Part 31

23 4 2
                                    

හිරූව room එකේ තනිකරලා තොප්පි භූතයා යන්න ගියේ දොරත් වහලා...හිරූ ඉන්නේ හොදටම shok වෙලා ...එයා දොරට හේත්තු වේගෙනම බිමින් වාඩි වුණේ පිස්සියක් වගේ...

Hiru pov

මොකක්ද ඒ වුණේ...මොනාද එයා ඒ කියෙව්වේ...ආහේ මට පිස්සු වගේ...ඉස්සල්ලා calm down myself...ඒ කියන්නේ එයා මට ආදරේ කරනවද...ඔව් එයා මට ආදරේ කරනවා ....ඔව් මටත් ඒක දැනුණා..මම නොදැනුණා වගේ හිටියා...ඕනම කොල්ලෙක් කෙල්ලෙකුට ලං වෙන විදියෙන් ඒ කෙල්ලට තේරෙනවා ඒ කොල්ලා ලං වෙන්නේ ඇයි කියලා....මටත් ඒක නොතේරුණා නෙවෙයි...ඒත් මම ගණන් ගත්තේ නෑ...ගණන් ගන්න උවමනාවක් තිබ්බෙත් නෑ...මොකද මට ඕනි jhope ඔප්පාගේ  ආදරේ විතරයි...ඒත් අද මොකක්ද මේ මට දැනෙන අමුතු හැඟීම...වෙනදා කොච්චර කොල්ලෝ මට ආදරෙයි කියනවද...එතකොට මම උන්ට බනිනවා ගහනවා...ඒත් මට මෙහෙම හැඟීමක් මීට කලින් දැනිලා නෑ...ඒ කියන්නේ...මමත් තොප්පි භූතයාට ආදරෙයිද...නෑ නෑ ...ඒක වෙන්න බෑ...මම ආදරේ මගේ jhope oppaට...ඒත්....තොප්පි භූතයා මට ලං වෙද්දී මට මොකක්දෝ පුරුදු බවක් දැනෙන්නේ ඇයි...මම එයාට මුලින්ම ගහපු දවසේ එයාගේ දිග ඇගිලි මගේ තොල් දිගේ යද්දී මාව control වුණා මට මතකයි...මම මුල් කාලේ  එයාට මාව අල්ලන්නත් එපා කියලා බැන්නට ගැහුවට  එයා මට ලං වෙද්දී මට මොකක්ද වෙනවා..අදත් ඒමයි..මට එයාට ගහන්න හිතුනේ නෑ...ඒ වෙනුවට මට ඒ උණුහුම ඕන වගේ දැනුණා...මම මෙච්චර කාලයක් හොයපු කෙනා එයා කියලා හිතෙන්නේ ඇයි...මම මෙච්චර කාලයක් හෙව්වේ  jhope ඔප්පාව..තොප්පි භූතයා jhope ඔප්පා නෙවෙයි...ඒත් මට හිතෙන්නෙම එහෙමයි...ඒත් ඒක විකාරයක්..තොප්පි භූතයා jhope ඔප්පා නෙවේ කියන්න ඕනි තරම් සාක්ෂි තිබ්බා..මම audition ආපු කාලේ තොප්පි භූතයා කොරියාවේ මට වද දෙද්දී jhope ඔප්පා හිටියේ ඇමරිකාවේ... එදා jhope ඔප්පා මට බැනලා වතුර නෑව්ව දවසේ මං එක්ක කතා කලේ තොප්පි භූතයා...එයා jhope නම් ඒම කතා කරන්න එන්නේ නෑ...අනික jhope ඔප්පාට එහෙම චරිත දෙකක් රඟපාන්න තරම් පිස්සු නෑ...මාව hospital admit කලේ තොප්පි භූතයා...ඒ දවස්වල jhope oppa කොරියාවේ හිටියේ නෑනේ..සති දෙකකට රට යනවා කීවේ...එතකොට දැන්...මම මේ room එකට එද්දි මම දැක්කා second floor එකේ jhope ඔප්පා jimin ඔප්පා එක්ක කතා කර කර ඉන්නවා...එයාට එතනයි මෙතනයි තැන් දෙකක ඉන්න බෑනේ...අනික jhope ඔප්පාට ඒම තොප්පි භූතයා වගේ වෙස්වලන් ඉන්න කිසිම අවශ්‍යතාවයක් නෑ...කොහොමත් මට පොඩ්ඩක්වත් කැමති නැති jhope ඔප්පා වෙස්වලාගෙන ඇවිත් තොප්පි භූතයා විදියට මට ලං වෙයි කියලා හිතන්නම බෑ...එහෙනම් ඇත්තටම මේ තොප්පි භූතයා කවුද....එයාට මොනවද ඕනි?ඇයි එයා හැන්ගිලා ජීවත් වෙන්නේ?එයා ඇත්තටම මට ආදරෙයිද?ඒත් මම තොප්පි භූතයාට ආදරේ නෑ...එයා ගැන මට අමුතු හැඟීමක් දැනෙන එක ඇත්ත..ඒත් ඒක මොකක්හරි attraction එකක් විතරයි...මම ආදරේ jhope ඔප්පාට විතරයි ..මම තොප්පි භූතයාට ආදරේ නෑ...මට එයා ගැන දුකයි ...ඒත් මට කරන්න දෙයක් නෑ...දෙයියනේ එතකොට මම වැරදිද...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now