Part 13

32 4 7
                                    

🦋🦋මාස 6 කට පසු..... 🦋🦋

Bighit එකට ආව දවසේ ඉදන් වුණේම කලන්තෙ හැදිලා වැටෙන තරමේ පුදුම දේවල්...මුලින් තොප්පි භූතයා...ඊට පස්සේ මගේ ඔප්පාගෙන් වතුර පාරක්..ඊට පස්සේ යූමී...හැබැයි ඒ හැම දෙයක්ම අස්සේ මම මගේ training එකත් හොදට කලා..විශේෂ දෙයක් කියන්න ඕනි...ඒ තමා තොප්පි භූතයා...ඇත්තම කිව්වොත් එයා මාත් එක්ක අන්තිමට කතාකලේ මගේ jhope oppa මට බැනපු දවසේ...එදායින් පස්සේ තාම නෑ...හැබැයි එයා අපි train වෙනකොට ඈත ඉදන් මං දිහා බලන් ඉන්නවා මම දැකලා තියනවා..ඒත් එයා මට කතා කරන්නවත් වද දෙන්නවත් ආවේ නෑ..යූමීනම් හැමදාම මාව බලන්න ආවා...ඇවිත් ඉතින් කියවනවා...දඟවැඩ කරනවා...බැලුවොත් ඇත්නම් මං එක්ක...යූමී නිසා මගේ ඔප්පලා ටිකත් මං එක්ක එකතුයි දැන්...වැඩියෙන්ම ජිමින් ඔප්පායි V ඔප්පයි....මට විහිලු කරනවා හිනස්සනවා මම යූමී එක්ක ඉන්න වෙලාවට...හැබැයි පරිස්සමින්..මොකද entertainment එකේ නීති තදයිනේ...මට නම් මේක හීනයක් වගේ..මම පිස්සු වැටිලා ආදරේ කරපු මගේ ඔප්පලා දැන් මාත් එක්ක එකතුයි...ඒත් එක දුකක් තිබ්බා...ඒක මට දරාගන්න අමාරු දුකක්..ඒ තමා jhope oppa....අනිත් අය මාත් එකක් කොච්චර හොදට හිටියත් jhope oppa ඒම නෑ...එයාට මාව පේන්න බෑ...එයා වෙන අයට ඒම නෑ...මට තමා වෙනස්කම් කරන්නේ...දැක්කත් නොදැක්කා වගේ යනවා ....රවනවා..membersලා මං එක්ක කතා කරනවාටවත් එයා කැමති නෑ...එයාලව ඇදගෙන යනවා...මේ මාස 6ට මා එක්ක වචනයක්වත් කතා කලේ නෑ...මට ඒක දරාගන්න අමාරු දුකක්....මේ නිසාම මට කොරියාව දාලා යන්න හිතුණ වාර අනන්තයි...මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන ඒ ඇස් දෙක මාව සත පහකට ගණන් ගන්නේ නැතුව ඉද්දි මම කොහොමද දරාගන්නේ....මම යන්න හැදුව හැම වෙලාවකම ලියා මාව නැවැත්තුවේ කවදහරි jhope oppa මාත් එක්ක හොද වෙයි කියලා කියන ගමන්...

.........

කොහොම වුණත් මේ මාස 6 මම ජීවිතේ වැඩියෙන්ම දුක් වින්ද මාස කීපය...හීනෙ වෙනුවෙන් හැම දුකක්ම මම ඉවසගත්තා...තුවාල වුණා ...බැනුම් ඇහුවා...අත පය කඩාගත්තා...ඇඩුවා..හැබැයි ඒ  මහන්සිය ගැන මට කිසිම දුකක් නෑ...ඒ මතක හරි සුන්දරයි...රැවුවත් කතා නොකලත් jhope oppaව දකින්න හරි පුලුවන් නිසා තමයි මම කොච්චර වැටුණත් ආයෙ නැගිට්ටේ...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now