24 වන පරිච්ඡේදය

1K 220 9
                                    




. ඒත් මැරෙනකල්? මං ඔයා එක්ක මැරෙනකල් ඉදීද අම්බර? එහෙම ඉන්න නම්... ඒ ගැන හිතද්දිත් මගේ පපුව ගැහෙන්න ගන්නවා.. මට දැන් හිතෙන දේ හරි නම්.. මේ දවස් ටිකට මං මටත් නොදැනිම වෙනස් වෙලා. දන්නවද මං කාටවත් ඉරිසියා කලා නෑ මොකද මට එහෙම දෙයක් දැනිලා නෑ...

ඒත්!

අර හසිතක ද කවුද කියන කෙනා ගැන මට පුදුම විදිහට ඉරිසියා හිතුනා.. තාම හිතෙනවා..අම්බර දිහා බලන ගානක් ගානේ මට එයාගේ ඇස් දෙක තද කරලා ගැට ගහන්න හිතුනා..

වාහනේ නම් දැන් එයාගේ පාඩුවේ කදු බහිනවා.. රෑට හරි ලස්සනයි ඇයි ඈත කදු වල ලයිට් දාලා පේන්නේ නිකන් අහස වගේ.. අපි අහසේ ඉන්නවා වගේ ඒත්.. ඊට වඩා අහසක් මාව දැන් බදාගෙන ඉන්නවනේ..

ඉතින් මං බැලුවේ මගේ අතත් බදාගෙන නිදාගෙන ඉන්න අම්බර දිහා බැලුවා. ඒ බලන් ඉන්න තත්පරයක් ගානේ මාව අලුත් වෙනවා.. එයා මට හැගීම් දෙන්නේ හරියට එයාගේ violin එකෙන් අලුත් ස්වර පිටවෙනවා වගේ.. ඒක වචන වලින් මට කියන්න තේරෙන්නේ නෑ.. අපි හම්බුන මුල් කාලේ මම හැසිරුණ විදිහයි දැන් හැසිරෙණ විදිහයි දිහා බැලුවම මටම හිනත් යනවා.

ඇහැරවන්න හිත දෙන්නේ නෑති නිසාය මං අම්බර ගේ කොන්ඩේ අස්සට මගේ ඇගිලි යවලා අතගාන්න ගත්තම එයා තව ටිකක් මං ගාවට ඇවිත් අනිත් අතත් මගේ වටේට යවා ගත්තා. දැන් මං සමනල් ලෝකයක්.

ඉන්න මට දැන් ලොකු ප්‍රශ්න දෙකක් අවා.. ඒත් මට ඒක අහන්න බෑ ඒත්.. මගෙන් නොහාත් බෑ..

'අම්බර ඔයාට කැමතියිවත්ද? නැත්තන් ඔයා අම්බර ට කැමතියි ද?'

ඔන්න මගේ පපුව ගැහෙන්න ගන්නවා.. මෙහෙම ගියොත් දැන් අම්බර ට ඒක ඇහෙයිද? මොකද දැන් එයා ඉන්නේ මගේ පපුවටම ලං වෙලා.. ඉතින් බයටම මං හුස්ම ගන්න එකත් අඩු කරලා අනිත් අතෙන් අම්බර ගේ මූනට වැටිලා තියෙන කොන්ඩ කෑලි ටික අයින් කරා..

එතකොට තමයි මං දැක්කේ එයා මගේ අතේ අලවපු sticker එක.. මම දන්නෑ ඒකෙන් එයා මොනා කියන්න හදනවද කියලා.. ඒත් මං කලින් ඒවා විසික් කරන්න හදපු එකට දැන් තරහක් ආවා මොකද මේක දකිනකොට හසිතක ගේ මූන කලු වුන විදිහ මට තාම මතකයි.. හොඳ වෙලාවට මං එහෙම කරේ නැත්තේ.

අපි පියවි ✓Where stories live. Discover now