අවසන් පරිච්ඡේදය

2.3K 314 92
                                    




'අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැදුනේ...

මාවත අවහිර නිමවා
දළ රළ පෙළ සැතපෙනවා
සැලමුතු සෙනෙහස මද පවනක් වී
ගැබරේ නිම මුමුනනවා...'

සුනිල් එදිරිසිංහ කියන අහස දැන් මගේ.. ඒ අහස් ද අම්බර ද.. දෙකම එකම තේරුම.. දෙන්නම මගේ.. ඉතින් මටත් කියන්න තියෙන්නේ දිගු දිවි ගමනේ ඉම ඔබ රැදුනේ කියන්න තමයි..

අන්තයක් නැති අහසේ මගේ නිම්හිම් නැති අම්බර..

ඉතින් මගේ ෆෝන් එකේ ඒ සිංදුව play වෙද්දි අපි දෙන්නම එකට හුස්ම ගන්න ගමන් දම්පාට වීගෙන එන අහස දිහා බලාගෙන හිටියා. එන හුලග මං අත් නිදහසේ තියන් වින්දත් අම්බර එයාගේ අතර බිම පපිලා තිබ්බ පොඩි කහ පාට මල් දෙකක් කඩලා අරන් ඇගිලි අස්සේ තියන් කරකවන ගමන් හිටියේ. යාන්තමට තරුවක් දෙකක් අහසේ දිලිසුනත් ඒවට මගේ එහා පැත්තේ වැතිරිලා ඉන්න තරුව තරම් දිලිසෙන්න බෑ කියලා මම දන්නවා.

"අර තරුව බලන්න"

මං අතක් දික් කරලා පායගෙන එන පොඩි තරුවක් අම්බර ට පෙන්නුවා.

"ඒක ලස්සනයි.."

"ඒ මං.. මං ඔයා දිහා බලන් ඉන්නවා"

"වැරදියි"

මං ඒ කිව්වම අම්බර ඒ තරුව දිහා බලන් කියෙව්වා.

"ඇයි වැරදි?"

මං පුදුමෙන් වගේ අහද්දි එයාගේ මූනට හිනාවක් ආවා.

"ඔයා තමයි ඉර"

අම්බර මං දිහා බලන් කියද්දි මං කල්පනා කරන්න ගත්තා.. මං ඉර?

"මම ඉර නම් ඔයා තමයි ඉරටත් වඩා ලොකු තරුව"

"නෑ... "

ඒත් නෑ...?

"එහෙනම්"

"මං ග්‍රහලෝකයක්"

ඒ කොහොමද..

"ඒ කොහොමද! ඇයි ඒ?"

"මොකද... මට තරුවක් වෙන්න ඕනේ නැති නිසා, මොකද... මට එලිය දෙන්න දැන් කෙනෙක් ඉන්න නිසා... සියූ ඔයා තමයි මාව එලිය කරන ලොකුම තරුව.. ග්‍රහලෝකෙකට කවදාවත් ඉර නැතුව දිලිසෙන්න බෑ වගේ මටත් ඔයා නැතුව ජිවත් වෙන්න බෑ..."

අපි පියවි ✓Where stories live. Discover now