27 වන පරිච්ඡේදය

1K 217 13
                                    




"ඔයාට ඔච්චරටම මාව අවිශ්වාස නම්.. ආදරේ කියන්නේ විශ්වාසෙම නෙමෙයි සියූ.. විශ්වාසේ බිදුනත් හරි ආදරේට කවදාවත් බිදෙන්න බෑ..."

අය්බර ගෙයි මගේ පරතරේ නූලටම බැහැලා තියෙන තැන එයාගේ රතු වෙලා තියෙන ඇස් දිහා මං බැලුවම වැස්සට එයාගේ කදුලු මට හොයා ගන්න බෑ එත් ඔන්න ආයෙත්.. ආයෙමත් මම එයාගේ වචන පස්සේ යනවා හරියට පොඩි ළමයෙක් වගේ..

ඒත එයාගේ තුවාල වෙලා තියේන මූන දිහා මං තව එක පාරක් බැලුවා.

"මට යන්න දෙන්න අම්බර"

මං අම්බර ව තල්ලු කරන ගමන් එතනින් දුවන් ආවා.. යන්නේ කොහෙද බලන්නෙත් නැතුව දුවන් ආවා.. මට මොකද්ද මේ වෙන්නේ?? මං ජීවිතේට අම්බර ගේ මූන අල්ලලා නෑ ඒත් මට දැන් ටිකකට කලින් ඒක කරන්න හිතුනා... මට බැහැ!! මං මුරන්ඩුද නැත්තන් මගේ හිත මුරන්ඩුද? මගේ ඇස් දෙකෙන් දැක්ක දේවලුත් එක්ක ඔයා කියන්නේ මට ඔයාට කැමති වෙන්න කියලද?? ඔයාගේ අවුලක් නෑ ඒත් අර මනුස්සයා කියනවනම් මං වදයක් කියලා මිනිස්සුන්ට වදයක් වෙන තරම් මං අකමැති දෙයක් මට තවත් නෑ!

අද මං වැස්සෙම තෙමි තෙමිම අද ගෙදර ආවා. කල්පනාවක් නෑ.. අම්බර ගේ තොල් පාරවල් තාමත් මගේ තොල් උඩ රිදුම් කනවා.. ඉතින් මගේ ඇගිලි තිබ්බෙ ඒ උඩ.. ඒ රිදෙන නිසා නෙමෙයි කියලා නම් මගේ හිත හොඳටම දන්නවා.. ඒත් මෙහෙම හෙට මට crit එකට යන්න පුලුවන් වෙයිද?

ඇත්තටම මං කරන දේවල් දිහා බලන් ඉන්න මිනිස්සු හිතයි මම කිසිම හැගීමක් නැති මනුස්සයෙක් කියලා.. ඉතින් ඇත්ත! මට හැගීම් නෑ! මට හැගීම් දීපු මනුස්සයම ඒවා ආයේ මගෙන් ගත්තා.

උගුරට පිස්සුද නැත්තන් මගේ තියෙන පිස්සුව වැඩි වෙලාද එන්න එන්නම මගේ උගුර හිර උනා මිසක ඒකේ කිසි ලිහිලක් තිබ්බේ නෑ... ඒත් කොහොමද..කරන්න වෑඩ ගොඩයි.. ඉතින් බැරි බැරි ගාතේ හරි මං තෙත ඇදුම් මාරු කරලා හෙට ගෙනියන හැම drawing එකක්ම හැම panel එකක්ම ලෑස්ති කරලා ඇදට වැටුනා. මට පුදුම තරම් සීතලයි ඉන්නම බැරි තැන heater එකත් on කර ගත්තා..

රෑ වෙද්දි රෙද්දත් ඔලුවටම පොරවගෙන ඇස් දෙක පියා ගනිද්දි.. හිතුවා.. එයා මට කතා කරයි කියලා මට හැම තත්පරේම හිතුනා.. ඉතින් දැන් ඒ වෙලාව ඇවිත්.. අය්බර... කවදාවත් නැතුව අද මගේ අත එයා කෝල් කරද්දි phone එක ලගට ගියා.

අපි පියවි ✓Where stories live. Discover now