25 වන පරිච්ඡේදය

1K 215 9
                                    





"ලස්සන නමක්!"

හසිතක කිව්වේ මගේ උඩ ඉඳන් පහලට බලන ගමන්.. එයා මොනාද මෙහෙ කරන්නේ?

"මගේ අම්බර ඔයාගේ නමට ද කැමති උනේ?"

ඒ ඇහුන පළවෙනි වචනෙටම මගේ පපුව නතර උනා.. මොකද්ද කිව්වේ!!? මගේ අම්බර!?

"ඔයාට මොකද්ද වෙන්න ඕනේ?"

ඒකත් ඇයි එයා මාව හොයන් ඇවිත් තියෙන්නේ??

"අපි ටිකක් කතා කරමු? ගොඩින් බේරගන්න පුලුවන් වෙද්දි මඩෙන් නතර වෙන්න ඕනේ නෑනේ"

"මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑනේ"

මට මොනා නැතත් මිනිස්සුත් එක්ක එකට එක කියවන්න නම් හොඳට පුලුවන්. ඒත් මගේ හිත රිදෙන්න ගනිද්දි කැපිලා යන එක වචනයක්වත් මගේ ඔලුවට එන්නේ නෑ. කොහොම එයා මගේ අම්බර කියන්න තරම් එයාට ලං වුනේ??

"ඒ උනාට මට තියෙනවනේ.."

"කියන්න තියෙන දෙයක් මෙහෙම කියන්න"

"ම්... ඒවා මට මෙහෙම පාර මැද්දේ හිටගෙන කියන්න බෑ"

"මාත් එක්ක කතා කරන්න තරම් ඔයාට මොනාද ඔච්චරටම තියෙන්නේ?"

"මටද? මට ගොඩක් තියෙනවා.."

"sorry මං ඔයාව දන්නේ නෑ!"

"ඒත් මං ඔයාව දන්නවා"

මොන එකක්ද මේ..

"ඔයා කොහොමද මාව දන්නේ??"

"දන්නේ.. දන්නේ මගේ boyfriend ව මගෙන් උදුර ගන්න යන කෙනා විදිහට!"

" මොකක්?? "

Boyfriend?? මේ අම්බර? මොනාද මේ මනුස්සයා කියවන්නේ කොහොමද එහෙම දෙයක් වෙන්නේ!! කොහොමද කවද්ද අම්බර මෙයාගේ boyfriend උනේ?! නෑ නෑ මෙයා මට බොරු කියන්නේ එයා ට කවදාවත් එහෙම කෙනෙක් ඉන්න බෑ!!!

"බොරු කියන්න එපා!"

"සාක්ෂි පෙන්නුවොත්?"

මොකක්??? සාක්ෂි? නෑ.. නෑ දෙවියනේ ඔයාලා මාව ආයේ හීනෙකට යැව්වද!!? මං හීනෙක නේද ඉන්නේ! සාක්ෂි පෙන්නන්න තරම් මොකද්ද මේ දෙන්නා...

"ඔයා ආවොත් ඔය අවුල් වෙලා වගේ තියෙන ඔලුව නිදහස් කර ගන්න පුලුවන්"

අපි පියවි ✓Where stories live. Discover now