4 වන පරිච්ඡේදය

1.3K 266 19
                                    





"මං දිහා බලන් ඉන්නේ practice කරනවා ඉතින්!!"

මෙච්චර වෙලා violin එකත් අතේ තියන් කුනු කුනු ගගා හිටපු නොබෝ දිනකින් යස අගේට හිටපු මාව අර වාත හුචක්කුවේ වහලා කරන්න හදන මගේ රත්තරන් වටින යාලුවගේ මැටි මොලේට මං තට්ටුවක් දාන ගමන් කිව්වා.

"කරනවා තමයි බං මට දැන් වැඩි කල් යන්න කලින් violin ගහලම වමනේ යනවා! අම්මපා උබට තිබ්බා violin master කෙනෙක් වෙන්න! උබ ගාව ඉදන් කවුරු හරි මෙහෙම practice කරානම් එහෙම ආයේ ඉතින් අම්බර පරාදයි"

"ආ... ඒ කියන්නේ දැන් උබට එයාව පරද්දන්න පුලුවන් ඇතිනේ නේද?? මගුලක් කියන්නැතුව practice කරනවා ඕයි!!"

කරපු හරිය මදිවෙලා තව කියවන්නත් එනවා! දැන් කිරුළ දවස් හතරක් තිස්සේ මගේ ගෙදර ඉදන් මේ අර මගුලට practice කරනවා. ඌට විතරක් නෙමෙයි මේ කන්දොස්කිරියාව අහන් ඉදලා මටත් දැන් වමනෙට වගේ. වමනේ වගේ ද අර යකාගේ වහලෙක් වෙන්න උනොත්! ඒක නිසා වමනේ ගියත් කමක් නෑ කියලා අමාරුවෙන් හරි අහගෙන හිටියා. ඔය මොනවා කරත් මගේ Linkingduck ට මේක අහන් ඉන්න පුලුවන් උනේ එක දවසයි. එදයින් පස්සේ ඌ ත් ගෙදර පැත්ත පලාතේ එන්නේ නැතුව අල්ලපු වත්තට වෙලා ඉන්න ගත්තා. ඒක දකිද්දි නම් මට හීන් දාඩියකුත් දැම්මා. ඇයි ඉතින් ගෙදර පූසට මූ ගහන එක අහන් ඉන්න බෑ කියන්නේ ඉතින් මිනිස්සු ගැන ආයේ කුමන කතාද..

"මේ උබ මාව අමාරුවේ දාන්නේ නෑනේ? බලහන් උබව බේරන්න ගිහින් අන්තිමේදි කොහෙවත් ඉන්න මට වහල් කමකුත් සෙට් වෙන්න යන්නේ!"

"හරි උබ බය වෙන්නේ නැතුව හිටපන් මං වැඩේ ගානට කරලා දෙන්නම්"

යැයි යැයි තමා! අර අම්බර ගේ වහලෙක් වෙන්න වුනොත් මං උබේ අලු ගොඩ වත් ඉතුරු කරන්නේ නෑ පුතෝ!

කෝම හරි මේක කරන්න හිතන් ඉන්නේ දෙපැත්තටම අසාධාරනයක් වෙන්නේ නැති විදිහට. ඒ කියනනේ එදාට play කරන්නේ කවුද කියලා බලන් ඉන්න කාටවත් පේන්නේ නෑ. බලන් ඉන්න අයට ඇහෙන්නේ play කරන එක විතරයි. එකම melody එක දෙන්නා දෙපාරකට play කරනවා. ඊට පස්සේ අහන් හිටපු අය එයාලා කැමති කෙනාට දීලා තියෙන letter එක ගාවින් වෝට් එක දෙනවා. එතනින් එහාට වෙන දේ කියන්න ඕනේ නෑනේ ඉතින් වැඩිම වෝට් ගාන හම්බෙන කෙනා දිනනවා.

අපි පියවි ✓Where stories live. Discover now