2 වන පරිච්ඡේදය

1.6K 281 16
                                    


"දැන් මාරු ඕන වෙන එකක් නෑ මල්ලෝ!"

අර කලින් කතා කරේ කවුද කියලා බලන්න මං බෑග් එකෙන් ඔලුව ගනිද්දි ඒ කේනා දැනටමත් bookshop එකේ දොරත් ඇරන් එලියට ගිහින් ඉවරයි. ඉතින් මං cashier අක්කා දිහා බැලුවා.

"අර green color ෂර්ට් එකද ඒ?"

පෙනුන විදිහට එයා ඇදන් හිටියේ ඒ පාට ෂර්ට් එකක්. දැන් මං ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තර දෙන්නේ නැතුව මෙයා ඇයි කටත් ඇරන් දොර දිහා බලන් ඉන්නේ? බෑනේ ඉතින් මං මේසෙට තට්ටු කරා.

"ඔ.. ඕ... ඒ එයා තමයි!!"

මේ මොකෝ මේ? Cashier අක්කා දොර දිහා බලන් හිටියේ හරියට කකුලේ චූටි ඇගිල්ල මේසේ වැදිලා වගේ. මට කමක් නෑ මං ඉක්මනට tape එකේ තියෙන පොඩි බෑන්ඩ් එකෙන් ඒක අත වටේ දාගෙන ඉක්මනට අර කොල පාට ෂර්ට් එක පිටි පස්සෙන් දිව්වා. වෙන මොනාටවත් නෙමෙයි එයාට සල්ලි දෙන්න. මං කැමති නෑ මං වෙනුවෙන් කවුරුවත් මොනාටවත් වියදම් කරනවට.

"ඒ...! ඔහොම ඉන්න!"

මෙයාගේ කකුල් දෙකේ රෝද හයිකරලද අප්පා තියෙන්නේ මෙච්චර ඉක්මනට යන්නේ? ඈ... පොඩ්ඩක් ඉන්න එයා අපේ University එකේ කෙනෙක්! එහෙනම් ලේසියි. ඒ වුනාට බුවාව අල්ලන්න මට ගම හරහා දුවන්න වෙන සීන් එකක් තියෙන්න!

"ඒ.. කොල පා... ට!"

හරි තව ටිකයි! ඔහොම ඉන්නවා මේ ස ල් ලි.. අ ර න් ය..

"ඕ.. ඕ.. ඕ~~!!!!"

ඒ සද්දේ මට ඇහුනේ මං දැන් මේ පාවෙන ගමන් තිබ්බ පාරේ කොනේ ඉදන් ඉන්න කොල්ලෝ සෙට් එකකගේ කටින්. ඕ ඔයා කියෙව්වා හරි දැන් දුවන් එද්දි මගේ කකුල් පැටලුනා... ආපු වේගෙත් එක්ක... අනේ මගේ දත් සෙට් එක~~~

වෙන්න යන අලාභහානිය හිතා ගන්න බැරුව මං ඇස් දෙක තද කරලා පියාගත්තා. ජිවීතේ පලවෙනි වතාවට මගේ දත් සෙට් එක ගැන මට මහ අමුතුම විදිහේ හැගීමක් පහල වුනා. මං දන්න විදිහට ඒකට කියන්නේ බය කියලා... ඒකත් හරි ඒත්....... දෙවියනේ මං මෙච්චර ඉක්මනට මැරුනද??? ඇයි මට මුකුත් තේරෙන්නේ නැත්තේ?? අනේ මට දැන්ම මැරෙන්න බෑ...

මටත් පිස්සු නේ! ලිස්සලා වැටුන පලියට කවුද අනේ මැරෙන්නේ! ඕන එකක් කියලා මං තද කරගෙන හිටපු ඇස් දෙක හිමීට ඇරියා ඒත් දෙවියනේ ඔක්කොම සුදුපාටයි... ලොකු එලියක් පේනවා.. ඒ එලියත් එහාට කරගෙන තව කවුද කෙනෙක් මං දිහා බලන් ඉන්නවා. හරියට... දෙවි කෙනෙක් වගේ... මොකක්!!! දෙවි කෙනෙක්?? ඒ කියන්නේ මං ඇත්තටම මැරිලද අනේ දෙවියනේ??

අපි පියවි ✓Where stories live. Discover now