Part 15

21 5 1
                                    

හැමෝම dance කරන එක නැවැත්තුවේ jhope oppa "STOP..." කියලා කෑගැහුව නිසා...කට්ටියම jhope දිහා බලන් හිටියේ පුදුමයෙන් ...ඒවගේම jhope හිරූ දිහා බලන් හිටියේ ඊටත් වඩා පුදුමෙන්...එයාගේ ඇස් ලොකු වෙලා..ගල් ගැහිලා...ඇත්තම කිව්වොත් හිරූ බය වුණා...

"Excuse me oppa..."

ලියාගේ voice එක ඇහෙද්දී jhope ගැස්සිලා ගියා...මොකද එයාට එතකොට තමා හරි සිහිය ආවේ...එයා ටිකක් කල්පනා කලා බිම බලාගෙන...එයාගේ පුදුමෙන් තිබ්බ මූණ ආපහු පුරුදු විදියට නපුරු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...එයා කෙලින්ම හිරූ දිහා බැලුවේ නපුරු විදියට...එයාගේ අතත් වෙව්ලනවා කේන්තියට...හිරූ ඇස් දෙක පියාගත්තේ බය නිසාද දුක නිසාද කියලා හිරූටම තේරුණේ නෑ...ඔන්න jhope එකපාරටම කෑගහන්න පටන් ගත්තා...

"තමුන්ට පිස්සු හැදීගෙන එනවද?නැත්නම් දැනටමත් පිස්සුද?ආ?මොනවද මේ කරන්නේ?මේවටද debut song dance choreography කියන්නේ?මේක තනිකරම විකාරයක්....කිසිම ගැලපීමක් නෑ...ඒ වගේම..."
Jhope ට ඉතිරි ටික කියන්න නොදී මැදට පැන්නේ රෙජී...

"ඒත් ඔප්පා අපේ මේ dance එකට අනිත් directorsලා approval එක දුන්නා..."

රෙජී කතාව ඇහුණත් jhope තාමත් කේන්තියෙන් බලන් හිටියේ ඇස් දෙක පියාගෙනඉන්න හිරූ දිහා..

"Approval?මේ වගේ තනිකර විකාර dance එකකට?මේක මගේ ජීවිතේ දැකපු කැතම dance එක...කවුරු කොහොම කිව්වත් අන්තිම තීරණය දෙන්නේ මම..මමයි ඔයාලගේ dance guide කරන්නේ...මගේ Approval එක නැතුව කවුරු approval දුන්නත් වැඩක් නෑ..අනික තමුන්ලට ඕනි මේ වගේ විකාර dance එකක් debut song එකට දාලා ලෝකයක් ඉස්සරහා ලැජ්ජා වෙන්නද...මම මේ විකාර dance එකට approval එක දෙන්නේ නෑ...කොහෙත්ම නෑ...ඒ වගේම තමුන්..."කියන ගමන් jhope ඇඟිල්ල දික් කලේ තාමත් ඇස් පියාගෙන ඉන්න හිරූ දිහාට..කෙල්ලගේ කම්මුල් දිගේ කඳුලු බේරෙනවා..

Hiru Pov

මැණික...ඔයා ඇයි මට මෙහෙම කරන්නේ...ඇයි මට රිද්දන්නේ...මට තවත් මේක දරාගෙන ඉන්න බෑ...මම මෙච්චර කාලයක් හෙව්වේ ඔයාගේ ආදරේ...ඔයාගේ උණුහුම...ඒත් මම දන්නවා කවදාවත් මට ඒක හිමි නෑ...ඒකට කමක් නෑ..මට ඔයාව බලෙන් ගන්න ඕනි නෑ..මට පුලුවන් මැරෙනකල්ම ඔයාට ඈත ඉදන් තනියම හිතින් ආදරේ කරන්න ....ඒත්...ඒත්..මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන ඔය ලස්සන ඇස්වලින් මං දිහා බලාගෙන මාව රිද්දන්න එපා..මට ඉවසගන්න බෑ...ඔයා මගේ නොවුණට කමක් නෑ..ඒත් මම ඔයාගේ...මේ හිත රිද්දන්න එපා...ඔයාට ඕනි මේ dance එක විකාරයි කියලා මාව dance leaderකමින් අයින් කරලා මම ඔයාගේ ඇස් මායිමෙන්ම ඈත් කරන්නද...ඒක ඔයාගේ සතුට නම් ...කමක් නෑ ඒක කරන්න මැණික ..මම තරහ නෑ..ඔයාගේ සතුට වෙනුවෙන් මම යන්නම්...ඒත් මම ගියත් ඔයාට විතරයි ආදරේ කරන්නේ....

 My Hat Man  - Back To Blue Side  🔞Tahanan ng mga kuwento. Tumuklas ngayon