33 වන පරිච්ඡේදය

1.1K 204 13
                                    





මං අම්බර ගේ වම් අත මගේ අත් දෙකට ගත්තා. අතේ මැණික් කටුව වටේට තිබ්බ තුවාල සේරම වගේ දැන් සනීප වෙලා තියන්නේ. ඒත් ඉස්සර තරම් නැති උනත් එතනින් නවද්දි තාමත් එයා ට ටිකක් රිදෙනවා.

මට බෑ මං එයාව ඉක්මනට හොඳ කරනවා. මොකද එයාට විතරක් නෙමෙයි මේක මටත් රිදෙනවා. ඒක නිසා මම හැමදාම ඒ වෙනුවෙන් කරන්න තියෙන හැම දේම කරනවා. දැන් වූනත්..

"තාම රිදෙනව ද..."

මං ඒ අත massage කරන ගමන් ඉන්නේ.

"දැන් වැඩිය නෑ සියූ.."

එයාට දුකයි.. මං දන්නවා අම්බර ඒක එයාගේ මූනෙන් පේන්නුවෙ නැති උනාට එයා හිතෙන් ඒ ගැන දුක් වෙනවා.. ඒක මං හොඳටම දන්නවා. අපිට කවදාවත් අතීතයේ වුන දේවල් අතීතෙට ගිහින් හරි ගස්සන්න බෑ. ඒ දේවල් අපිට ආයේ අපේ ගාවට ගන්නත් බෑ.. ඒ නිසාමද කොහෙද අම්බර එදායින් පස්සේ එයාගේ violin එක ගැන එක වචනයක් වත් කතා කරේ නෑ..

හිතන්න ජීවිත කාලේ තමන් වැඩියෙන්ම ආදරේ කරපු තමන්ගේ හැම දුකේදිම සැපේදිම ලග හිටපු කෙනා ඔයාගේ අතින්ම මරලා දැම්මම දැනෙන හැගීම.. එයා ආයෙත් ඔයා ගාවට එන්නේ නෑ කියලා දැනෙද්දි දැනෙන දුක... ඒ violin එක මගේ නොවුනත් මතක්වෙන මතක්වෙන හැම වෙලාවෙම මගේ ඇස් වලට කදුලු එනවනම් අම්බර ට එතකොට කොහොම ඒක දැනෙනවා ඇත්ද..

"අපි යන්නේ කීයටද?"

"මං මැඩම් meet වෙලා එන්නම්. ඊට පස්සේ යන්න පුලුවන් මට එයාට thanks කරන්න ඕනේ..."

මං එහෙම කියද්දි අම්බර මං දිහා මූන ප්‍රශ්නාර්තයක් කරගෙන බලන් හිටියා.

"ඒ මොනාටද? ඔයාට එයාව පෙන්නන්න බෑ නේද?"

අම්බර ඒ කිව්වම මට හිනා ගියා. ඇත්ත ඉතින්... මට එයාව පෙන්නන්න බෑ තමයි ඒ ඉස්සර. ඒ නපුරු මැඩම් මට මගේ campus ජිවිතේ බයන්කර කරා තමයි. ඒත් අන්තිමට ඒක ලස්සන කරෙත් එයාම තමයි. අපේ ආදරේට පුදුම විදිහට හයිය බේස්මන්ට් එකක් දැම්මේ එයා. එයාගේ අදහස්...

"එයා නැත්තන් අද ඔයාට සියූ කෙනෙකුත් නෑ... මේ සියලූ ට හැගීම දැනීමුත් නෑ.."

මං එහෙම කියලා අම්බර ගේ ඔඩොක්කුවෙන් නැගිට්ටා.

"යං.. ඔයා මං එනකල් ඉන්නවද නැත්තන් මාත් එක්ක යන්න එනවද?"

අපි පියවි ✓حيث تعيش القصص. اكتشف الآن