29 වන පරිච්ඡේදය

1K 216 8
                                    




"ඒ මොකටද සියූ?"

මං මෙච්චර වැරදි ගොඩක් කරලත් මම සමාව ඉල්ලද්දි මෙයා කොහොම දෙවියනේ ඒ මොකටද කියලා මගෙන් අහන්නේ... මට තවත් ඇඩෙන්න ආවා.

"ඔයා අඩනවා! සියූ මෙහෙ එන්න.. ආහ්!"

මගේ කදුලු බේරෙනවා දකිද්දි අම්බර ඒවා පිහදාන්න එයාගේ අත උස්සන්න යනකොට එයාට නිකන්ම කෑගැස්සුනා.

"අනේ.!! අනේ අම්බර ඔහොම ඉන්න හෙලවෙන්න එපා..."

මං එයාගේ අල්ලන් හිටපු අත හිමීට එයාගේ ඇග උඩින් තිබ්බේ මගේ ඇග ඇතුලේ ආයෙමත් පුපුරු ගහන තරම් කේන්තියක් ඉපදෙද්දී..

"මං අර මිනිහව මරන්න ද..."

"සියෙ... ඔයාට එයාව මැරුවා කියලා ඔයාට ඕන පලිය ගන්න වෙන්නේ නෑනේ"

අම්බර කොහොමද මෙච්චර අමාරු තියෙද්දිත් මගේ හිත නිවන විදිහට කතා කරන්නේ...

"අම්බර.."

"විස නසන්න විසක් ඕනේ කියනවා සියූ... ඔයා ගාව ඒ විස ති-"

"මං ගාව ඒක තියෙනවා!! තියෙනව නම් නෙමෙයි ඒක මං ගාව දැන් උනත් තියෙනවා!! ඔයාම මට දීපු එක මං ගාව නෑ කියලද ඔයා හිතන්නේ!"

වෙව්ලන වචනත් එක්ක මගේ කදුලු ගලන එක මට ම නවත්ත ගන්න බෑ.. ඒත් කමක් නෑ.. මට අම්බර ට මගේ කදුලු පෙන්නන්න ඕනේ..! අවුරුදු ගානකට පස්සේ එයා මට අරන් දීපුවා පෙන්නන්න ඕනේ... තව දුරටත් මං හිස් කලගෙඩියක් නෙමෙයි කියලා එයාට පෙන්නන්න ඕනේ..!

"සියූ ඔයා කියන්නේ ඔයාට..?"

මං හිතුවා වගේම එයාට පුදුමයි. එයාට විතරක් නෙමෙයි හැමෝටම පුදුමයි...

"ඇයි ඔයා පුදුම වෙන්නේ අම්බර? මට හරියන හොඳම බෙහෙත තියෙන කෙනා මං ගාවම ඉද්දි මට සනීප වෙන්නේ නැතුව තියෙයි කියලා හිතුව ද...."

"සියූ.."

"මට සමාවෙන්න.. හිතක් පපුවක් නැතුව කරපු හැම දේටම දැන් හිතක් පපුවක් තියෙන මනුස්සයෙක් විදිහට මං ඔයාගෙන් සමාව ඉල්ලනවා..."

වේදනාව ඉවසන් ඉන්න බැරිම තැන මං අම්බර ව බදාගෙන එයාගේ උරහිසට ඔලුව ගහගෙන අඩන්න ගත්තා. හිතේ වේදනාව මේ වගේ.. දුක මේ වගේ.. ඒක ගොඩක් රිදෙනවා හරියට පන පිටින් වලලනවා වගේ හුස්ම හිර කරනවා, පන පිටින් හම ගහනවා වගේ රිදුම් දෙනවා. මේ හැම දෙයක්ම මට දැනෙන්න මං ආදරේ කරන කෙනාට අතක් පයක් උස්ස ගන්න බැරි විදිහටම ඇදට වැටෙන කල් ඉන්න උන එකට මට මටම ගහගන්න හිතෙනවා. දෙවියෝ මට කොහොම දඩුවම් කරත් මට දැන් කිසිම දුකක් නෑ..

"සියූ.. අනේ ඔය අඩන එක දැන් නවත්තන්න මගේ හොඳ ළමයා වගේ ම්.. ඔයා සමාව ගන්න ඕනේ නෑනේ සියූ.. ඔයාගේ වැරද්දක් නෑ.."

අපි පියවි ✓जहाँ कहानियाँ रहती हैं। अभी खोजें