Part 11

29 4 12
                                    

තමන් Bighit එකෙන් එලියට ආවේ කොහොමද කියලා හිරූට මතකයක් තිබ්බේ නෑ...එයා ඒකෙන් එලියට එද්දීත් රෑ 7ත් පහුවෙලා ...එයා ඔහේ පාරවල් දිගේ දුවගෙන ගියේ ඇස්වලටත් විවේකයක් නොදී...එයා එයාගේ shock එක නැතිවෙනකම්ම දිව්වා...අන්තිමට හුස්ම ගන්නත් බැරි තරම් මහන්සි දැනුණාම එයා නතර වුණා...හති අරින ගමන් එයා බැලුවේ එයා ඉන්නේ කොහෙද කියලා...එතකොට එයා දැක්කේ එයා ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන තැනක කියලා..

එයා හිමින් හිමින් ලගට ගිහින් ඒක පේන තැනක ඉස්සරහින් වාඩි වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා හිමින් හිමින් ලගට ගිහින් ඒක පේන තැනක ඉස්සරහින් වාඩි වුණා...කුලුණ දිහා බලාගෙන එයා කල්පනා කලා...එයාට දැනුණේ තද සීතලක්...මොකද වතුරත් නාලානේ හිටියේ...ඇස්වලින් ගලාගෙන එන කදුලු නවත්තගන්න එයා තොල් හපාගෙන උපරිම try එකක් දුන්නා...තමන් ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු ඒ ලස්සන ඇස් දෙක ඇයි තමන්ට මෙහෙම කලේ කියලා හිරූට තාමත් හිතාගන්න බෑ...ඒත් එයාට jhope එක්ක කිසිම තරහක් තිබ්බේ නෑ..කොහොමත් එයාට jhope එක්ක තරහ ගන්නත් බෑ..ඒ තරමට එයා jhope ට ආදරෙයි..එයාට තිබුණේ කේන්තියක් නෙවෙයි...ලොකු දුකක්...එයා තවත් හිතුවා...හිරූට හිතුව දේ තමයි වැරැද්ද කලේ හිරූමයි කියන එක...

"Oppa පව්...මහන්සි වෙලා practise කරලා break එකක් ගත්ත ටිකට මං ගිහින් එයාට වද දුන්නා....වැරැද්ද මගේ...එයා එහෙම කරපු එක සාධාරණයි....කාටවුණත් කේන්ති යනවනේ ඒ වගේ දෙයක් වුණාම...නිදහසක් තියෙන්න එපැයි එයාටත්...පව්..."

එයා වැරැද්ද එයාටම පටවගත්තේ jhopeට වචනෙකින්වත් බනින්නේ නැතුව..එයා ඇස් පියාගෙන හිතින් jhope oppaගෙන් සමාව ඉල්ලන්න ගත්තා...ටික වෙලාවක් එහෙම ඉද්දී එයාට දැනුණා එයාගේ ඇඟ වගේ මොකක් හරි උණුසුම් දෙයක් එතුණා කියලා...සීතලේ හිටපු එයාට ඒක ලොකු සනීපයක්...එයා ඇස් පියාගෙන ඒ උණුහුමට ගුලි වුණත් එකපාරටම මතක් වුණා එයා කොහෙද ඉන්නේ කියලා..එයා ඇස් ඇරලා බලද්දී එයා දැක්කේ එයාගේ ඇඟට දාලා තිබ්බ කළුපාට කෝට් එකක්...ඒක ගොඩක් උණුසුම්..ඒත් කවුද මේක එයාට දැම්මේ කියන ප්‍රශ්නේ නිසා එයා වටපිට බැලුවා...එතකොට එයා දැක්කා එයාට එහා පැත්තේ වාඩි වෙලා ඈත බලාගෙන ඉන්න සුපුරුදු රූපයක්....ඒ වෙනින් කවුරුත් නෙවෙයි...සුපුරුදු ඇදුමින් තොප්පි භූතයා...අදත් තොප්පියෙන් මූණ වහගෙන...ඇදුමින් හැමතැනම cover කරගෙන...හිරූ ට ඒ වෙලාවේ දැනුණ feeling එක මොකක්ද කියලා හිතාගන්න බැරි වුණා...ඒක පුදුමයද තරහද....ඒත් අද භූතයා වගේම හිරූත් සන්සුන්...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now