Part 18

23 4 7
                                    

හිරූව check කරපු doctor ජිමින්ට signal එකක් දුන්නා room එකෙන් එලියට එන්න කියලා...දෙන්නා room එකෙන් එලියට ඇවිත් කතා කරන්න ගත්තා..ඒත් එයාලා දැනන් හිටියේ නෑ තවත් කෙනෙක් මේ කතාව අහගෙන ඉන්නවා කියලා..

"ඔයාලා කියපු විදියේ මැෂින් එකක ඔලුව වැදිලා සතියක් සිහි නැති වෙනවා කියන්නේ හරිම පුදුම දෙයක්...ගොඩක් තදට පාර වැදිලා තියන බව ඇත්ත..ඒ වුණාට එහෙම මැෂින් එකක වැදිලා ඕනි නම් දවස් දෙක තුනක් සිහි නැතිවෙයි..ඊට වඩා නෑ...ඒත් මෙයා..."doctor ටිකක් කල්පනා කලා...

"Mr.ජිමින්...මට කියන්න Mr.Jhopeගෙයි මේ ගෑනු ලමයාගෙයි අතර සම්බන්ධයක් තිබ්බද?"

"ඇ...ඇ..ඇයි doctor එහෙම ඇහුවේ..." ජිමින් shock වෙලා ..

"නෑ..මේ ගෑනු ලමයා දැන් ටිකකට කලින් jhope ගේ නම කිව්වා..ඔයාටත් ඇහෙන්න ඇතිනේ කිව්ව දේවල්?".

"Ah ඔව් මට ඇහුනා doctor ...ඒත් මේ ගෑනු ලමයයි අපේ හොබීයි අතර එහෙම කිසිම සම්බධන්ධයක් තිබ්බේ නෑ..."

"එහෙනම් ඒ දෙන්නා අතර තිබ්බේ මොන වගේ සම්බන්ධයක්ද?" Doctor ඇහුවේ ටිකක් තදට...

ජිමින් doctorට debut song dance choreography එකේ ඇතිවෙච්ච ප්‍රශ්නෙ ගැන හැම විස්තරයක්ම කියලා දැම්මේ වෙන කරන්න දෙයක් නැති නිසා..

"එහෙනම් ඒකයි ප්‍රශ්නේ...එයාගේ හිතේ ලොකූ pressure එකක් තිබිලා තියනවා..jhope බැනපු එක එයාගේ හිතට තදට දැනෙන්න ඇති..මට හිතෙන්නේ මේ ලමයා ටිකක් over sensitive jhope ගැන...ඒ pressure එකයි , අධික මහන්සියයි,හරි කෑමක් අරන් නැති එකයි,ඇඟේ දුර්වලකමයි ,ඔලුව වැදුන පාරටයි ඔක්කොම නිසා තමා මෙයාට තාමත් සිහිය නැත්තේ..මෙයාගේ හිත තියෙන්නේ ලොකු කම්පනයක... ඇයි මේ බැනුම් අහපු සිද්ධිය ගැන ඔයාලා මට කලින් නොකිව්වේ?මම කොච්චර ඇහුවත් ඔයාලා කිව්වේ මේ ගෑනු ලමයා කන්නේ බොන්නේ නැතුව එකදිගට practise කරලා කලන්තෙ දාලා ඔලුව අරකෙ වැදුනා කියලා විතරනේ?"

Doctor ඇහුවේ කේන්තියෙන්...ජිමින් බිම බලාගත්තේ වරදකාරී හැඟීමක් එක්ක...ටික වෙලාවක් බිම බලන් හිටපු ජිමින් කතා කරන්න ගත්තා

"Doctor දැන් මොකක්ද එයාගේ තත්වේ?.."

"බය වෙන්න දෙයක් නෑ..මෙයාට තියෙන්නේ ලොකු කම්පනයක් වගේම දුර්වල වුණ ඇඟක්...හැබැයි ...ඔලුවට වැදුන පාර නිසා...."කියන්න ගිය වචන ටික ගිලගත්ත doctor ටිකක් නිශ්ශබ්දව හිතන්න ගත්තා..

"Doctor කියන්නේ memory lost එකක් වගේ...?" ජිමින් ඇහුවේ බයෙන් බයෙන් ..

"ම්ම් නෑ...එහෙම වෙන එකක් නෑ...මේක දරුණු වැදීමක් නෙවෙයිනේ එච්චර දෙයක් වෙන්න..ඒ වගේම අද වෙච්ච සිද්ධිය නිසා මම හිතනවා අපිට
මම හිතනවා අපිට ඉක්මනට සුබ ආරංචියක් ලැබෙයි කියලා එයාගේ තත්වේ ගැන..."

"ඇයි doctor එහෙම කිව්වේ?"

"එයා අද කියපු දේවල් නිසයි මම එහෙම කිව්වේ...ඒ කියපු දේවල් අනුව අපිට sure කරන්න පුළුවන් එයාගේ යටි හිත අවදියෙන් තියෙන්නේ කියලා.. ඒ වගේම එයා ඔහොම හරි අද කතා කලා...සිහියෙන් නෙවෙයි තමා.. ඒත් සතියකට පස්සේ මෙහෙම හරි කතා කලා...මට හිතෙනවා අද හෝ හෙට එයාට සිහිය එයි කියලා..."

Doctor එහෙම කිව්වාම ජිමින්ට දැනුණේ ලොකු සතුටක්...එයා Doctorට ස්තූති කරලා ආයෙම හිරූ ඉන්න room එකට ගියා...කෙල්ල හොදටම නිදි..ජිමින් එතනට ගිහින් හිරූගේ ඔලුව අතගෑවේ "ඔයාට ඉක්මනට සනීප වෙයි "කියන ගමන්....ඊලගට එයා බැලුවේ හිරූගේ bed එක ගාව ඉදගෙන ඉන්න යූමි දිහා..

"යූමී ඔයාට තව ඉන්න ඕනිනේද Sakya ලග?" ජිමින් ඇහුවේ හරි කරුණාවෙන් ආදරෙන්..

"ඔව් ඔප්පා.. මම අද මෙහෙ හිටියට කමක් නැද්ද?" යූමී ජිමින්ගේ ඇස් දිහා බලන්නේ නැතුව පරිස්සමින් ඇහුවේ වෙනදා නම් මේ වගේ දෙයක් ඇහුවාම ජිමින් කෑගහන නිසා...

"කමක් නෑ...ඔයා ඉන්න...sakyaව හොදට බලාගන්න ඕනි හරිද..දන්නවනේ අපේ mission එක?"

ජිමින් ආදරෙන් කිව්වේ නිදාගෙන ඉන්න හිරූගේ මූණ දිහා බලාගෙන එයාගේ ඔලුව අතගාන ගමන්...

"හරි ඔප්පා..."

යූමීගේ ආරක්ෂාව ගැන වගකීම bodygurdsලා දෙන්නට පවරපු ජිමින් එතනින් පිටවෙලා ගියා....

--------------------------------------
අනේ ලමයි දැන් නම් ඕතරී pov ඇති
ඕතරීට හති...
මං යනෝ....
ඉතිරි ටික කියන්න හිරූව ඔය නින්දෙන් ඇහැරවගන්න....
එහෙනම් නංගි අපි ගියා...ටටා...
Comment එකක් දං යන්ට හාද...
කෝ කෝ කට්ටිය comment කරලා කියන්න හිරූට නැගිටින්න කියලා...
Comments කලොත් ඉතිරි ටික දෙනවා..😉

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now