ මට පිටිපස්ස හරවලා නිසා මට එයාගේ මූණ පෙනුණේ නෑ..ටික වෙලාවක් වේගෙන් හුස්ම ගත්ත එයා එකපාරට හැරිලා මං දිහා බැලුවා...නැගිටලා මං ගාවට කෙල්ල ආවේ පුදුමෙන් ලොකු වෙච්ච ඇස් එක්ක...කෙල්ල ටික වෙලාවක් කතා නැතුව මං දිහා බලාගෙන හිටියා...මම තාම තොප්පිය දාගෙන..ටිකකින් කෙල්ල ඇඟිල්ලක් මගේ පැත්තට දික් කලා..ඒත් ඒක හොදටම ගැහෙනවා...

💜ඒ....ඒ...ඒ..ක්...කිය...න්නේ...ඔ....ඔ..ඔය්..ඔයා........

💙sakya මේ.....මම මේ...කියන්න හැදුවේ .....

මට ඕනි වුණේ මම කලින් කීවේ බොරුවක් කියලා කියන්න...මොකද..මේක ඉස්සරහට ලොකු ප්‍රශ්නයක්..අනික කෙල්ල මගේ මූණ දැක්කේ නෑනේ...ඒ නිසා මම කීවේ බොරුවක් කියලා ෂේප් වෙන්න පුලුවන්..

ඒත්....

එකපාරට කෙල්ල එයාගේ ඇගිල්ල මගේ තොල් උඩින් තිබ්බා...මගේ ඇග දිගේ කරන්ට් එකක් ගියා වගේ මට දැනුණේ...

💜ශ්ශ්ශ්ශශ්ශ්....🤫

කෙල්ල හිමින් මගේ තොල් අතරේ එයාගේ ඇගිල්ල ගෙනියනකොට මාව පිස්සු වැටුණා...මේ කෙල්ල මේ මොකක්ද කරන්නේ...තව ටිකක් මේම කලොත් මට මාවම control නැති වෙයි...ටික වෙලාවක් එයා මගේ තොල් දිහා හොදට බලන් හිටියා...මේ මොකද මේ..මාව රත් වෙනවා....ටිකකින් එයාගේ ඇස් ලොකු වුණා...එයා මගේ තොලේ එක තැනක ඇගිල්ල නැවැත්තුවා..

💜 birth mark එක......

ආහ් හරිනේ දැන්..🤦‍♂️අහුවුණා...මට make-up එක දාලා ඒක වහන්න අමතක වුණානේ අද....කොහෙද මෙයා එකපාරට මෙහෙට කඩාපැන්නම make up දාන්න වෙලා තිබ්බැයි මට...දැන් ඉතින් බොරු කියලා වැඩක් නෑ...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now