Part 34

36 5 3
                                    

This is hat man's pov okay guys?

කෙල්ල හැදුවේ පිහියෙන් එයාටම ඇන ගන්න කියලා මට තේරුණා..මම ඉක්මනට ඉස්සරහට පැනලා කෙල්ලගේ අතින් තදින් අල්ලගෙන ඒක නවත්තගත්තත් ඒකෙන් කෙල්ලගේ කේන්තිය තව වැඩි වුණා..

💜huh! ඇයි තමුන් මාව නවත්තන්නේ..මට නිදහසේ මැරෙන්නවත් දෙන්නේ නැද්ද තමුන්..අතාරිනවා මගේ අත..

💙එනවා මෙන්න මෙහාට ඕක අතෑරලා..මුරණ්ඩුකමයි කටයි නම් තියනවා ..තමුසෙට මැරෙන්න තරම් දෙයක් මං කලේ නෑනේ...

කියන ගමන් මම කෙල්ලගේ අත් දෙකෙන්ම අල්ලලා කෙල්ලගේ පිට මගේ පපුවේ වදින විදියට කෙල්ලව හිර කරගත්තා...කෙල්ල බේරෙන්න දඟලන අතරේ මම try කලේ කෙල්ල තාමත් අතේ හිර කරගෙන ඉන්න පිහිය ගන්න..ඒත් ඒක ලේසි වුණේ නෑ...කෙල්ල කොච්චර දැඟලුවත් ඒ අස්සේ පිහිය තදින්ම අල්ලගෙන හිටියේ..යාහ්..මේ කෙල්ල නම්...

💜අතාරිනවා මිනිහෝ මාව...ෂිට්..තමුන්ට ලැජ්ජා නැද්ද.. කිව්වම අහලා අතාරිනවා...

💙අතාරින්නම්...ඊට ඉස්සෙල්ලා මට ඔය පිහිය දෙනවා...

💜බෑ..මම දෙන්නේ නෑ..පුලුවන් නම් ගන්නවා...

මම පුලුවන් උපරිමයෙන් එක අතකින් කෙල්ලව අල්ලගෙන අනිත් අතින් පිහිය ඇද්දා...ඒත්..ඒ එක්කම වගේ කෙල්ල පහලට නැවුණා...ඒ කියන්නේ මම පිහිය ඇදලා ගන්න වෙලාවෙම ඒ වේගෙන්ම කෙල්ල ඉස්සරහට නැවුණා....ඒකෙන් වුණේ.......

💜ආව්...😖

ආ ෂිට්..කෙල්ලගේ අත කැපුනා නේද🤦‍♂️😖ආහ්....මීට හොදයි මමම මේ පිහියෙන් ඇන ගත්තා නම්...මේ කෙල්ල..දගලලා දගලලා ඔය කරගත්තේ..🤦‍♂️ආයිශ් අතින් ලේ ගලනවා හොදටම..කෙල්ලගේ ඇස්වලට පිරුණු කදුලු කෙල්ල බොහොම අමාරුවෙන් තොලත් හපාගෙන නවත්තගන්නවා මම දැක්කා...මම කෙල්ලගේ අත ඇදලා ගත්තේ කෙල්ල අල්ලන්න එපා කියලා කෑගහද්දිමයි...ආහ්...අතේ මැණික් කටුවෙන් ටිකක් පහල ඉදලා වැලමිට ලගටම එනකම් පිහි පාර ගිහින්...කෙල්ලගේ අත රතුම රතු වෙලා ඒ මදිවට හොදටම ලේ යනවා...

💙මෝඩි...මම කිව්වා තමුන්ට දඟලන්නේ නැතුව ඉන්නවා කියලා .ඇහුවේ නෑනේ..දැන් සන්තෝස ඇතිනේ😒අතත් කපාගත්තා මෝඩ කෙල්ල😒😤

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now