♡Love more than a celebrity -Author pov♡

28 5 2
                                    

හෝව් හෝව් ...
part 2 පටන් ගන්න කලින් මේ ඕතරීට පොඩි කතාවක් කියන්න තියෙනවා....හැබැයි මේක ලියලා ආයෙ කියවනකොට හිතුණා හෑල්ලක් වගේ කියලා...අනේව් මන්දා...හී ..🥲💀 ඔන්න ඔහෙ කියවලා දාන්න ලමයි🥲නැත්නම් කතාව ඉස්සරහට යද්දී ඔයාලට රට පැටලෙයි...හී...

මම ඔයාලට මුලින්ම කිව්වනේ හිරූගේ BTS bias තමයි Jhope..හිරූ මුලින්ම Jhopeව දැක්කේ BTS No More Dream song එකේ MV එකෙන්..මාස්ක් එකකුත් දාගෙන හිටපු Jhopeව හිරූට අනිත් membersලාට වඩා කැපී පෙනුණා..හිරූ මුලින්ම වශී වුණේ Jhopeගේ ලස්සන දිලිසෙන ඇස්වලට..

හැබැයි හිරූගේ හිතේ Jhope ගැන තියෙන්නෙ සාමාන්‍යයෙන් fan කෙනෙක්ගේ හිතේ artist ගැන තියෙන්න ඕනේ බැඳීමට වඩා එහා ගිය බැඳීමක්... ඒ කියන්නේ හිරූ jhopeට celebrity crush එකකටත් වඩා ආදරෙයි.. සරලවම කිව්වොත් ඇත්තටම හිරූට ඕනි කවදා හරි jhopeගේ වෙන්න.. හැබැයි එයා දන්නවා කවදාවත් ඒක වෙන්නේ නෑ කියලා..ඒ නිසා එයා හිත හදාගෙන ඉවරයි හැමදාම තනිකඩව ඉන්න..

ඔව්,පිටින් බැලුවම නම් ඒ තීරණේ විහිලුවක් වගේ තමයි.. ඒත් ඒක ඇතුලතින් බැලුවාම සංවේදී එක අතකින් දරදඩු තීරණයක්.. මෙච්චර කාලයක් හිරූ කිසිම boy කෙනෙක් එක්ක යාලු වෙලා නෑ.. එයාගෙන් යාළුවෙන්න අහපු හැම boyටම වුණේ ඉස්සරහ දත් දෙක කඩා ගන්න තමයි..අතක් පයක් කඩන වෙලාවලුත් තිබ්බා ඉතින්.. 😂මේ හැම වෙලාවකම හිරූ කියන එකම දේ තමයි;

"මං මගේ jhope ඔප්පාට ඇරෙන්න මේ ලෝකෙ වෙන කිසිම boy කෙනෙක්ට ආදරේ කරන්නෙ නෑ" කියන එක..

හිරූ jhope එක්ක හිතින් එයාගෙම ලෝකයක් මවාගෙන ඒකේ ඇතුලේ ජීවත් වෙන කෙනෙක්.. අනික් අය මොන දේ කියලා විහිළු කරත් හිරූ ඒවා තඹ සතේකට ගණන් ගත්තේ නැත්තේ එයා jhope oppata ඇත්තටම ආදරේ නිසයි...

අනිත් ඉස්සරහ කොච්චර දඟ වැඩ කරත් කොච්චර ගැහුවත් බැන්නත් හිරූ jhope ගැන නම් බොහොම සංවේදී කෙනෙක් ..phone එකේ වීඩියෝවල jhope අඬනවා දකිනකොට හිරූත් හැමෝටම හොරෙන් අඩන්නේ jhope අඩනවට එයා කැමති නැති නිසා..jhope ට මොකක් හරි කරදරයක් වුණොත් හිරූ එයාටත් ඒකම කරගන්න ගොඩක් වෙලාවට උත්සහ කරනවා..ඒ උත්සහවල ප්‍රතිඵල විදියට හිරූ hospital හිටිය වාර අනන්තයි..

හිරු හැමදාම ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි... ඒ තමන්ට jhopeට ඈත ඉදන් හරි ආදරේ කරන්න හැමදාම ඉඩ ලැබෙන්න කියලා වගේම jhopeට හැමදාම සතුටින් ඉන්න හැකි වෙන්න කියන දෙයයි..

 ඒ තමන්ට jhopeට ඈත ඉදන් හරි ආදරේ කරන්න හැමදාම ඉඩ ලැබෙන්න කියලා වගේම jhopeට හැමදාම සතුටින් ඉන්න හැකි වෙන්න කියන දෙයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_____________________________________

~~~ ඔන්න මම හිරූගේ හිතේ jhope ගැන තියෙන්නේ මොන වගේ අදහසක් ද කියන එක ඔයාලට කිව්වා...
මෙතන ඉඳන් අපි part 2 continue කරමු~~~~

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now