Part 12

20 5 1
                                    

එක දවසෙම මට සිද්ධ වුණේ පුදුම සිද්ධි දෙකක් ..එකක් දරාගන්න බැරි...අනික හිතාගන්න බැරි...කෝම වුණත් මම එදායින් පස්සේ මගේ ඔප්පලා 7දෙනා බලන්න යන්න බය වුණා...කෝමත් අපිට යන්න දෙන්නෙත් නෑ...මට හොරෙන් බලන්න යන්න හිතුණ වාර අනන්තයි..ඒත් එදා වෙච්ච දේ මතක් වෙද්දී මගේ ඇඟ හිරි වැටිලා යනවා...මට ඕනි නෑ මගේ jhope ඔප්පාව තරහ ගස්සන්න ...ඒ නිසා මම ඒ පැත්තට ගියේ නෑ...හැබැයි මම එයාලව නිතරම දකිනවා..එයාලා entertainment එකට එනවා , කට්ටිය එක්ක කතා කරනවා එහෙ මෙහෙ යනවා මම ඈත ඉදන් බලාගෙන ඉන්නවා....ඒ අතරේ මම තවත් කෙනෙක් දිහා හෝදිසියෙන් හිටියා...ඒ යූමී...එයා නිතරම entertainment එකට එනවා..high school ඇරිලත් එනවා...free වෙලාවටත් එනවා...එයා හැම වෙලේම ඉන්නේ BTSලා එක්ක...එයාලත් යූමීට සලකන්නේ හරි ආදරෙන්...යූමී ජිමින් එක්ක කරේ නැගලා අතේ එල්ලීගෙන entertainment එක ඇතුලෙත් යනවා...ඒත් කවුරුත් මොකුත් කියන්නේ නෑ..අපේ කට්ටියත් මේක ප්‍රශ්නයක්...හැබැයි මම කාටවත් එදා මම car park එක ලග දැකපු seen එක කීවේ නෑ ජිමින් ඔප්පව රකින එක මගෙත් යුතුකමක් නිසා..ඒත් ඉතින් නොකිව්වා කියලා වැඩක් නෑ මොකද ඒ දෙන්නා මේක ඇතුලෙත් කර උඩ යනෝනෙ...ඉතින් අපේ කට්ටියත් හිතුවා යූමී jimin ඔප්පගේ GF කියලා...හැබැයි කවුරුත් ඒ ගැන අහන්න ගියේ නෑ...entertainment එකට ආව වෙලාවට යූමී නිතරම එනවා අපි train වෙනවා බලන්න ...ඒත් එයා විශේෂයෙන් එන්නේ මාව බලන්න කියලා මට තේරුණා..මොකද එයා අපේ training room එකට ආපු වෙලාවේ ඉදන් කරන්නේ මං දිහාම බලාගෙන ඉන්න එක...එයා හැමදාම මට මොනවහරි කියන්න හදනවා...ඒත් කියන්නේ නෑ...ඒත් එක එක ඉඟි දෙනවා..ඒ ඉඟිවලින් මට තේරුණේ එයා ම කියන්න හදන්නේ තොප්පි භූතයා ගැන කියලයි..

"ඔයා දන්නවද...එයා ආසම ඔයාගේ මේ ඇස්වලටයි...ඔය ලස්සන දිග කොණ්ඩෙටයි....ඉක්මනට කේන්ති යන එකටයි...ඒ ඔක්කොටම වඩා ඔයාගේ අවංක හදවතට...ආදරණීයකමට..."එයා දවසක් කිව්වා

"කවුද ඔයා ඔය හැමදාම කියන එයා?"

"දැනගන්න ලැබෙයි ලගදීම...මොනා වුණත් ඔයා තොප්පි use කරන්නේ නැතුව ඉන්නවා නම් හොදයි"

කියලා කෙල්ල හැමදාම මට විහිලු කරනවා..මට නම් මේ මොකුත් තේරෙන්නේ නෑ...යූමී මාත් එක්ක ගොඩක් හිතවත් නිසා මට අහන්න හිතෙනවා ජිමින් ඔප්පා ගැන...ඒත් මට හිතුණා ඇයි මම එයාලට කරදර කරන්නේ කියලා...එයාලටත් පෞද්ගලික ජීවිතයක් තියෙන්න ඕනි..ඒ නිසා මම ඒක අහන්න ගියේ නෑ..

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now